පරණ පාර්ලිමේන්තු කැදවන කතා අවසන්.. ඡන්ද පත‍්‍රිකා මුද‍්‍රණයට මැතිවරණ කොමිසම රජයේ මුද‍්‍රණාලයට දැනුම් දේ..

May 29, 2020 at 11:20 am | lanka C news
පරණ පාර්ලිමේන්තු කැදවන කතා අවසන්.. ඡන්ද පත‍්‍රිකා මුද‍්‍රණයට මැතිවරණ කොමිසම රජයේ මුද‍්‍රණාලයට දැනුම් දේ..

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා සූදානමින් සිටින ලෙස රජයේ මුද්‍රණාලයට මැතිවරණ කොමිෂන් සභා විසින් දැනුම්දී තිබේ.

ඊයේ දිනයේ මෙම දැනුම්දීම කරමින් මැතිවරණ කොමිසම සඳහන් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ලැබුණු විගස ඡන්දය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරන නිසා පත්‍රිකා මුද්‍රණය සැලසුම් කර ගන්නා ලෙසයි.

ඒ අනුව ඡන්ද පත්‍රිකා මුද්‍රණය ට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බව රජයේ මුද්‍රණාලය මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළාය.

මැතිවරණ කොමිසමෙන් දැනුම් දෙන ඕනෑම මොහොතක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර බාර දීමට සූදානම් යැයි ද ඇය පැවසුවාය.

214 views
Main News