පරණ යකඩ එකතුකරන මුවාවෙන් බෝම්බ එකතුකරයි…

June 23, 2022 at 2:10 am | lanka C news
පරණ යකඩ එකතුකරන මුවාවෙන් බෝම්බ එකතුකරයි…

අබලි යකඩ එකතු කරන මුවාවෙන් විවිධ වර්ගයේ බෝම්බ එකතු කරමින් සිටි සැකකරුව්න දෙදෙනෙකු කිලිනොච්චිය කච්චායි, පූලෝප්පලෙයි ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද සෝදිසියකදී නිවසක් තුල සඟවා තිබූ අදාල බෝම්බ තොගය සොයාගනු ලැබීය.

එහිදී සඟවා තිබූ මෝටාර් උණ්ඩ, ආර්.පී.ජී. උණ්ඩ, කාලතුවක්කු උණ්ඩ ඇතුලු බෝම්බ 6 ක් පමණ තිබී සොයාගෙන ඇති අතර අදාල බෝම්බ සඟවා තිබූ නිවසෙහි හිමිකරුවන් අබලි යකඩ එකතු කිරීමේ මුවාවෙන් මෙම බෝම්බ සොයාගෙන ඇත.

යුද සමයේදී කොටි ත්‍රස්තයින් විසින් වලදමන ලද සහ සඟවන ලද බෝම්බ මෙලෙස සොයා එම බෝම්බ ගලවා පුපුරණද්‍රව්‍ය සාදා විකිණීමේ කටයුතු වල නිරතව ඇති බවටත් නීතිවිරෝධීව මසුන් අල්ලන ධීවරයින් වෙතට එම පුපුරණදුව්‍ය විකිණීමට සැකකරුවන් විසින් පියවර ගෙන ඇතැයිද පොලිස් විශේෂ කාර්ය බලකාය සැක පලකර සිටියි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් දෙදෙනා සහ බෝම්බ තොගය වැඩිදුර පරික්ෂණ සඳහා මරුදන්කේනි පොලීසිය වෙතට භාරදීමට පියවර ගත්තේයැයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23,722 views

One Comment to “පරණ යකඩ එකතුකරන මුවාවෙන් බෝම්බ එකතුකරයි…”

  1. Jana says:

    බලා ගෙනයි. හොදට පරීක්ෂාවෙන් සිටිය යුතුයි නැවතත් පටන් ගනීවි.

Main News