පරණ යකඩ රැගෙන යන මුවාවෙන් ගෙන ගිය කෝටි භාගයක කේරල ගංජා අත්අඩංගුවේ..
April 19, 2018 at 2:08 am | lanka C news
අබලි යකඩ රැගෙන යන මුවාවෙන් ඉතා සූක්ෂමව කේරල ගංජා කිලෝ 37 ක ප්‍රමාණයක් රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු (18) සංගුපිඩ්ඩි පාලම අසලදී අත්අඩංගුවට ගත් බව පුනරීන් පොලීසිය කියා සිටියේය.
යාපනය සිට පුත්තලම දක්වා රුපියල් ලක්ෂ 50 ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 37 ක් ලොරි රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයින් තිදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ලොරි රථයක සූක්ෂම ලෙස සඟවා මත්ද්‍රව්‍ය රැගෙන යන පිරිසක් පිළිබඳ පුනරින් පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන ගෙන තිබේ.
සැකකරුවන් දීර්ඝ කාලයක සිට අබිලි යකඩ ප්‍රවාහනය කරන මුවාවෙන් යාපනය සිට කේරළ ගංජා රැගෙන ගොස් ඇති බවටත් අත්අංගුවට ගත් සැකකරුවන් පුත්තලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ත් 24 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.
පොලිස් බාරයට ගත් කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් යාපනය සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් මිලදී ගෙන පුත්තලම ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවටත් අදාල යාපනයේ තැරව් කරුවන් අත්අඩගුවට ගැනීම සඳහා පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටත් සැකකරුවන් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පුනරීන් පොලීෂිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මුස්ලිම් ජාතිකයින් දැන් වැඩියෙන් පාවිච්චි කරන්නේ කේරල ගංජා .. මහනුවර කේරල ගංජා ව්‍යාපාරය ඉතා සීග්‍රයෙන් සිදුවනවා ..මුස්ලිම් කාන්තාවන් ගංජා රැගෙන යන්නේ ත්‍රිවිල් වලින් ..ඒ ගැන සොයා බලන්න …ඒවා පරීක්ෂා නොකරන්නේ ඔවුන් කප්පන් මුදල් දෙන නිසා බව පැවසේ ..