පරණ ෆයිල් උඩට ඇදේ.. ටීබී ඒකනායක කැදවයි.. චෝදනාව මල්වතු-අස්ගිරි උපසම්පදා උත්සව සදහා රජයේ කැබ් රථයක් යෙදවීම..

May 20, 2018 at 3:26 am | lanka C news
පරණ ෆයිල් උඩට ඇදේ.. ටීබී ඒකනායක කැදවයි.. චෝදනාව මල්වතු-අස්ගිරි උපසම්පදා උත්සව සදහා රජයේ කැබ් රථයක් යෙදවීම..

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රි ටී.බී. ඒකනායක මහතාට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

එළැඹෙන 24 වැනිදා එහි පෙනී සිටින්නැයි දන්වා ඇත්තේ පසුගිය රජයේ සංස්කෘතික ඇමතිවරයා ලෙස හිදිමින් සිදු කලේ යයි චෝදනා එල්ල වන රාජ්‍ය මුල්‍ය අවභාවිතයක් සම්බන්දයේ ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමටයි.

කෙසේ වෙතත් ඒකනායක මහතා සදහන් කර ඇත්තේ අස්ගිරි මල්වතු නිකයන්හි පැවති උපසම්පදා උත්සවයන් සදහා අමාත්‍යංශයේ කැබ් රථයක් ලබා දී හා පන්සල් කිහිපයක ආගමික උත්සවයන් සදහා වාහන පහසුකම් සැපයීමක් සම්බන්දයෙන් මෙසේ ප‍්‍රශ්න කිරීමට නියමිත බවයි.

මේ අතර වාර්තා වන්නේ 16 දෙනාගේ කණ්ඩායම හිටපු ජනාධිපතිවරයා මුණ ගසීම සිදුවන්නේ 23 වැනිදා බවයි.

ඊට පසුදිනම ටී.බී. ඒකනායක මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කැදවා ඇත.

11 views

3 Comments to “පරණ ෆයිල් උඩට ඇදේ.. ටීබී ඒකනායක කැදවයි.. චෝදනාව මල්වතු-අස්ගිරි උපසම්පදා උත්සව සදහා රජයේ කැබ් රථයක් යෙදවීම..”

  1. lion says:

    Jeena madam ganath ahida danne naa?

  2. සිංහල බන්ඩා says:

    ‘යහපාලක’ අන දෙන්නන් වැඩි කල් බලයෙේ ඉන්නෙ නැහැ. ඊ ලඟ චන්දෙ එනකන් විතරය්.

  3. sarath says:

    MS is a shameless and revengeful politician ever we had. He does this to every one who goes against UNP.

Main News