පරණ 20 ඉවතට.. අලුත් 20 එයි.. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු බෑ..

September 15, 2020 at 9:20 am | lanka C news
පරණ 20 ඉවතට.. අලුත් 20 එයි.. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු බෑ..

ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද කමිටුව ඊයේ දිනයේ රැස් වී තිබේ.

එහිදී කෙටුම්පතේ වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට එකගතාවයට පැමිණ ඇත.

ද්විත්ව පුරවැසියන්ට මෙරට පාර්ලිමේන්තුව නියෝජනයට හා උසස් නිලතල දැරීමට අවසර නොදීම, ඇමති මණ්ඩලය සීමා කිරීම, විඝණන කොමිසම පෙර ආකාරයෙන්ම පැවතීම ඇතුළු සංශෝධන ගණනාවකට මෙහිදී එකග වී ඇත.

ඒ අනුව නව සංශෝධන සහිත වාර්තාව සකස් කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද දිනයේ භාරදීමට නියමිතව තිබේ.

ඉන්පසු හෙට දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එහි සම්මත වීමෙන් පසු නව ගැසට් නිවේදනයක් මගින් එය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

108,533 views

24 Comments to “පරණ 20 ඉවතට.. අලුත් 20 එයි.. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු බෑ..”

  1. සිරිල් says:

    ඉතාමත් හොද තීරණයක්.
    මේක මේ කියන විදියට ගැසට් වුනොත්.
    ආණ්ඩුව ගන්න හැම තීරණයකටම එකගවෙන කණ්ඩායමට වඩා ආණ්ඩුවේ ඇතුලෙ ඉදගෙන ආණ්ඩුවේම වැරදි පෙන්වාදෙන කණ්ඩායම අගය කල යුතුය.
    නැත්තන් 2015 දී සිදු වූ දෙය නැවත සිදු විය හැකියි.

  2. Asanga says:

    ඇමතියන්ට/ මන්ත්‍රීන්ට තියෙන අනවශ්‍ය වරදාන වරප්‍රසාදත් අයින් කරන්න. එතකොට තමයි ඇත්තටම වැඩක් කරන්න පුළුවන් අය එන්නේ.

  3. neil says:

    Bravo, Hon President and the team. You listened to the people. People power will protect you with acts like that.
    If things happening like that, we do not mind any Rajapaksa to come to power. Family? who cares!! If they all act listening to real voices not politically biased voices for the betterment of the COUNTRY

    • pohottu says:

      Sajiyata pin sidhawenna Sir ekak dekak akula gaththa man hithe. But still more to take off from the draft which ensures the president is going to be a dictator rather than a responsible leader to the people. Sajith please continue your agitation to save 19 and improve it rather than introducing a dictatorial 20th.

  4. good. but the presidential Candidate must be an internal student of a reputed university who followed 3/4/5/ years of study programme and got through M.A, P.H.D or some relevant post-degree. he/she should be over 50 years of age/ matured, balanced person.
    law colleges are run by principals. but universities are under Vice-chancellors.

  5. දුටුගැමුණු says:

    ගෝථාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ට නීති මුක්තිය අනිවාර්යයෙන්ම හිමිවිය යුතුය
    . එසේ නොවුණත් තව වසර 10 කින් ආන්ඩුව පෙරලුනොත් බටහිර පරගැති එවුන් සමග එකතු වී ගෝථාභය හිර භාරයට ගන්නේය

  6. Sam Fernando says:

    Very good. That’s what we expect from this government. We have not given 2/3 moajority
    to increase the number of ministers in the cabinet,
    and not to allow dual citizens to take to parliament.
    If you work according to the wills of the people, you will definitely be able to form a government in 2025 too. So please do not go against the mandate given by tax payers.

  7. wijebahu says:

    isselata draft ekata hoorey daapu bayyo tika mekatah hoorey daanawa. mun nam amuthuma sathwa kottshayak.

  8. අතුලසෞදි says:

    ඉතාමත්ම සාසාධාරණීය ප්‍රතිචාරයක් ලබා දීලා තියෙනවා .ස්තූතියි .තවමත් මගේ ජන්දය ගැන ආඩම්බරයි. අවසාන වනතුරු ඉවසිල්ලෙන් බලා සිටිමි .

  9. Asitha says:

    දිවිත්ව පුරවැසික් වන බැසිල් ආවොත් 2025දී නාමල්ට තැන නැතිවෙනවා. නාමල් බේබි අපේ ඊළඟ ජනාධිපති. ඊට පස්සේ නාමල්ගේ බේබි 2050දී ජනාධිපති. රාජපක්ෂ සනුහරේට ජයවේවා. ! තව තව වැඩියෙන් දේශපාලකයන්ට කොමිස් එක්ක රටට නය ලැබේවා! ඒවා ගෙවන්න බදුගෙවන දිළිඳු වහල්ලුන්ට ශක්තිය ලැබේවා !

  10. me siyallama mahinda rajapaksage weda
    rate pol gediyak Rs100? polthel 500, B Onion 200 henagahapiyaw. meyalata paule ewun rajakaranna misa api kanawada bonawada balanne netha

Leave a Comment

Main News