පරමාධිපත්‍යට පයින් ගසා කොලඹ සිටම UN ලංකාවේ ඔළුවට අත හෝදයි.. විනිසුරුවන් සමග සාකච්චා කලාද කියා හෝ කලේ මොනවාද කියා හෙලි කරන්නේ නැතැයි කියයි..

July 28, 2019 at 10:00 am | lanka C news
පරමාධිපත්‍යට පයින් ගසා කොලඹ සිටම UN ලංකාවේ ඔළුවට අත හෝදයි.. විනිසුරුවන් සමග සාකච්චා කලාද කියා හෝ කලේ මොනවාද කියා හෙලි කරන්නේ නැතැයි කියයි..

ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරයා හා අනෙකුත් විනිසුරුවරුන් හමුවූයේදැයි යන්න හෝ තමා හමු වී සාකච්ඡා කළ පාර්ශව පිළිබඳව තමන් කරුණු හෙළි නොකරන බව “සාමකාමී රැස්වීමේ සහ සංගම් පැවැත්වීමේ නිදහසට ඇති අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත ක්ලෙමෝන් වූල්” මහතා පවසයි.

මෙරට අධිකරණ ක්ෂේත්‍රෙය් නම් කළ නියෝජිතයන් පිරිසක් හමුවී සාකච්ඡා කිරීම සඳහා ඔහු හට අවස්ථාව සලසා දෙන්නැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු යැවූ ලිපියක් හේතුවෙන් ක්ලෙමෝන් වූල් මහතාගේ සංචාරය පසුගියදා රටේ ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය කළේය.

සාමකාමී රැස්වීමේ සහ සංගම් පැවැත්වීමේ නිදහසට ඇති අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත ක්ලෙමෝන් වූල් මහතා සංචාරයක් සඳහා පසුගිය 18 වනදා මෙරටට පැමිණියේය.

දින 08 ක් පුරා මෙරට රැඳී සිටි ඒ මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා, නීතිපතිවරයා,උතුරු සහ නැගෙනහිර ආණ්ඩුකාරවරුන් ,ආරක්ෂක සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතවරුන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, අතුරුදන්වූවන්ගේ කාර්යාලය, ජාතික පොලිස් කොමිසම සහ මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හමුවී ඇත.

කෙසේවෙතත් එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් චූලි හට අධිකරණ අමාත්‍යවරිය, අගවිනිසුරු සහ කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් හමුවිමට පහසුකම් සැලසීම සඳහා කටයුතු කරන්නැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයා වෙත යවන ලද බව කියන ලිපියක් හේතුවෙන් පසුගිය දා දැඩි ආන්දෝලනයක්ද හටගත්තේය.

ඊයේ කොළඹ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සිය හමුවීම් සහ සාකච්ඡා පීළිබඳව මෙලෙස අදහස් පළ කළා.

“ප්‍රශ්නය – අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් කියනවා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් මෙතුමාට අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් මුණ ගැහෙන්න. එහෙම හම්බ වුණාද?

මම දන්නේ නෑ මොකද්ද මේ ඉල්ලීම කියලා.

සෑම අවස්ථාවකදීම මම රටකට සංචාරය කළ අවස්ථාවලදී අධිකරණ පද්ධතියට සම්බන්ධ අය වගේම සෑම ආයතනයකම නියෝජිතයින් මුණ ගැහෙනවා.

ඔවුන් හමුවීමට මම ඉල්ලා සිටින්නේ මේ ආකාරයටයි.

රජය විසින් මොන වගේ ඉල්ලීමක් අධිකරණ පද්ධතියට කළාද කියලා මම දන්නේ නෑ.

ඒක රජය සහ අධිකරණ පද්ධතිය අතර සිදුවන කතාබහක්.

මම සෑම ආයතනයකම නියෝජිතයන් මුණ ගැහුණා.

මම කියනවා ඔබට ඒ කවුරුන්දැයි තහවුරු කර ගන්න කියලා.

මම සහ රාජ්‍ය නොවන සංවිධාන සහ ආයතන අතර ඇති වූ සාකච්ඡා රහසිගතයි. මම සාකච්ඡා කළ කිසිවක් කිසිම අවස්ථාවකදී හෙළි කරන්නේ නෑ.

ඒ වගේම මොනවද සාකච්ඡා වුණේ කියලත් හෙළි කරන්නේ නැහැ. හේතුව එය රහසිගතයි.

මම නැවත කියනවා මෙම ක්‍රියාවලිය ලංකාවට පමණක් නියම වූ දෙයක් නෙවෙයි.”

– adaderana

6 views

4 Comments to “පරමාධිපත්‍යට පයින් ගසා කොලඹ සිටම UN ලංකාවේ ඔළුවට අත හෝදයි.. විනිසුරුවන් සමග සාකච්චා කලාද කියා හෝ කලේ මොනවාද කියා හෙලි කරන්නේ නැතැයි කියයි..”

  1. cw says:

    Another slave of the White Imperialists.

  2. බන්ඩා says:

    සිරිසේන/රනිල් වැනි නිවට නායකයන් සිටින රට වලට කුනු රට පටවන බටහිරයන් වෙනුවෙන් යූඑන් නිලධාරීන් බලපෑම් කරනවා.

    • හෙලයා says:

      2015 දි ඔබාමා ඉන්දියාවෙදි කිවකිව්වා වගේ ඇමරිකාව සහ බටහිර රටවල් මහින්ද පන්නගත්තෙ ඔවැනි නීච ක්‍රියා කරන්න තමය්.

  3. Boo says:

    මේ සුද්දන්ගෙ වහලා ලංකාවට අහිතකර දේ කතා කල නිසා තමයි ඒ කතා කල දේ හෙලි කරන්න බැරි.

Main News