පරරාජසිංහම් ඝාතනය : පිල්ලෙයාන් නිදොස් කර නිදහස් කෙරේ…

January 13, 2021 at 11:20 am | lanka C news
පරරාජසිංහම් ඝාතනය : පිල්ලෙයාන් නිදොස් කර නිදහස් කෙරේ…

පාර්ලිමේන්තුව මන්ත‍්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එල්ල වූ තිබූ මනුෂ්‍ය ඝාතන චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට අද මඩකලපුව මහාධිකරණය නියෝග කරන ලදී.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය කෙරේ යැයි පිල්ලෙයාන් සහ තවත් සිව් දෙනෙකුට විරුද්ධව නඩු පවරා තිබිණි.

නමුත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඊයේ මඩකළපු අධිකරණයට දැනුම් දී තිබුණේ එම නඩුවේ අධිචෝදනා තවදුරටත් පවත්වාගෙන යාමට අදහසක් නැති බවයි.

ඒ අනුව මහාධිකරණය විසින් අද දිනයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

18,474 views

6 Comments to “පරරාජසිංහම් ඝාතනය : පිල්ලෙයාන් නිදොස් කර නිදහස් කෙරේ…”

  1. අජිත් says:

    ඉලගට දූමින්ද.. අය්යො 69 ලක්ෂයෙ ජන්දය.

  2. දුසිම් ගණන් says:

    ජයවේවා කලු සුද්දනි. සිංහලයන් 1ක් 2ක් නිදහස් කරන ගමන් සුද්දන්ගෙ අය දුසිම් ගණන් නිදහස් කරගන්න.

  3. රන්වල says:

    සැමට එක නීතියක්.ආඩම්බරයි බෙයියන්ට අරින ඇරිල්ලට තනි සින්හල ආණ්ඩුවෙන්.

  4. මයික් පොම්පියෝ says:

    මේ තීරණය නිසා පරරාජසිංහම් පවුලටත් වඩා විස්සෝප වෙලා ලතෝනි දෙන්නෙ රන්ජාගේ බැක්සයිඩ් සෙට් එකයි

    • john the baptice says:

      ^ මිනිමරුවෙක් නිදහස් වීම ගැන ආඩම්බර විය හැක්කේ මෙවැනි අමු ගොබ්බ ගොන් බයියෙකුට පමණි

  5. Udrich says:

    Nandasena maru vikalen neethiya namanda patan aran

Leave a Comment

Main News