පරවියන්ටත් ධාවන තරඟයක් ආරම්භය කිලිනොච්චියෙන්.. අවසානය කොළඹින්..

February 22, 2019 at 6:28 am | lanka C news
පරවියන්ටත් ධාවන තරඟයක් ආරම්භය කිලිනොච්චියෙන්.. අවසානය කොළඹින්..

කිලිනොච්චිය 57 වන යුද හමුදා සේනාංකය විසින් පරවි කුරුල්ලන් 241 දෙනෙකු යොදාගනිමින් පරවි ධාවන තරඟයක් කිලිනොච්චියේදී සිංවිධානය කොට තිබුණි.

කිලිනොච්චිය මධ්‍යමහා විදුහල් ක්‍රීඩාංගනයේදී මෙම පරිවි කුරුල්ලන්ගේ ධාවන තරය සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා පරිවියන් 241 දෙනෙකු කූඩුවල දමා එකවර නිදහස් කිරීම සිදු කෙරුණි.

අනතුරුව කූඩු වලින් නිදහස් කරන ලද පරවියන් 241 දෙනාගෙන් 214 දෙනෙකු කිලිනොච්චියේ සිට කිලෝමීටර් 280 කට අධික ගුවන් දුර ප්‍රමාණයක් ගෙවමින් කොළඹ පිහිටි පරවියන්ගේ අයිතිකරුවන් නොහොත් පරවි වාස භූමි වෙතට අද(21) උදෑසන වන විට ගොස් තිබුණි.

කිලිනොච්චිය වැසියන්ට වෙනස්ම ආකාරයේ අත්දැකීමක් වූ මෙම අවස්ථාව දැක බලා ගැනීමටද කිලිනොච්චියේ තරුණයින් ඇතුලු වැසියන් පිරිසක් සහභාගී වී සිටි අතර කිලිනොච්චියේ රැකියා විරහිත තරුණ තරුණියන් අතරේ මෙම ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙසේ පරවි ධාවන තරඟය සංවිධානය කිරීමට යුද හමුදාව පියවර ගෙන තිබුණි.

පරවි ධාවන තරඟය වෙනුවෙන් කොළඹ ධාවන පරෙවි සංගමයේ සහයෝගය ලබා දී තිබුණු අතර පරෙවි ධාවන තරඟය ආරම්භ කිරීමේ අවස්ථාවට 57 වන සේනංකාධිපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතා සහ 571 වන බලසේනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,985 Viewers

2 Comments to “පරවියන්ටත් ධාවන තරඟයක් ආරම්භය කිලිනොච්චියෙන්.. අවසානය කොළඹින්..”

  1. SL says:

    Rishard Badiyudeen,He is losing is drug cartel and the illegal pepper business.so he started this shit! This bugger destroyed Wilpattu and now?? gvt must kick his ass!

Main News