පර්යේෂණ මට්ටමේ ඉන්දීය කොරෝනා එන්නතක් ලංකාවට..?

November 9, 2020 at 9:41 pm | lanka C news
පර්යේෂණ මට්ටමේ ඉන්දීය කොරෝනා එන්නතක් ලංකාවට..?

කොරෝනා වෛරසය සඳහා ඉන්දියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද තවදුරටත් පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධයක් ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමට බලපෑම් කරමින් ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වරිය ලෙස කටයුතු කරන ඉන්දියානු ජාතික නිලධාරිනිය ඊට බලපෑම් කරමින් සිටින බවද එම වාර්තා කියයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශ විසින් අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙරට ජනගහනයෙන් 20%ක් සඳහා කොරෝනා සඳහා වන එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාවයක් ලබාදී ඇති බවයි.

මේ පිලිබද අප වෙත අදහස් පල කල ඉහලම පෙලේ විද්‍යාඥයෙක් කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙතෙක් කිසිදු ඖෂධයක් අනුමත කර නැති බවත් අනුමත කිරීමක් සිදු කරන තුරු මෙරට ආසාදිතයන්ට භාවිතය ඉත අවදානම් බවයි.

32,686 views

18 Comments to “පර්යේෂණ මට්ටමේ ඉන්දීය කොරෝනා එන්නතක් ලංකාවට..?”

  1. Shehan Andrew says:

    අම්මො ඹය එන්නත ආදර්ශයක් ලෙස පලමුව පවිත්‍රා දෙවි නොනාට දිලා ඉන්පසු දියවන්නා ඔය දෙශප්‍රෙමි 225 ටයි උන්ගෙ වහල්ලුට දිලා ටෙස්ට් කරලා පසුව එන්නත 100% sure නම් විතරක් මහ ජනතාවට දෙමු, මොකො ඹය බාල ඉන්දියන් බඞු නම් ෂුවර් නැ.

  2. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    පර්‍යේෂණ මට්ටමේ තියෙන බෙහෙත් එන්නත් කරන්න ලංකාවෙ ඉන්නෙ හික් මීයොද​?උම්මා දේවිය කැමති නම් විද ගත්තාවෙ.

  3. gemunu kaggoda says:

    ලංකාවෙි මිනිසුන් ලැබිවල සිටින මියන් වගේ වෙන රටවල නිපදවන දැ ටෙස්ටි කිරිමට මෙයින් සිදුවන අතුරැපල ගැන කවුද වගකිම දරන්නේ අැයි දේශිය වෙද කමට තැන නොදෙන්නේ එයින් කොමිෂන් නැති නිසාද

  4. Jostara EW says:

    Ethakota Jostara Eliyantha kiyuwe, Modige illeemata Indiyawe leddu 63k saneepa karaa, langadeema Indiyawata aaradana karaa kiyala!

  5. ක්‍රිමිනල් says:

    කොමිස් කුට්ටිය හම්බවෙනවනං ඔනම කුනුගොඩක් ලංකාවට ගේන්න මේගොල්ලා උපංගෙයි හපන්නූ ,ලංකාව පර්‍යේශනාගාර මීයන් හෙවත් ගිනීපීග් ගහන රටක් කරන්න මේච්චරටම ඇම්මක් තියෙන බව පේනවා. හැබැයි ලංකාවේ ඉන්නවා නැට්ටේ ඉදං ගොම ගාගත්තූ පුන්නක්කු ඇටනමයක් , අන්න උන්ට ඔය එන්නත ගහලා ටෙස්ට් කරානං හොදයි කියලා මං යෝජනා කරනවා.

    • opps says:

      කිසිම පිළිගත හැකි source එකක් නෑ , අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරේ කියනවා, අපිත් ඔහේ කුලප්පුවට ඇර ගන්නවා, අපිටද පිස්සු නැත්නම් කාටද?

  6. ගමේ වෙදා says:

    මෙය පලමුව ඉන්දියාව පසුපස යන සම්බන්දන්ලට විද ප්‍රතිඵල බැලිය යුතුයි . උන් මැරුනෙ නැත්නම් සලකා බැලිය හැකියි

  7. B. Anthony says:

    හරයටම හරි.අපි දැන් ඉන්දියන් ප්‍රාන්තයක් බව උන් විශ්වාස කරනවා.ඒක නිසා උන්ගෙ මිනිසුන්ව බේරලා අපේ එවුන්ව ලැබ් මීයො කරල ටෙස්ට් කරනවා. උන්ගේ මිනිස්සුන්ට වැඩේ හරිනම් දෙනවා. අපේ උන් මැරිලා ගියහම රට ජනශූණ්‍ය උනාම අපේ රටේ ඉතිරි කොටසත් උන්ට අයිති වෙනවා. එකගලෙන් කීයක් කෙරෙනවද? කියලා බලාපල්ලා.

Main News