පර්යේෂණ මට්ටමේ ඉන්දීය කොරෝනා එන්නතක් ලංකාවට..?

November 9, 2020 at 9:41 pm | lanka C news
පර්යේෂණ මට්ටමේ ඉන්දීය කොරෝනා එන්නතක් ලංකාවට..?

කොරෝනා වෛරසය සඳහා ඉන්දියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද තවදුරටත් පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධයක් ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමට බලපෑම් කරමින් ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වරිය ලෙස කටයුතු කරන ඉන්දියානු ජාතික නිලධාරිනිය ඊට බලපෑම් කරමින් සිටින බවද එම වාර්තා කියයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශ විසින් අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙරට ජනගහනයෙන් 20%ක් සඳහා කොරෝනා සඳහා වන එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාවයක් ලබාදී ඇති බවයි.

මේ පිලිබද අප වෙත අදහස් පල කල ඉහලම පෙලේ විද්‍යාඥයෙක් කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙතෙක් කිසිදු ඖෂධයක් අනුමත කර නැති බවත් අනුමත කිරීමක් සිදු කරන තුරු මෙරට ආසාදිතයන්ට භාවිතය ඉත අවදානම් බවයි.

32,695 views
Main News