පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව එතන හදන්න එපා..- මෛත‍්‍රී කියයි..

August 31, 2021 at 11:20 am | lanka C news
පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව එතන හදන්න එපා..- මෛත‍්‍රී කියයි..

පරාක්‍රම සමුද්‍රයෙහි වැව් බැම්ම මත ඉදි කිරීමට යෝජනා වී ඇති ඇවිදින මංතීරුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීම

පොළොන්නරුව නගරය ආසන්න ඇවිදින මංතීරුවක් නොමැතිවීම නිසා මෙම ව්‍යාපෘතිය ඉතා සත්භාවයෙන් හා යහපත් අරමුණකින් ආරම්භ කරන්නට ඇතැයි සිතමි.

පරාක්‍රම සමුද්‍රය මහාවේල්ල (බැම්ම) ඇති ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමත්, ගොවිජනතාවට එහි ඇති ජීවත්වීමේ අරගලයේදී තිබෙන දැඩි සම්බන්ධය සැලකිල්ලට ගෙන මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ගොවිජනතාව සහ ප්‍රදේශයේ මහා සංඝරත්ණය දැනුවත් කිරීමට තිබුනි. එවිට මෙවැනි ගැටළුවක් පැනනගී නම් ව්‍යාපෘතිය කිරීම හෝ නැවැත්වීමට මුලින්ම තීරණයක් ගත හැකිව තිබුනි.

මෙම ප්‍රශ්ණය මතුවීමේදී තිසා වැව, කුරුණෑගල නගරයේ වැව, නුවරවැව සහ තිස්සමහාරාම වැව මෙවැනි ඇවිදින මංතීරු දමා ඇතිබව සමාජ වෙබ් අඩවි වල පෙන්වා තිබුනි. එහෙත් එම වැව් වලට වඩා පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ තාක්ෂණික වෙනස්කම් රාශියක් ඇත. පරාක්‍රම සමුද්‍රය සෑදී ඇත්තේ විශාල වැව් 3ක් එක් කිරීමෙනි. ඒ තුළ ඇතිවන ජල ධාරිතාවය ඉහතකී අනෙකුත් වැව් වලට වඩා අති විශාලය. පසුගිය කාලයේ මාගේ මැදිහත්විම තුළද පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම ශක්තිමත් කිරීමට ලෝක බැංකු ආධාර යටතේ රුපියල් කෝටි සිය ගණනක් වියදම්කර පරාක්‍රම සමුද්‍රයේ ජලමට්ටම අඩියක් වැඩිකිරීමද, ඉංජිණේරුවරුන් විසින් වැව් බැම්ම ශක්තිමත් කිරීමද කරනු ලැබීය.

මෙවැනි ව්‍යාපෘතියක් කිරීමේදී මාගේ අත්දැකීම් හැටියට ප්‍රධාන කරුණු 3ක් ඉටුවිය යුතුවේ.

1. ව්‍යාපෘතිය පිළිබඳව සක්‍යතා අධ්‍යයනයක් කිරීම.
2. විශේෂඥයින්ගෙන් උපදේශණ සේවයක් ලබාගැනීම.
3. ඉදිකිරීම.

(මෙම කරුනු 3 ආයතන 3කින් සිදුකල යුතුයි)

මෙහිදී මෙම කරුනු තුන කොතෙක් දුරට සම්පූර්ණවීද යන්න මා නොදනිමි. ශ්‍රී ලාංකීය වාරි තාක්ෂණයේ විශිෂ්ඨ නිරිමාණයක් වූ පරාක්‍රම සමුද්‍රය වැනි අතිවිශාල ජලාශයකට කුමන ව්‍යාපෘතියක් සඳහා හෝ අත තැබීමේදී ඉතා සැලකිල්ලෙන්, වාරි තාක්ෂණයේ විද්‍යාත්මක දැනුවත්කමකින් යුතුව කිරීම ගොවිජනතාව සහ මහා සංඝරත්ණය බලාපොරොත්තුවීම සාධාරණය.

මෙම ප්‍රශ්ණයට පහසුම විසදුම නම් දැනට යෝජිත ජලාශයේ බටහිර පැත්තෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන ව්‍යාපෘතිය නවත්වා, පරාක්‍රම සමුද්‍රයේ මහවේල්ල නැගෙනහිර අවසාන කොටසින් එහාපැත්තේ ඇති වෙල්යාය අතර අඩිපාරක් වැනි ප්‍රදේශයේ යෝජිත ඇවිදින මංතීරුව සැදීමය.

ඉහත කී සියලු තත්වයන් සැලකිල්ලට ගැනීමද ගොවිජන සංවිධාන වල සහ මහා සංඝරත්ණයේ එකඟතාවය මේ සියලු කටයුතු වලට ලබාගැනීමද අත්‍යාවශ්‍ය වෙයි.

– මෛත්‍රීපාල සිරිසේන

46,254 views

27 Comments to “පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව එතන හදන්න එපා..- මෛත‍්‍රී කියයි..”

  1. අම්මෝ ඔය පොලොන්නරුවේ ඉන්න වැද්දෝ ටික ඒ වගේම ඉන්න දෙන්න ඕනැ මංතීරු හැදුවාම වැව හිඳෙන්න පුලුවන් මාරම මොල ගෙඩියක්???????

    • ගෞම් ඊයාරාජ් says:

      උන් ගොන්නූ කියහංකො පට්ට පජාත ඇමෙරිකන් හොරු ටිකක් රට ගොඩදානකං බලාගෙන ඉන්න උබලා ? උන්ට සාපේක්ෂව කොච්චර ගොංද කියහංකො. ලෝකයේ ගොංම්ම ගොං ජන කොට්ඨාශ වර්ගීකරණයේ ඉහලින්ම ඉන්නේ උබලා වගේ අමූ ගොං බෛයො. උබලා හරියට අර මැච් එකක් බලලා ඔට්ටූ අල්ලලා පැරදිලා ,ආපහු ඒ මැච් එකේම හයිලයිට්ස් බලද්දී ඔට්ටූ අල්ලලා පරාද උනු අමූ මීහරක් ජාතීයේ උන්න්නේ..😂😂😂

  2. ගෞම් ඊයාරාජ් says:

    මෛත්‍රීපාල උන්නැහේට බැනහල්ලකො , අවුලක් නෑ ,හැබැයි ඉතින් උන්නැහේ සහ රනිල් හාමූ නැත්තං අද මහරජ පවුල් ගහ කොහෙද දන්නෑ , ඒක පැත්තකින් තියමුකො , ඔය යොජිට මන්තීරුවට මීටර් තුන් හාරසියක් එහැයින් ඇවිදින මන්තීරුවක් පොලොන්නරුවේ තියෙනවා , දැන් මේ ගමේ විරොධේ හමුවේ ඇයි තකහනියට මංතීරූවක් හදන්නේ ? මේ රටේ ඉන්න මැටිමෝල් උපදේශකයන්ට ඇයි බැරි මේ රටේ අවශ්‍යතා ප්‍රමුඛත්වය අනුව කරගෙන යන්න ? දැන් ඔනේ පාරවල් ,ඇවිදින මන් තීරුද ? රුපියල සියයට විස්සකින් අවප්‍රමාණය වෙලා ,බාණ්ඩ මිල ඉහලයි , රටේ ඩොලර් හිගයක් , කොවිඩ් වලින් රටම බැටකන මොහොතක මුන්ට මංතීරූ ගාය ! යකො මුන් මන්ධ බුද්ධිකයොද ? 🙈🙈🙈

  3. Sagarika Alvis says:

    mewa hadankota athiwena diunuwata wipakshaya kamathi nathuwa athi mko eyalata janatha prasadaya ahimi wena nisa.methuma kiyana kathawa hari.hoyala balala karanna oni wadak.

  4. Sam W says:

    එතකොට මල්ලි බලහත්කාරයෙන් වැව් තාවුල්ල අල්ලලා අරලිය හෝටලයෙ භූමිය ලොකු කරණ කොට ඔබතුමා ඔය කරුණු තුන බැලුවැයි??