පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව එතන හදන්න එපා..- මෛත‍්‍රී කියයි..

August 31, 2021 at 11:20 am | lanka C news
පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව එතන හදන්න එපා..- මෛත‍්‍රී කියයි..

පරාක්‍රම සමුද්‍රයෙහි වැව් බැම්ම මත ඉදි කිරීමට යෝජනා වී ඇති ඇවිදින මංතීරුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීම

පොළොන්නරුව නගරය ආසන්න ඇවිදින මංතීරුවක් නොමැතිවීම නිසා මෙම ව්‍යාපෘතිය ඉතා සත්භාවයෙන් හා යහපත් අරමුණකින් ආරම්භ කරන්නට ඇතැයි සිතමි.

පරාක්‍රම සමුද්‍රය මහාවේල්ල (බැම්ම) ඇති ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමත්, ගොවිජනතාවට එහි ඇති ජීවත්වීමේ අරගලයේදී තිබෙන දැඩි සම්බන්ධය සැලකිල්ලට ගෙන මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ගොවිජනතාව සහ ප්‍රදේශයේ මහා සංඝරත්ණය දැනුවත් කිරීමට තිබුනි. එවිට මෙවැනි ගැටළුවක් පැනනගී නම් ව්‍යාපෘතිය කිරීම හෝ නැවැත්වීමට මුලින්ම තීරණයක් ගත හැකිව තිබුනි.

මෙම ප්‍රශ්ණය මතුවීමේදී තිසා වැව, කුරුණෑගල නගරයේ වැව, නුවරවැව සහ තිස්සමහාරාම වැව මෙවැනි ඇවිදින මංතීරු දමා ඇතිබව සමාජ වෙබ් අඩවි වල පෙන්වා තිබුනි. එහෙත් එම වැව් වලට වඩා පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ තාක්ෂණික වෙනස්කම් රාශියක් ඇත. පරාක්‍රම සමුද්‍රය සෑදී ඇත්තේ විශාල වැව් 3ක් එක් කිරීමෙනි. ඒ තුළ ඇතිවන ජල ධාරිතාවය ඉහතකී අනෙකුත් වැව් වලට වඩා අති විශාලය. පසුගිය කාලයේ මාගේ මැදිහත්විම තුළද පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම ශක්තිමත් කිරීමට ලෝක බැංකු ආධාර යටතේ රුපියල් කෝටි සිය ගණනක් වියදම්කර පරාක්‍රම සමුද්‍රයේ ජලමට්ටම අඩියක් වැඩිකිරීමද, ඉංජිණේරුවරුන් විසින් වැව් බැම්ම ශක්තිමත් කිරීමද කරනු ලැබීය.

මෙවැනි ව්‍යාපෘතියක් කිරීමේදී මාගේ අත්දැකීම් හැටියට ප්‍රධාන කරුණු 3ක් ඉටුවිය යුතුවේ.

1. ව්‍යාපෘතිය පිළිබඳව සක්‍යතා අධ්‍යයනයක් කිරීම.
2. විශේෂඥයින්ගෙන් උපදේශණ සේවයක් ලබාගැනීම.
3. ඉදිකිරීම.

(මෙම කරුනු 3 ආයතන 3කින් සිදුකල යුතුයි)

මෙහිදී මෙම කරුනු තුන කොතෙක් දුරට සම්පූර්ණවීද යන්න මා නොදනිමි. ශ්‍රී ලාංකීය වාරි තාක්ෂණයේ විශිෂ්ඨ නිරිමාණයක් වූ පරාක්‍රම සමුද්‍රය වැනි අතිවිශාල ජලාශයකට කුමන ව්‍යාපෘතියක් සඳහා හෝ අත තැබීමේදී ඉතා සැලකිල්ලෙන්, වාරි තාක්ෂණයේ විද්‍යාත්මක දැනුවත්කමකින් යුතුව කිරීම ගොවිජනතාව සහ මහා සංඝරත්ණය බලාපොරොත්තුවීම සාධාරණය.

මෙම ප්‍රශ්ණයට පහසුම විසදුම නම් දැනට යෝජිත ජලාශයේ බටහිර පැත්තෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන ව්‍යාපෘතිය නවත්වා, පරාක්‍රම සමුද්‍රයේ මහවේල්ල නැගෙනහිර අවසාන කොටසින් එහාපැත්තේ ඇති වෙල්යාය අතර අඩිපාරක් වැනි ප්‍රදේශයේ යෝජිත ඇවිදින මංතීරුව සැදීමය.

ඉහත කී සියලු තත්වයන් සැලකිල්ලට ගැනීමද ගොවිජන සංවිධාන වල සහ මහා සංඝරත්ණයේ එකඟතාවය මේ සියලු කටයුතු වලට ලබාගැනීමද අත්‍යාවශ්‍ය වෙයි.

– මෛත්‍රීපාල සිරිසේන

46,338 views

27 Comments to “පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව එතන හදන්න එපා..- මෛත‍්‍රී කියයි..”

  1. Gal baas says:

    ඉස්සෙල්ලා වගේ අතුරන ගල් ටිකක් විකුණලා කීයක් හරි හම්බකරගන්න හදනකොට ඒකටත් කොහෙන් හරි අවුලක්.

  2. Gal baas says:

    ඉස්සෙල්ලා වගේ අතුරන ගල් ටිකක් විකුණලා කීයක් හරි හම්බකරගන්න හදනකොට ඒකටත් කොහෙන් හරි අවුලක්. ඕනෑ තරම් ගල් දෙන්නම්, ගල් දාන්න අපිට තැන් හොයල දෙන්න.

  3. NAYANATHAARAA says:

    අන්කල් ඔයා හරියට පරිසරය ගැන සංවේදී කියල ඔයාගේ කතා වල අහල තියෙනවා ලංකාවේ වනාන්තර වැඩි කරන්න කටයුතු කළා ,අරක කළා මේක කළා කියල එහෙනම් අන්කල් ඔය මංතීරු ගැන කතා කරන්න ඉස්සරවෙලා ඔයාගේ සහෝදරයා වැවු තාවුල්ලේ හදල හෝටලය ඉවත් කරලා දෙන්නකෝ පින් අයිති වේවි .මොකද මන්තිරුවකට වඩා විශාල විනාශයක් විශාල කැතක් සිද්දවෙනවා වැවු තාවුල්ලේ තියෙන හෝටලයකින් .

  4. රුක්ෂාන් සිල්වා says:

    ගොඩ කාලෙකින් එලි බැස්සෙ.මොනවා උනත් එක තම වෙන්න ඕනි. ඉස්සරහට කොලඹටම ඇවිත් ව්‍යයාම කරල යන්න පුලුවන් .

  5. රංජිත් විජේසිංහ says:

    කොහේද එහෙම වත් දැනුමක් තියෙන එවුන්ද මේ මේවා කරන්නෙ. රැකගත යුතු පැරණි තාක්ෂණය රැකගත යුතුයි.ඒකනගය කරන්න ඕනී.

  6. Chthura Gunarathna says:

    Eka aththa.

  7. Sunil Perera says:

    Oya kiyna warthabtika aragena oka karamu hode.

  8. මෙයාගේ සහෝදරයා වැව ගොඩ කරලා මහා විසාල හෝටලයක් හදනකොට කට ඇරියේ නැහැ . දැන් බොරු විකාර කියවනවා . මෙහෙව් මිනිස්සු සමාජයකට පිලිලයක්.

  9. Kalana m says:

    අනේ මේ මිනිහා.. වැව් තාවුල්ලේ අය්යගේ අරලිය හෝටලේ වතුරට යටවෙන එක නවත්තන්න යකඩ සොරොව් පවා වෙනස් කරපු මූ ට.. අනේ අම්මපා

  10. බිංකුණ්ඩා says:

    හම්මේ බොක්ක… තාම ආතල් දෙනව නේද

Main News