පරාක‍්‍රම සමුද‍්‍රය ඉස්මත්තේ ඇති හිටපු ජනපතිගේ නිවාස හෝටල් ඉවත් කරගන්නැයි කියයි…

September 23, 2021 at 10:00 am | lanka C news
පරාක‍්‍රම සමුද‍්‍රය ඉස්මත්තේ ඇති හිටපු ජනපතිගේ නිවාස හෝටල් ඉවත් කරගන්නැයි කියයි…

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයෙහි වැව් තාවුල්ල ගැන කතා කරන අය කරන්නේ වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගැහීමක් .එයාලා පරාක්‍රම සමුද්‍රයට ආදරය නම් මුලින්ම කළ යුත්තේ එයාල හදපු හෝටල් හා ගෙවල් ඉවත් කරගන්න එක.යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙසේ පැවසූයේ අද දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක වාද්දුව  ශ්‍රී බෝධිරාජාරාමාධිපති මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියෝ බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

ගොවි ජනතාවත් හොඳින් අවබෝධ කර ගන්න ඕන සහතික මිලක් කියන්නේ එයිට වඩා අඩුවෙන්  වී මිලදී ගන්න බැහැ කියන එක. දැන් උදාහරණයකට ගත්තොත් පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ වී මිල රුපියල් 32 යි 33 යි ජනතාවගේ හඳවතේ ගලේ කෙටුවාවගේ තියා ගත්ත නම් හොඳයි. යහපාලනය ගොවියා නැති භංගස්ථාන කරයි කියන එක, එතකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇවිල්ලා වී වලට රුපියල් 50 ක සහතික මිලක් දුන්නා. පසු ගිය කාලේ නැවත වී මිල බස්සලා ගන්න කොට තමයි වී ටිකට නාඩු සඳහා රුපියල් 55 කුත්, සම්බා සඳහා 60 කුත්, කීරි සම්බා සඳහා රුපියල් 70 ක සහතික මිලක් දීල තියෙන්නේ. එතකොට එම සහතික මිලට වඩා වැඩි ගනනකට කවුරුහරි ගන්න ඉන්නව නම් ඒකෙ ගැටළුවක් කොහෙවත් නැහැ. ගොවියා ආරක්ෂා කර ගන්න තමයි සහතික මිලක් තියෙන්නේ. ඊට වඩා වැඩි ගනන් වලට ඕන කෙනෙකුට ගැනීමේ හැකියාව තියෙනවා.

එතුමලා ඉතින් සාකච්ඡා කරන්න දෙයක් නැහැනේ මොනවද ඉතින් අර හම්බන්තොට වරාය හිටපු ජනාධිපති තුමාගේ කාලයේදී අපේ රටේ ආර්ථික මර්මස්ථානය සම්පූර්ණයෙන්ම විකුණලා දැම්මේ. මේ ගොල්ලො කරන්න තියෙන ඔක්කොම විනාශය රටට කරලා දැන් එක එක කඩාකප්පල්වකරී ක්‍රියා කරන්න හඳනවා ඇතුළෙ ඉඳන් එක නිසා මම මේවා ගැන දීර්ඝ වශයෙන් කතා කරන්න කැමති නැහැ.

රටේ ජනතාව අවබෝධයෙන් ඉන්න එක තමයි විශේෂයෙන් තියෙන්නේ. එදා එළියෙ ඉඳන් කුමන්ත්‍රණ කරපු සමහරු අද ඇතුළෙ ඉඳන් කුමන්ත්‍රණ කරනවා මේ රටේ 2/3 ක ජන වරමක් ගොඨාභය මහතා ප්‍රමුඛ පොදු ජන පෙරමුණට ජනතාව දීල තියෙන්නේ වැඩ කරන්න. එම වගකීම අපි හරියට අරන් කරනවා.

ආයෝජන රටට එන්න ඕනෙ එහෙම නැතුව අපේ රට දියුණු කරන්න බැහැ මේ රටේ රාජ්‍ය අංශය ශක්තිමත් කරන්න පුළුවන් රාජ්‍ය ආයතන ටික නැවත පණ ගන්වන්න පුළුවන් පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා ගියොත් කියල මන් එදත් කියනවා අදත් කියනවා.

අද දිනයේදී අපේ කෝට්ටේ පාර්ශවයේ අනුනායක මහාචාර්යය කොටපිටියේ රාහුල නායක හාමුදුරුවන් බැහැ දකින්න මම  පැමිණියා. ජාතික වශයෙන් කෙරෙන හැම කටයුක්තක දීම, හැමදාම මම උන්වහන්සේගේ අශීර්වාදය, මඟ පෙන්වීම, අවවාද උපදෙස් ලබා ගත්තා. අද දිනයේදී උන්වහන්සේ මේ ඇවිඳින මං තීරුව සම්බන්ධයෙන් අනුශාසනා කර සිටියෙ, විමසා සිටියේ  මුලින්ම මේවාට අනුමැතීන් ටික ලබා ගත්තද කියලා. ඉතින් මම පැහැඳිලි කරලා දුන්නා.

2021 ජනවාරි මස මුල ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කලා. ඉන්පසු 10 වෙනිදා වෙන කොට මෙම සියළු අධ්‍යයන කරලා  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය දීල තියෙනවා, වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතිය දීල තියෙනවා, මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමැතිය දීල තියෙනවා, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමැතිය දීල තියෙනවා. ඒවගේම නගර සභාවේ අනුමැතිය දීල තියෙනවා.

ඒවගේම තෝපා වැව භාරව ඉන්නේ ඒ ප්‍රදේශය පූජනීය නගරයක් විදිහට අපේ අනුනායක හාමුදුරුවෝ, වෙඩරුවේ උපාලි හමුදුරුවෝ, උන්වහන්සේ පූර්ණ අනුශාසකත්වය අනුමැතිය දීල තියෙනවා. මේ කටයුතු ටික කරන්න. ඒ නිසා සියළුම අනුමැතීන් තියෙනව නම් කවුරු හෝ පුද්ගලයෙක් කකුලෙන් අඳිනව නම් ඒක අදාළ කර ගන්නේ නැතුව මෙවැනි කටයුතු සිදු විය යුතුයි කියන එක. උන්වහන්සේ අනුශාසනා කලේ දෙවැනි කාරණය අපිටත් පේන්න තියෙනවා මේ රටේ හොඳ වැඩ කරද්දී කකුලෙන් අඳින කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන එකයි කිව්වේ.

ඒ නිසා හොඳ වැඩේට කවුරු හෝ කකුළෙන් අදින්න හැඳුවට ඒවාට නොබියව ඒ ඒ රාජ්‍ය වල සියළුම අනුමැතීන් තියෙනවනම් ඒක රජයේ ක්‍රියාවලිය නම් කරන්න තියෙන්නේ ඒ කටයුතු ටික ඉදිරියට කරගෙන යන්නයි.

හිටපු ජනාධිපති තුමා කියනවා කෞතුක වස්තූන් සම්බන්ධයෙන්, ඉතින් කෞතුක වස්තූන් තමා අපි ආරක්ෂා කරන්න තියෙන්නේ. එය ආරක්ෂා කිරීමට තමයි එදා ජයසිරිමා බෝධිය ආරක්ෂා කරලා සංරක්ෂණය කරන්න කටයුතු කළේ. අදියරෙන් අදියර රුවන්වැලි සෑය අපි දන්නවා ආරක්ෂා කරලා සංරක්ෂණය කරලා තියෙන්නේ. අපිට වගකීමක් තියෙනවා.ඓතිහාසික සොළොස්මස්ථානයේ  මාර්ග පද්ධති ඔක්කොම හදලා විදුලි පහන් ආලෝක කරලා ඒවා සංරක්ෂණය කරලා තියෙනවා.

ඒ වගේම තමා මේ පරාක්‍රම සමුද්‍රය වේල්ල සංරක්ෂණයක් වෙන්නෙ මෙතන තවදුරටත් ශක්තිමත් වෙලා මහජනතාවට තවදුරටත් පරාක්‍රමබාහු රජතුමා කරපු ඒ මහා විශ්ව කර්මය අභිමානයෙන් දැක ගන්න ඒ පුංචි දරුවගේ ඉදල දෙමාපියන්ට මේ රටේ සියළු දෙනාටම අවස්ථාවක් ලබා දීම තමා එතනින් සිද්ධ වෙන්නේ. කෞතුක වස්තූන් විනාශ වීම ගැන කියන්න දෙයක් නැහැ එතුමලාගේ කාලේ ඉතින්. අද වැව් තාවුල්ලක් පොළොන්නරුවේ නැහැ. මේවායේ හෝටල් හඳල තියෙන්නෙ කවුද ගෙවල් හදල තියෙන්නේ කවුද, කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒක තමා පැහැදිලි යථාර්ථය.

කෞතුක වස්තූන් ආරක්ෂා කිරීමට හිටපු ජනාධිපතිතුමා හිතනව නම් එතුමා කරන්න ඕන එතුමලගේ ගෙවල් හෝටල් ඉස්සෙල්ලම අයින කර ගන්න එක තමයි මම දකින දෙය. ඒක නිසා වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගැහීමක් තමයි සිද්ධ වෙන්නේ අපි ජනතාව වෙනුවෙන් අවංකව වැඩ කරන්නේ ඒ නිසා මේ රටේ ගොවි ජනතාවගෙන් මම ඉල්ලනවා දේශපාලන උප්පර වැට්ටි කුමන්ත්‍රණ වලට මේ රටේ ජනතාව මුලා වෙන්න එපා. ඒ වගේම තමයි මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලනවා ඔබ තුමාලා බොහොම අවධියෙන් සිටින්න. කුමන්ත්‍රණකාරීන්ට ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා මේ රට බෙදෙන්න යද්දි බෝම්බ පත්තු වෙද්දි ආර්ථික වශයෙන් විනාශ වෙද්දී මේ රට අරගත්තේ ඉදිරියට ගෙනියන්න. එම වගකීම හරියට කරල තියෙනවා යැයි ද, පැවසීය.

ප්‍රසන්න අධිකාරි
මාධ්‍ය ලේකම්

152,810 views

19 Comments to “පරාක‍්‍රම සමුද‍්‍රය ඉස්මත්තේ ඇති හිටපු ජනපතිගේ නිවාස හෝටල් ඉවත් කරගන්නැයි කියයි…”

  1. saman says:

    දැන් අපිට අඩුවකට තියන ඇවිදින මන්තීරු ටික ඉක්මනට හදලා දෙන්න

  2. desta says:

    ane me roshan gobbayo uba hekara kata wahagena paduwe hitapan polonnaruwen ubage chana1000k bawata path wei mee harako

  3. කදුරැවෙල වෙල්විදානේ says:

    ජපානයේදි වාහන හොරෙන් උස්සලා ලංකාවට එවලා පෝසත් උනු එවුන් Jogging Track වලට ආසයි. උන්ට ඔනැ වැවි නෙවෙයි, අමිම විකුණලා හරි සල්ලි හොයන්නයි. පාලකයො ඉස්සරහා කුක්කො වගේ දණින් නැමෙන මුංවගේ එවුන් රටටම කොඩිවිනයක්. ලබන ඡන්දෙදි මුගේ ඇපත් නෑ. රාජපක්ෂලාටත් කෙළපු පොළොන්නරැවෙි එවුන්ට මුංවගේ එවුන් ලොකු නෑ. යකෝ දැන් Jogging Track ද රටට තියෙන ප්‍රශ්නෙ? ගොවීන්ට පොහොර ටික දීපං. බිත්තර වී ටික දීපං. නැත්නමි තොපිට මිනිස්සු මඩුවලිගෙන් තලයි.

  4. Amda says:

    Very well said Roshan
    වැවේ වතුර හෝටලයට එනවා කියල මුන් වැවේ වැඩි වතුර අරිනවා…ඔය මඟුල් හෝටලය හදපු දවසේ ඉඳලම වෙන දෙයක්

  5. Sharm says:

    ආණ්ඩුවෙ හරක් රංචුව එලියට දාලා.. තප්පුලනවා ඉවරයක් නෑ පුදුම කංකරච්චලයක් වුනානෙ මේක.. මහ එකාට අැවිදගන්න බැරි නිසාද දෙමුහුන් පට්ටිය පන්සල් යන්නෙ??

  6. kalum says:

    මේ රටේ ද්පාශපාලුවො තමයි මේ රට නැති කලේ උන්ට නැවත වරක් ආත්මයක් නම් නෑ නිරයෙ තමයි ඉන්න ටික කාලේ ඉදලා යන්න වෙන්නේ. මොන කරුමෙකට මේ මේ රටේ දේශපාලුවො බිහිවෙලා ද මන්දන්නෙ නෑ. රටේ සම මිනිසුන්ගේ අවාසනාව, ඉන්න ටික කාලේ ඉදලා යන්නේ නිරයෙම තමයි පාලනය පක්ෂ දෙකම අන්ත වංචාකාරයො බිහිකරපු පක්ෂ. දෙකම මහ අජූතයි. අනේ කාලේ දේශපාලුවො වනේ වාසේ