පරාක‍්‍රම සමුද‍්‍රය ඉහත්තාවේ ඇති හිටපු ජනපතිගේ ගල් කොරිය, පුතාගේ නිවස, මල්ලිගේ හෝටලය ඉවත් කර ගන්න..- ඇමති රොෂාන්

October 1, 2021 at 3:00 pm | lanka C news
පරාක‍්‍රම සමුද‍්‍රය ඉහත්තාවේ ඇති හිටපු ජනපතිගේ ගල් කොරිය, පුතාගේ නිවස, මල්ලිගේ හෝටලය ඉවත් කර ගන්න..- ඇමති රොෂාන්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පවුලට අයත් ගල්කොරියක් පරාක්‍රම සමුද‍්‍රය ඉහත්තාවේ ඇති බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයාගේ නිවස තනා ඇත්තේ වැව් තාවුල්ලේ බවත් ඩඩ්ලි සිරිසේන මහතාගේ අරලිය හෝටලය ඉදිකර ඇත්තේ වැව් තාවුල්ල ද අත්පත් කරගත් බවත් අමාත්‍යවරයා පවසයි.

පරාක්‍රම සමුද්‍රය පූජනීය බව හිටපු ජනාධිපතිවරයා පවසන්නේ සද්භාවයෙන් නම් වැව් තාවුල්ලේ ඇති ඔහුගේ ඥාතීන්ගේ ගල්කොරි, හෝටල් සහ ගෙවල් ඉවත්කරගෙන වැවේ පූජනීයත්වය රැක දෙන්නැයි ඉල්ලා සිටියේය.

හිරු රූපවාහිනී පැවති වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

හටපු ජනාධිපතිවරයා තවදුරටත් කුමන්ත‍්‍රණකාරී වැඩපිලිවෙලක යෙදී සිටින බවත් එය තමන් හොදින් අවබෝධ කරගෙන සිටින බවත් ඔවුන්ගේ සහාය ඇතත් නැතත් ආණ්ඩුව පවත්වාගෙන යන බවත් එහිදී පැවසීය.

49,740 views

10 Comments to “පරාක‍්‍රම සමුද‍්‍රය ඉහත්තාවේ ඇති හිටපු ජනපතිගේ ගල් කොරිය, පුතාගේ නිවස, මල්ලිගේ හෝටලය ඉවත් කර ගන්න..- ඇමති රොෂාන්”

  1. baමුනා says:

    බොරු බයිලා නාට්‍ය දාන් නැතිව ගල්කොරියක් බලපත්‍රය තහනම් කරපන්කො.. මේ වගේ වැඩ බැරි අපතයෝ තමා රට කන්නේ

  2. සිරිසේන පවුලේ සහෝදරයින් පොලොන්නරුව පුරා තවමත් කරගෙන යන නීති විරෝධී පරිසර හානි , නීති විරෝධී වියාපාර , ගල් කොරි, වැලි ගොඩ දැමීම්, රක්ෂිත ඉඩම්වල අනවසර ඉදිකිරීම්, මේවා පිලිබද සොයා බලන්න.

  3. Chathupa says:

    සිරිසේන මහත්තයා මේ දවස්වල කියන දේවල් ඒ තරන් ගනන්ගන්න ඕන නැහැ. මිනිහා ඔය එක එක දේවල් වලට බොරුවට කැගහන්නෙ අර පාස්කු කේස් එක අමතක කරන්න.මිනිහගෙ නමනෙ කොමිසමේ මුලින්ම සදහන්වෙන්නෙ

  4. NuwanJ says:

    රටෙ සම්ලත් අවභාවිත කරල හොයන සල්ලි ශතයක් නැතුව මැරෙනකො අරන් පලයල්ල නැතිනම් මෙලොව ඉන්න අනිත් අයටත් මිනිස්සු සාපකරයි තව පරම්පරාවෙන් පරම්පරාවට .

  5. සේව් ද වැවස් says:

    කවුරු හරි ඕකට කියලා දෙන්න මෛත්‍රී එක්ක තියෙන ගනුදෙනුව ඒ අය එක්ක බේරගන්න කියලා. ජොගිං ට්‍රැක් වලට අපි කොහොමද විරුද්ධයි. ඉතින් ඒක සාධාරණයි කරන්න මෛත්‍රී වගාව ගත්තත් එකයි නැතත් එකයි අපිට ඒවායේ ඇති වැඩක් නැහැ.

  6. Amda says:

    Well said Roshan !!!!!!!!!!!!!!!

  7. Gajaba says:

    හිටපු ජනපති ගල් කොරියක් කරනවා? ??

  8. කදුරැවෙල වෙල්විදානේ says:

    ජපානයේදී වාහන හොරකමිකරලා ලංකාවට පටවලා සල්ලි ටිකක් හොයාගත්තු මූ දේශපාලනයට ගෙනාවෙි කවුද? සිරිසේනලාට කෙළින්න ගිය එවුං වැඩිදුර ගියේනෑ. මූත් ඒවගේ පපඩමක් තමයි. ඇතුලේ හුලං. මූ ගියපාරත් පොළොන්නරැවෙි පළවෙනියා වෙන්න දැඟලුවා. දැන්නමි මිනිස්සු දන්නවා රොෂාන් කියන්නෙ බොරැකාරයෙක් කියලා. කාලයක් ඔහොම අර්ල් ගුණසේකරත් දැඟලුවා, දැන් ආගිය අතක්නෑ. කොහොමත් සිරිසේනලා රාජපක්ෂලාට කැමතිනෑ. දැන්⁣⁣ බොරැවට ෂේප්වෙලා හිටියට වෙලාව ආගමන් උන් ගේමදෙනවා. දැන් මිනිස්සුන්ට රාජපක්ෂලා ගැන විශ්වාසයක් නෑ. ” කල්යල් බලල මම ගහන්නෙ උකුස්සා ගැහුවා වගේ” කියල මෛත්‍රීපාල කියන්නෙ ඒකයි. එදාට රොෂාන් ගොබිලයාට උතුර-දකුණ හොයාගන්න බැරිවෙනවා සිකුරැයි. එතෙක් තව ටිකදිනක් ඔහොම යං.

  9. අරුණ කුමාර says:

    රෝෂන්ගේ මන්තීරු කාරණය හරි. මේවා ලෝකයේ ඉතා ලස්සණට සාදා නඩත්තු කරනවා. ඓතිහාසික ස්ථාන සමීපයෙන් හා ළගින් ඇති ඇවිදින මංතීරු ඉතා වටිනා සංචාරකමය ආකර්ෂ්ණීය දෙයක්. චීන මහා ප්‍රාකාරය උඩින් හා සමීපයෙන් යන ලෝකප්‍රසිද්ධ මංතීරු අටක් තියනවා. අපේ රටේ මිනිස්සුන් ඉතිහාසය පොතක ලියල පොත වහගෙන ඉන්නවා. ඔය ඇවිදින මංතීරුවෙන් ඩඩ්ලි මහත්තයාගේ හෝටලයට හොඳ ප්‍රතිලාභයක් අත්වෙනවා. නුවර වැව වටේ බස් යනවා.

  10. saman says: