පරාජයෙන් පසු ශ‍්‍රිලනිප ඇමතිලාගේ කන් කඩා වැටිලා.. මං විපක්‍ෂයට යනවා..- ඇමති පුංචිනිලමේ..

February 21, 2018 at 3:00 pm | lanka C news
පරාජයෙන් පසු ශ‍්‍රිලනිප ඇමතිලාගේ කන් කඩා වැටිලා.. මං විපක්‍ෂයට යනවා..- ඇමති පුංචිනිලමේ..

ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන්ගේ රැස්වීමට ආ ඇතැම් ශ‍්‍රීලනිප ඇමතිවරුන්ගේ කන් කඩා වැටී තිබුනු බවත් යහපාලනයට කැමති ඇමතිවරුන් සැනසෙන්නට කතා කියූ බවත් නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේ මහතා පවසයි.

තමන් විපක්‍ෂයට යන බව එහිදි පැවසුවත් ජනාධිපතිවරයා මසකින් රැඩිකල් තීරණයක් ගන්නා බව කියූ නිසා එතෙක් ආණ්ඩුවේ සිටීමට තීරණය කල බවත් ඔහු කීය.

ජනාධිපතිවරයා මාසක් තුල එම රැඩිකල් තීරණය නොගතහොත් තමන් විපක්‍ෂය යන බවත් ඇමතිවරයා සදහන් කරයි.

‘රනිල් වික‍්‍රමසිංහ මහතා එක්ක වැඩ කරන්න බෑ. ජනාධිපතිවරයාට ඒ ගැන තිබෙන අත්දැකීම් අඩුයි. රැස්වීමලදී අගමැති එක කතාවක් කියනවා. රාජිත තව එකක් කියනවා.

ශ‍්‍රීලනිප අපි පසුගිය අවුරුදු තුනේ කල වැඩක් නෑ’ යයිද ඇමතිවරයා කීය.

69 views

12 Comments to “පරාජයෙන් පසු ශ‍්‍රිලනිප ඇමතිලාගේ කන් කඩා වැටිලා.. මං විපක්‍ෂයට යනවා..- ඇමති පුංචිනිලමේ..”

  1. kamalasirikuruwita says:

    ඔන්න තිත්ත වුනත් ඇත්ත. රනිල් ජනපතිට නාස්ලනුව දමල කියලනේ මේ කියන්නේ. එයාට නාස්ලනුවක් ගැන තේරෙන්න තරම් දැනුමක් නැහැ. ඒ නිසාම මයිත්‍රී තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු රනිල්ගේ වහල්ලු බවට විකුනලා තියෙන්නේ . පවු අප්පා !!!!!!

    • අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ says:

      කමලසිරි කුරැවිට, උඹ නොදන්නව උනාට මුළු ලංකාවම සුසන්ත පුංචිනිළමෙි කවුද කියල දන්නවා.මූ කළ අපරාධවලට යන්න අපායක් නැහැ.මහින්ද ආණ්ඩුකළේ මෙිවගේ අපරාධකාරයො එක්ක. මහින්ද අල්ලගෙන නීතියෙන් බෙිරැනත් මූට ස්වභාවධර්මය විසින් කෙදිනක හෝ නිසි දඩුවමි ලබාදීම සිකුරැයි.

  2. බන්ඩා says:

    තනිවම නම් විපක්‍ෂෙට යන්න එපා. කන් කඩා වැටිච්ච උන්ට යථාර්තය පහදලා දීල රනිලට කකුල් මාට්ටුවක් වත් දාන්න පුලුවන් වෙන්න විස්සක් වත් අරගෙනම යන්න. නැත්තන් ඉතින් පටි රෝල්.

  3. Aurora says:

    සිරිසේන බොරුපති විශ්වාස කල සියලු දෙනාම අද හෝ ඔහු තමුන් ගැන පමණක් සිතන මහා දුර්ජණයෙක් බවත් මහා බොරුකාරයෙක් බවත් කිසිදා විශ්වාස කල නොහැකි අමනයෙක් බවත් තේරුම් ගත්තනම් එය ප්‍රමාණවත්ය. ජනපතිකම නැතිවූ දිනයක හෝ අවංකව සිතේ ඇති දේ කියන්න මතක තබාගන්න. නිවැරදි මොහුට අගමැතිකම නොදීමේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ තීරණය 100% බව පසුගිය සති කීපය තුලදී සිරිසේනම ඔප්පු කලා.

  4. Nandasoma Suriyaarachchi says:

    දෙසැම්බර් වෙනකල් ඉන්න කියල පහුගිය අවුරුද්දෙත් කිව්ව නේද?

    කොහොම උනත්, ඡන්ද මොනව උනත්, මහබැංකු හොරුන්ට දඬුවම් දෙන්න තවම ප්‍රමාද මොකද??

    ඒවත් ඡන්දෙත් එක්කම යට ගියාද???

  5. NAK says:

    “ශ‍්‍රීලනිප අපි පසුගිය අවුරුදු තුනේ කල වැඩක් නෑ’ යයිද ඇමතිවරයා කීය.”
    Ei ehema kiyanne? supiri car gennala vikuna gaththe nethei?

  6. මාතලේ බණ්ඩා says:

    මූත් මුලින් UNP යෙන් කාපු එකෙක් නේද? විශ්වවිද්‍යාල ශිෂ්‍ය ඝාතණවලට සහ නාලන්ද එල්ලාවල ඝාතණයට නම කියවුනේ මෙයාගෙ නේද?පස්සෙ නඩුවලින් බෙිරෙන්න මහින්දට සෙටි උනානෙ.මහින්දත් බලය රැකගන්න ඔනෑම අසූචි ගොඩක ලැග්ගා. හොරැ, මැරයො, මිනීමරැවො, කුපාඩියො ඔක්කොම සෙටිකරගත්තා. මහින්ද ආයෙමත් බලය ගත්තත් වෙන්නෙ ඔයටික තමයි.

    • සාධාරණ මිනිසා says:

      සත්‍යය ප්‍රකාශ කල ඔබතුමා ට ස්තුතිය !

  7. කන්තලේ සෙනවිරත්න බණ්ඩාර says:

    ආයෙමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගෙ ඔළුවලට පරාල ඇණ ටිකක් ගහන්න බලමු. මහින්දට සෙටිඋනාම බෙිරෙන්නත් පුළුවන්.

  8. සුනිල් අත්තනායක says:

    OYA PARAYA THAMAY KOLLONGE OLUWATA PARALA ANA GAHALA MERUWE….!!!

    • Asaranaya says:

      පින් හාමි මාලු වලේ මාළු බානවා– පඹරාළයා වෙළේ ඉඳන් විසිල් ගහනවා,
      දුමියා ගොයියා කැලේ ට ගොස් ගන්ජා උරනවා,
      අනේ අපොයි! කොන්දා ඉතින්
      පොල්ල අල්ලන් අත හොල්ලනවා//

  9. bleo says:

    කන් කඩා වැටෙන්නෙ බල්ලන්ගෙ. ඒ කියන්නෙ මුන් දන්නව මුන්ගෙ ජාතකේ.

Main News