පරාජයේ ලැජ්ජාව නිසා රනිල් අස්වුනා.. ලැජ්ජාවක් ඇත්නම් අනුරටත් අස්වන්නැයි කියයි..

August 11, 2020 at 3:50 pm | lanka C news
පරාජයේ ලැජ්ජාව නිසා රනිල් අස්වුනා.. ලැජ්ජාවක් ඇත්නම් අනුරටත් අස්වන්නැයි කියයි..

බෙදුම්වාදය, අන්තවාදය කරපින්නාගත් වංචාව, මුලාව මුල්කොටගත් දේශපාලන ව්‍යාපාරවලට මෙවර මහ මැතිවරණයේදී ජනතාව හොඳ කනේ පාහරක් ලබාදී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පැවසීය.

1977න් පසු රනිල් වික්‍රමසිංහ මහතා නොමැති පාර්ලිමේන්තුවක් බිහිව ඇති බවත් මුදල් හා ජාත්‍යන්තර බලය කොපමණ තිබුණත් ‘මාළුවාට ජලය’ මෙන් ‘දේශපාලනඥයාට ජනතාව’ නොමැති වුවහොත් ලැබෙන ඉරණම දේශපාලනමය වශයෙන් මියයාම බවත් එක්සත් ජාතික පක්‍ෂය දැන්වත් තේරුම් ගතයුතු යැයි මොහොමඞ් මුසම්මිල් මහතා මෙහිදී සඳහන් කළේය.

‘සජිත් හැරගිය පිරිස ලක්‍ෂ 20ක්’

සජිත් ප්‍රේමදාස මහතා පිහිටුවන ලද සමගි ජන බලවේගය වටා එක්ව ඇත්තේ ඔහුට ජනාධිපතිවරණයේදී ඡන්දය ලබාදුන් ලක්‍ෂ 55න් ලක්‍ෂ 28ක පිරිසක් පමණක් බවත් මාස 09ක පමණ කාලයක් තුළ සජිත් ප්‍රේමදාස මහතා අතහැර ගොස් ඇති පිරිස ලක්‍ෂ 20කට අධික බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. පළාත් සභා වැනි ඉදිරි මැතිවරණවලදී සජිත් හැර යන පිරිස මීට වඩා වැඩි වනු ඇති බව ද ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

‘ජවිපෙ විද්වතා කවුද?’

විද්වතුන්, සමාජ ක්‍රියාකාරීන් හා දේශපාලනයට සම්බන්ධ විචක්‍ෂණභාවයක් පෙන්වා ඇති පිරිස්වලින් සමන්විත තැනැත්තන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තුවට ඇතුළත් කළ බවත් ජවිපෙ නියෝජනය වන ජාතික ජන බලවේගය තම ජාතික ලැයිස්තු ‘විද්වතා’ තවමත් ඉදිරිපත් කර නොමැති බවත් එසේම සජිත්ගේ ජාතික සමගි බලවේගය ද ජාතික ලැයිස්තු ‘විද්වතුන්’ තෝරා ගැනීමට නොහැකිව තවමත් ලතවන බව ද ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ කවර නමකින් තරග වැදුනද මැතිවරණයෙන් මැතිවරණයට ඡන්ද හා තම මන්ත්‍රි ධුර සංඛ්‍යාව අවම කර ගැනීමේ තරගයෙන් නම් සැමදා ජය ගන්නා බවත් මෙවර 3%ක ප්‍රතිශතයෙන් 3/225 තත්වයට අද වැටී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ වැද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ද සහිත මන්ත්‍රී ධුර 41ක් හිමිකරගෙන පසුව 02ක් පරිත්‍යාග කොට මන්ත්‍රී ධුර 39ක ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් බිහි කළ ජවිපෙ වසර 16කට පසුව ජාතික ජන බලවේගය යටතේ තරඟ වැදී මන්ත්‍රී ධුර 03කට හිමිකම් කියන බවත් පෙන්වාදුන් මොහොමඞ් මුසම්මිල් මහතා, මේ තත්වයට වගකිව යුත්තේ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහට තිබෙන ලැජ්ජාවවත් ඔවුන්ට තිබේනම් ඔවුන් කළ යුත්තේ පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම බවත් අවධාරණය කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

4,086 views

11 Comments to “පරාජයේ ලැජ්ජාව නිසා රනිල් අස්වුනා.. ලැජ්ජාවක් ඇත්නම් අනුරටත් අස්වන්නැයි කියයි..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    AKD mokatada as wenne , niyama gaman hemin yanne , ohu agamathi weema wada athaka nah

    • Puthano says:

      Lapaya apaye thamayi kawada hari agamathi wenne hemin balagena hitapan. 1970 passe ipaduna minissu thama jeewath wenawa.

      • Mangala says:

        ලපයා රටේ අගමැති වෙනවා 2055 දි.එතකල් ඉමු එයා කියන විදියට රට කරන්න.

        • Love nature says:

          මහා බැංකු මන්කොල්ලයට ,විල්පත්තු වන රක්ෂිතයට කල විනාශයට ,සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය පියවර ගන්නේ කවදාද ? අපි බලාගෙන සිටිනවා …

    • Dubba says:

      පක්ෂේ විවේචන බැහැ
      නායකයා විවේචන බැහැ
      ප්‍රතිසංවිධාන කතා බැහැ
      දෙන දෙයකින් පුළුවන් විදිහට කාපියව්
      වෙන දෙයක් බලා ගෙන හිටපියව්
      කට අරින්න ඕනනම් ලෝකේ කාටවත් නොතේරෙන කොහෙවත් නැති දෙයක් කතා කරපියව්

      මුන්ට තමයි වහල්ලු කියන්නේ!

  2. Kadiya says:

    ජනතාව UNP සහ JVP පක්ෂ දෙකට කණට ගැහුවා කියන එකට වඩා සුදුසුම ප්‍රකාශය තමයි UNP සහ JVP පස්ස පැත්තට පයින් ගැහුවා කියන එකයි. නමුත් අනුර සහ ටිල්වින් එහෙම ලේසියෙන් අස්වෙන ඩබලක් නොවේ. ගෙවල යකා වගේ එලවන්න බැහැ නිකම්ම, දොළ පිදෙනියක් දෙන්න ඕන, නැතිනම් බෝතලේක දාල සීල් කරන්න ඕන. පරාජයට හේතුව රාජපක්‍ෂ කියල මොකක්හරි තර්කයක් දැම්මොත් පුදුමවෙන්න එපා. එහෙමත් නැතිනම් පැරදුනේ JVP නොවේ ජාතික ජන බලවේගය කියාවි.

  3. Kadiya says:

    ජනතාව UNP සහ JVP පක්ෂ දෙකට කණට ගැහුවා කියන එකට වඩා සුදුසුම ප්‍රකාශය තමයි UNP සහ JVP පස්ස පැත්තට පයින් ගැහුවා කියන එකයි. නමුත් අනුර සහ ටිල්වින් එහෙම ලේසියෙන් අස්වෙන ඩබලක් නොවේ. ගෙවල යකා වගේ එලවන්න බැහැ නිකම්ම, දොළ පිදෙනියක් දෙන්න ඕන, නැතිනම් බෝතලේක දාල සීල් කරන්න ඕන. පරාජයට හේතුව රාජපක්‍ෂ කියල මොකක්හරි තර්කයක් දැම්මොත් පුදුමවෙන්න එපා.එහෙමත් නැතිනම් පැරදුනේ JVP නොවේ ජාතික ජන බලවේගය කියාවි.

  4. Chaminda malli says:

    උන්ට කොහෙද ලැජ්ජාවක්.

  5. UNP-GALIBBA says:

    අපි මුන් දෙන්නා නිලවෂයෙන් ගියොත් කියමු ගියා කියලා දෙන්නම ඉතින් ජටිල දෙබෑයන් නොවැ???????

  6. AKD says:

    ඒ ලැජ්ජාවක් තිබේ නම් නේ. අපට කොහෙද ලැජ්ජාවක්? ඒ නහරේ කපල ගොඩක් කල් කියල මුස්සම්මිල් දන්නේ නැද්ද? ඒ නිසා මමයි ඉදිරියටත් ගරු නායක තුමා.

  7. සිංහල බන්ඩා says:

    ජවිපාවුන් යනු සීඝ්‍රයෙන් වඳවීගෙනයන සත්ත්ව කොට්ඨාශයකි.

Main News