පරාජය වහගන්න ශ‍්‍රීලනිපය ඔළුවෙන් හිටගනී.. තමන් ගෙනා වාර්තාවට තමන්ම විරුද්ද වෙයි….

August 24, 2018 at 6:20 pm | lanka C news
පරාජය වහගන්න ශ‍්‍රීලනිපය ඔළුවෙන් හිටගනී.. තමන් ගෙනා වාර්තාවට තමන්ම විරුද්ද වෙයි….

පාර්ලිමේන්තුවේ විවාද වෙමින් පවතින පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරුද්දව ඡන්දය ලබාදීමට තීරණය කර ඇත.

ඇමැති ෆයිසර් මුස්තාපා පාර්ලිමේන්තු විවාදයේදී මේ බව කියා සිටියේය.

මෙම සීමා නිර්ණ වාර්තාව ශ්‍රී ලංකා දහස් පක්ෂය නියෝජනය කරන ඇමති ෆයිසර් මුස්තාපා විසින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දකි.

ශ‍්‍රීලනිපය විසින් ඊයේ දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී එහි මාධ්‍ය ප්‍රකාශක ඇමැති මහින්ද සමරසිංහ මහතා කියා සිටියේ මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් මෙම වාර්තාවට විරුද්දව ඡුන්ය භාවිත කරන බව එජාපය, ඒකාබද්ද විපක්‍ෂය මෙන්ම දෙමල සන්ධාන ඇතුළු සුළු ජාතික පක්‍ෂ ගණනාවක් වේලාසනම කියා තිබින.

ශ‍්‍රීලනිපය හා ජවිපෙ පමණක් ඡන්දය දීම සදහා සූදානමින් සිටියහ.

25 views
Main News