පරාජිත ප‍්‍රබලයාට යකා නගී.. මහින්දට සුබ පතන සියළු පෝස්ටර් ගලවන්නැයි නියෝග කරයි..

March 1, 2018 at 1:20 pm | lanka C news
පරාජිත ප‍්‍රබලයාට යකා නගී.. මහින්දට සුබ පතන සියළු පෝස්ටර් ගලවන්නැයි නියෝග කරයි..

මැතිවරණ ජයග‍්‍රහණයට සුභ පතා ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ‍්‍රයේ අලවා තිබූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගේ රුව සසහිත පෝස්ටර් ආණ්ඩුවේ ප‍්‍රබලයෙකුගේ දැනුම් දීමක් මත ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා ප‍්‍රධානියෙකුගේ නියෝගයෙන් ආයතනයේ ආරක්ෂක අංශය විසින් ඉරාදමා ඇත.

සංස්ථා ප‍්‍රධානියා ආරක්ෂක නිලධාරින් කැදවා නියෝග කර ඇත්තේ ඉකුත් පලාත් පාලන ඡන්දයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ලැබූ ජයග්‍රහනයට සුබපතා එම පක්‍ෂ වුර්තීය සමිතිය වන ප්‍රගතිශීලි පොදුසේවක සංගමය ල මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිතව සංස්ථාවේ අලවා ඇති සියලුම පෝසස්ටර් ඉවත් කරන ලෙසයි.

ආරක්ෂක අංශයට අදාල නියෝගය දෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ සංස්ථාවේ වැඩසටහනකට පැමිණි ආන්ඩුවේ ප‍්‍රබලයා පෝස්ටර් දැක ඇති බවත්, මේ පෝස්ටර් ඉවත් කරන ලෙස තමන්ට පැවසූ බවත්ය.

මේ පිලිබඳව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ වුර්තීය සමිතිය වන ප්‍රගතිශීලි ගුවන් විදුලි සංස්ථා ශාඛාවේ නිලධාරින් පවසන්නේ මේ අශීලාචාර ක්‍රියාව තම සංගමය හෙලාදකින බවයි.

21 views

5 Comments to “පරාජිත ප‍්‍රබලයාට යකා නගී.. මහින්දට සුබ පතන සියළු පෝස්ටර් ගලවන්නැයි නියෝග කරයි..”

  1. Asaranaya says:

    පෝස්ටරේ දැකලා ඒ ප්‍රබලයා බයෙන් බ්‍රාන්තවී දෙපැත්තෙන්ම පිටවෙලා ,රෙද්ද අනේ පව් ගන්දනෙ බැහැ

  2. john the baptice says:

    ආප්පයා කියන්නේ කාටද? ඒක වැරදි වචනයක්ද..

    දරුවෙකුට තියෙන හැගීම පලකරන්න තහනමක් තියේ කියලා කොහේවත් කියලා නැහැ.අම්මා තාත්තා එක්ක ඒ දරුවා ඇවිල්ලා අදහස් පල කලා කියලා ඒක නවත්වන්න බැහැ. ඒක කවුරුහරි කියල කරපු දෙයක්නම් තමයි වරද. එහෙමවෙයි කියලා අපි හිතන්නෑ. අපි මන්ත්‍රිවරු ගොඩක් පාගමනේ හිටියා.ඒ දරුවා වැරදි දෙයක් කියලද?ආප්පයා ගෙදර යවන්න කියලා කවුරු ගැනද ඒ කියන්නේ?ආප්පයා කියලා කවුරුහරි ඇති.ඒ ළමයා දන්න කවරුහරි කෙනෙක් ඇති.”

  3. Mahasona says:

    ජනසටන පාද යාත්‍රාවට තම දෙමාපියන් සමග පැමිණි කුඩා දරුවෙකුද “අප්පච්චිට ජය වේවා” සහ “ආප්පයා අපට එපා” යනුවෙන් කෑ ගැසුවේය.

  4. ජනමතය says:

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති වන සුදර්ෂණ ගුණවර්ධන, ඊට පෙර ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ව්‍යාපාරය (MDDR) නම් රාජ්‍ය නොවන සංවිධානයේ පිහිටෙන් ජීවත් වූයේය. (ඔහු දැනටත් ඇතැම් විට ඊට සම්බන්ධව සිටිනවා වීමට පුළුවන.) සුදර්ෂණ ගුණවර්ධන ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න හෙළිදරව් කිරීමට මුල් වූ එකී වෘතීය සමිතියට පොදු ජනයා ගේ ප්‍රණාමය හිමි විය යුතුය.

  5. අලුත් වචන says:

    සිංහලයට එකතු වූ අලුත් වචන

    ආප්පයා – එකට කා හතුරු කම් කරන්නා
    අවස්ථාවාදිය, පාවා දෙන්නා.
    ද්‍රෝහියා යන අරුත් සපයයි

Main News