පරාජිත ශ‍්‍රීලනිප නායකත්වයට මහින්ද බෑ කියයි.. පොහොට්ටුවේ නායකත්වය බාර ගෙන දැවැන්ත සන්ධානයක්..

February 11, 2018 at 11:20 am | lanka C news
පරාජිත ශ‍්‍රීලනිප නායකත්වයට මහින්ද බෑ කියයි.. පොහොට්ටුවේ නායකත්වය බාර ගෙන දැවැන්ත සන්ධානයක්..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කිසිසේත්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතීත්වය බාර නොගත යුතු බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අවධාරණය කරයි.

ශ‍්‍රීලනිප සභාපතීත්වය හිටපු ජනාධිපතිවරයා විසින් බාර ගත යුතු බවට වන වාර්තාවන් ගැන අදහස් පල කරමින් එහි ඉහලම ප‍්‍රකාශකයෙකු කියා සිටියේ මෙවර පළාත් පාලන මැතිවණයේදී ජනතාව විසින් අන්ත පරාජයකට ලක් කර ඇති ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය රාජපක්‍ෂ මහතා බාර නොගත යුතු බවයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගන්නා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාට ඉදිරියේදී ආරාධනා කරන බවත් ඉන් අනතුරුව ගොනැගෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලික කරගත් පුළුල් සන්ධානයේ සුළු පක්‍ෂයක් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සිටිය හැකි බවත් ඔහු දැඩිව අවධාරණය කලේය.

144 views

29 Comments to “පරාජිත ශ‍්‍රීලනිප නායකත්වයට මහින්ද බෑ කියයි.. පොහොට්ටුවේ නායකත්වය බාර ගෙන දැවැන්ත සන්ධානයක්..”

  1. duminda says:

    jarajeerana paksha desha paalanayae himikaruwa nowa lakk mawagae aadaraneeya baarakaruwa wanna……….

Main News