පරාජිත සජිත් තාමත් විලිලැජ්ජාවෙන්.. රනිල්ට කරූටත් මුහුණ නොදී සැගවෙයි.. සජිත් පිල කන් කඩා වටෙයි..

November 26, 2019 at 10:12 pm | lanka C news
පරාජිත සජිත් තාමත් විලිලැජ්ජාවෙන්.. රනිල්ට කරූටත් මුහුණ නොදී සැගවෙයි.. සජිත් පිල කන් කඩා වටෙයි..

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර අද පස්වරුවේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබිණි.

නමුත් සජිත් ප්‍රේමදාස මහතා ඊට සහභාගි වූයේ නැත.

ඔහු දන්වා තිබුනේ තමන් අසනීප තත්ත්වයෙන් සිටි නිසා මීට සහභාගි විය නොහැකි බවයි.

මේ හේතුවෙන් කරු ජයසූරිය මහතාගේ පුද්ගලික නිවසේ දී පැවති හමුවේ දී කරු ජයසූරිය හා රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා අතර පමණක් සාකච්ඡාවක් සිදුව ඇත.

සජිත් ප්‍රේමදාස මහතා මෙම සාකච්ඡාව මග හැරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඔහුට හිතවාදී මැති ඇමැතිවරුන් සිය සමාජ ජාල ඔස්සේ මීට අයහපත් ප‍්‍රතිචාර දක්වමින් ඇත.

මෙම සාකච්චාවේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් සිදු කිරීමට නියමිතව තිබූ බව වාර්තා වෙයි.

76 views

11 Comments to “පරාජිත සජිත් තාමත් විලිලැජ්ජාවෙන්.. රනිල්ට කරූටත් මුහුණ නොදී සැගවෙයි.. සජිත් පිල කන් කඩා වටෙයි..”

  1. පෑඩ් ප්‍රේමදාස says:

    මට හොඳ ඇන්ජිමක් තියෙනවා.
    මට හොඳ මෝටර් එකක් තියෙනවා.
    මට හොඳ ජවයක් තියෙනවා.

    ඒ වුනාට මට කොන්දක් නෑ!

    • Rata Wenuwen says:

      ඒ වුනාට ස්ටාටර් මෝටරේ පීනියන් එක ඇතුලට යන්නේ නැහැ පෑඩ් දාපු නිසා. නෝ ස්ටාර්ට් !

  2. Niru says:

    Looks like the Dynamo worked only for 2 months

  3. යාල දේවි says:

    කතාව දෝලාවෙන් ගමන පයින්

  4. David Milli-banda says:

    To bloat this Naive Sajith, now there is no Mangala.
    Mangala led him up the gum tree. Only a noose is required.

  5. රාහුල කොලුවා says:

    ඇනුන ඇනිල්ලේ හැටියට තාම උතුර දකුණ හොයනවා ඇති…

  6. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    සජිත් ඉස්සරහට යාල කැලේ ටාසන් වෙන්නයි ඔය හදන්නේ.

  7. vishnu says:

    විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ

  8. SLCommunity says:

    Election ekata kalin ratee minissunta inna dunne na kakul lewakaawa, horen awith ebikam keruwa, oxygen dunna dan kaleeta gehin ehe inna sathekutawath nidahase inna denne nathiwa athi…. Sajith waahee gama kaawee kiwwalu….

  9. SLCommunity says:

    Mun thundenage katusu muunawal diha baluwama sasara kala kirenawa…..

  10. anoosh says:

    Yala Pad Sajith is a disgrace to UNP history, and now he has destroyed his father’s political background.

Main News