පරිගණක අධ්‍යාපනය 5 ශ්‍රේණියේ සිට ලබාදීම සම්බන්ධයෙන් ජනපතිට ප්‍රශංසා..

March 8, 2020 at 8:02 am | lanka C news
පරිගණක අධ්‍යාපනය 5 ශ්‍රේණියේ සිට ලබාදීම සම්බන්ධයෙන් ජනපතිට ප්‍රශංසා..

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

පරිගණක අධ්‍යාපනය 5 ශ්‍රේණියෙන් ඉහළට ලබාදීමට අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් ජනපතිවරයාට අප සංගමයේ ප්‍රශංසාව

කාලීන අවශ්‍යතාවයක් හදුනා ගනිමින් පරිගණක අධ්‍යාපනය පහ ශ්‍රේණියෙන් ඉහල පාසල් සිසුන්ට ලබාදීමට වත්මන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීම සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් අපගේ ප්‍රශංසාව එක් කරමු.

ශ්‍රී ලංකාවෙහි සිටින ජනතාවගේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහල නැංවීමට රජය ගෙන ඇති මෙම ක්‍රියාමාර්ග වලට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ පුර්ණ සහයෝගය ලබාදීමට අපේක්ෂා කරමු.

තවද පසුගිය කාල වකවානුවෙහි කඩාවැටී තිවු ‘නැණසල’ පරිගණක තාක්ෂණ වැඩසටහන යලි පණගන්වන්නට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීම කාලෝචිත ක්‍රියාවක් බවද අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් දැනුම් දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

208 views

3 Comments to “පරිගණක අධ්‍යාපනය 5 ශ්‍රේණියේ සිට ලබාදීම සම්බන්ධයෙන් ජනපතිට ප්‍රශංසා..”

  1. ප්‍රකාශයක් සම්බන්ධව says:

    ඒ රාග, ද්වේශ, මෝහ නොමැති නිකලෙස් මහා කාරුණික බුදු රජාණන්වහන්සේගේ දළදා වහන්සේගේ “ප්‍රාතිහාර්යකින්” කෙනෙක්ට පිස්සු හැදිල ඒ ලන්දේසි පිරිස මරණයට පත් වෙනවා කියන එක භාග්‍යවතුවහන්සේ තුළ ඇති මහා කාරුණිකත්වයටත් නිකලෙස් භාවයටත් අභූතයෙන් නගන චෝදනාවක් නොවේද?මහා කාරුණික බුදු රජාණන්වහන්සේ තුළ කෙලෙස් නැති නිසා කිසිසේත් එවැන්නක් වෙන්න බෑ නේද? විඩූඩභ ශාක්‍ය සංහාරයක් කරද්දිත් කිසිවෙක්ටවත් හානියක් වෙන්න අධිෂ්ඨානයක් නොකළ උන්වහන්සේගේ මහා කාරුණිකත්වය කර්මකර්මඵල ගැන සර්වඥ භාවය පෙන්වෙනව. යම්කිසි දේව හෝ අමනුස්ස බලපෑමක් වෙන්න පුළුවන්. නැත්නම් කර්මානුරූපව එවන් ඉරණමක් සහිත පිරිසක්වම දළදා වහන්සේගේ අනුභාවයෙන් එම ආක්‍රමණ සදහා යෙදවුණා වෙන්න පුළුවන්. මම මේක මුළින්ම අහනකොටම හිතට වැදුණු දෙයක් නිසයි කියන්න හිතුනෙ.

  2. John smith says:

    What about English language which should be introduced into early education system as well.

  3. පරිගණක අධ්‍යාපනය සමගම පොඩි උන්ට ගුණ ධර්ම වල වටිනාකමත්, ධාර්මිකව ජීවත්වීමේ මාර්ගයත්, බෞද්ධ සංස්ක්ෘතියේ වටිනාකමත්, අපේ ෛතිහාසික උරුමයනුත්, පරිසරය රැකීමේ වටිනාකමත් ඒ සමගම කියා දුන්නොත් තමයි අනාගත පරම්පරාවේ පැවැත්ම රැදී ඇත්තේ…
    අපගේ වටිනාකම් හළා දමා, බටහිර අයගේ සියලු දෙයම ඒ ලෙසම අනුකරණය කිරීම නොව, ඒ අයගේ වටිනා දේ අපගේ වටිනාකම් තුළට අවශෝෂණය කර ගැනීමයි වැදගත් වන්නේ..

Main News