පරිපාලන ඒකක එපා නම් පාර්ලිමේන්තුව විසුරුවා ජනාධිපතිට තනිව රට පාලනය කරන්න දෙන්න..- ඇමති ප‍්‍රසන්න

December 16, 2020 at 2:10 pm | lanka C news
පරිපාලන ඒකක එපා නම් පාර්ලිමේන්තුව විසුරුවා ජනාධිපතිට තනිව රට පාලනය කරන්න දෙන්න..- ඇමති ප‍්‍රසන්න

එක්කො පලාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත් නැතිනම් පලාත් සභා අහෝසි කලයුතු බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ පලාත් සභා ක්‍රමය අහෝසි කරන්නේ නම් පාර්ලිමේන්තුව සහ පලාත් පාලන ආයතන අතර සංවර්ධනය ක්‍රියාත්මක කෙරෙන යාන්ත්‍රණයක් සැකසිය යුතු බවයි.

ගම්පහ වැලිවේරියේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 259 වැනි ශාඛාව විවෘත කිරිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කලේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

“ සමහරු පලත් සභාව සුදු අලියෙක් කියලා චෝදනා කරනවා. වැඩ කරන්න බැරිවුණු මිනිස්සු පත්වුනාම තමයි ඕනෑම ආයතනයක් සුදු අලියෙක් වෙන්නේ.මම පලාත් සභා මහ ඇමතිවරයා ලෙස වැඩකරන කාලේ වැඩ කරලා පෙන්නුවා.පලාත් සභා ක්‍රමයෙන් අත්දැකීම් සහිත දේශපාලනඥයෙක් බිහිකල හැකියි. දැන් පහුගිය කාලේ පාර්ලිමේන්තුව විසුරුවලා ජනාධිපතිතුමා රට පාලනය කරගෙන ගියානේ. මම කියන්නේ පරිපාලන ඒකක අවශ්‍ය නැත්නම් පාර්ලිමේන්තුවත් විසුරුවලා ජනාධිපතිතුමාට තනිවම රට කරන්න ඉඩදෙන්න පුළුවන්.”

ගුවන්තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ ඇමතිවරයා කියා සිටියේ ජනවාරි සිට එය විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි. මේ මස 26 වනදා සිට විශේෂ ගුවන්යානා සඳහා අවසර ලබාදෙන බවත් ඕනෑම සංවිධානයකට හෝ ආයතනයකට ඒ සඳහා අවසර ලබාගත හැකි බවත් ඇමතිවරයා කීවේය. වාණිජ ගුවන් ආරම්භ කෙරෙන්නේ 26 වනදා සිට ආරම්භ කෙරෙන නියමු ව්‍යාපෘතිය අනුව එහි අඩුපාඩු නිවැරදි කරගනිමින් බවද ඔහු පෙන්වා දුන්නේය.

සංචාරකයින් දිවයිනට ගෙන්වීම තුලින් කොවිඩ් පොකුරක් බිහිවිය හැකි බවට විපක්ෂය කරන චෝදනාව ප්‍රතික්ෂේප කල ඇමතිවරයා රට තුල පසුගිය කොවිඩ් රැලි නිර්මාණය වූයේ ගුවන්තොටුපල විවෘත කල නිසාදැයි ඇසුවේය.

“ මේ වෙනකොට ‍බොහෝ රටවල් ගුවන්තොටුපලවල් විවෘත කරලා. අපට වඩා ආසාදිතයෝ වැඩි මරණ වැඩි රටවලුත් මේ අතර වෙනවා. විපක්ෂය බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් වැඩිවෙනකල්. රටේ කොවිඩ් වසංගතය වැඩිවුණාම විපක්ෂය ඒකෙන් කාලකණ්නි සතුටක් ලබනවා. ඒ නිසයි ජනතාව බියගන්නවන්න හදන්නේ.”

– ප්‍රදීප් අනුර කුමාර

27,869 views

22 Comments to “පරිපාලන ඒකක එපා නම් පාර්ලිමේන්තුව විසුරුවා ජනාධිපතිට තනිව රට පාලනය කරන්න දෙන්න..- ඇමති ප‍්‍රසන්න”

  1. ප්‍රේමනාත් says:

    මහ ඇමති කෙනෙක් වුනොත් කෝටි ගානක් හම්බ කරන්න පගාව අරගෙන මං වගේ ..

  2. ගමරාල says:

    පළාත් සබා යනු මතුවට රට පෙඩරල් කරන ක්‍රියාවලියකි.

  3. අපේ රට says:

    පහුගිය කාලේ පාර්ලිමේන්තුව විසුරුවලා ජනාධිපතිතුමා රට පාලනය කරගෙන ගියානේ. මම කියන්නේ .”පලාත් සභා ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව සහ පලාත් පාලන ආයතන අතර සංවර්ධනය ක්‍රියාත්මක කෙරෙන යාන්ත්‍රණයක් සැකසිය යුතු බවයි. රාජ්‍ය නිළධාරින්ගෙන් සමන්විත කමිටුවකින් පාර්ලිමේන්තුව හා පලාත් පාලන ආයතන සම්බන්ධකර පරිපාලන ඝා සංවර්ධන සැළසුම් ක්‍රියාත්මක කලහැක.

  4. ඩිංගිරි says:

    පළාත් සභා කියන්නේ ජනතාවගේ බදු සල්ලි නාස්ති කොරන නිෂ්පල දෙයක්. ජනතාව පළාත්සභා එපා කියනවනං මුන්ට ඒ ගැන කථාවක් නැහැ. මුන් ජනතාවට අනවශ්‍ය දේවල් කොරන්න ගියොත් ඊ ළඟ චන්දෙදී මුනුත් ගෙදර අරිනවා.

  5. Kalana says:

    අනේ ගොන් මෝඩයෝ,තොපිට ආතල් ගන්න පුහුණු වෙන්නයි පළාත් ,සභා තියෙන්නේ.

  6. Buddhist says:

    Parlimenthuwe inna evun okkoma horu nam Janadhipathi ohuta ona widiyata asuruwannawata wada wena deyak karanna na.

Main News