පරිශීලක දත්ත විකුණන බව Whatsapp කියයි.. අකමැති අය ඉවත් වෙන්නැයි දන්වයි..
January 9, 2021 at 6:23 am | lanka C news
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
නව කොන්දේසි සමග එකඟ නොවුනොත් වට්සැප් යෙදුම ලබන මස සිට භාවිතා කිරීමේ අවස්තාව ගිලිහී යාමේ අවදානමක්
ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත සන්නිවේදන යෙදුමක් වන වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි 8 දා සිට වෙනස් කිරීමට වට්සැප් සමාගමේ මව් සමාගම වන ෆේස්බුක් සමාගම කටයුතු කර තිබේ.
මේ අනුව පෙබරවාරි 8 දා සිට වට්සැප් යෙදුම භාවිතා කිරීමට නම් පරිශීලකයන් වට්සැප් සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව සමග එකඟ වියයුතු අතර එය සමග එකඟ වීමට අකමැති පරිශීලකයන් හට පෙබරවාරි 8 දා සිට වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම භාවිතා කිරීමේ අවස්තාව ගිලිහි යනු ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කරමු.
වට්සැප් යෙදුමෙහි නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව මගින් පරිශීලකයන් වට්සැප් යෙදුම හරහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය සදහා ෆේස්බුක් සමාගමට ඉඩප්‍රස්තාව සහ එම දත්ත වාණිජමය අරමුණු සදහා යොදාගැනීමට සදහා ඉඩලැබෙන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික ජනතාව වෙත වැඩිදුරටත් පෙන්වා දෙමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
ඔබට නොදැනී ඔබවත් විකුණන ඔබගේ රුචි අරුචිකම්වලින් මුදල් හොයන ෆේස්බුක් වැනි කාලය කා දමන කාලකණ්නි සමාජජාලාවලින් ඈත්වෙන්න
Gvts can ban whatsapp considering the privacy protection of its citizen quick and easy lesson for whatsapp owner
ඔය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියන එකේ ඉන්න එකම සාමාජිකයා ඔය සභාපති කියලා කියාගන්න කිරි මවිල් හාදයා විතරයි.
තොරතුරු නොදන්නා නිලධාරීන් (තොරතුරු තාක්ෂණය දන්නවා වාගේ රඟපාන), රට ඩිජිටල් පාවාදිමක, සුළු උදාහරණයක්, සියළුම විද්‍යුත් තැපැල් ගිණුම් එක්තරා සමාගමක ගිණුමට බැර කර ඩොලර ශත ගානේ උනත් පිටරටට යවනවා. ඩ්‍රයිව් එකක්, ෆෝර්ම් එකක් පෙන්නවා මේකයි තාක්ෂණය කියලා රවටනවා. නියෝජිතායතනයේ හිටපු හොරු රැලත් මේවට උඩගෙඩි දුන්නා අපේ දත්ත අපට නැහැ කවදාහරි. කෝප් එකෙන් හෙලිඋනත් යහතින් ඉන්නේ කොහොමද යන රහස දැනගන්න සතුටුයි.
අපි නම් ඉතිං ඉමෝ තමයි.
watsap කියලා කරනවා, අනිත් අය නොකියා කරනවා. ෆෝන් එකක් ගත්ත වෙලාවෙ ඉදන් තමන්ගේ පෙෳද්ගලිකත්වය 90% ක් ම නැහැ.
Boru Billo Mawanawaaa ..Kaalakanni Yakku ….
mun mehe voice , message tap karanawa apita kiyalada …?
tamunta awwasinam call log pitin makaala daanawa ..Apita Kiyalada /
Ay Palathakama CCTV Off wena Scene
පෞද්ගලික මොන තොරතුරුද බන් ලංකාවෙ මාද්‍ය නාලිකා මොලේ ඉදන් කකුක් දෙකටම හෝදන්නෙ. ඉතින් whatsapp මොනව කලාම මොකෝ.