පරිසර හානි කල 300කට නඩු..

March 27, 2021 at 12:40 pm | lanka C news
පරිසර හානි කල 300කට නඩු..

පරිසරයට හානි කිරීමේ චෝදනා මත මේ වන විට පුද්ගලයන් තුන්සියයකට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ආනවිලුන්දාව රක්‍ෂිතය ඩෝසර් කිරීම සිදුවීමේ සිට මේ දක්වා පරිසරයට හානි කිරීමේ චෝදනා මත මෙම පිරිසට එරෙහිව අධිකරණයේ ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද ඇමැතිවරයා පැවැසීය.

පසුගිය මාස කීපය තුළ වන විනාශය හා පරිසර හානි විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති බැවින් එය වළක්වා ගැනීමට සියලු ගම්මානවල පරිසර කමිටු පිහිටුවීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

තම ප්‍රදේශයේ සිදුවන පරිසර හානි ඒ මොහොතේම අදාළ අංශවලට දැනුම් දීමේ අවස්ථාව මෙම කමිටුවට හිමිවන බවද ඇමතිවරයා කියා සිටියේය.

3,170 views

4 Comments to “පරිසර හානි කල 300කට නඩු..”

  1. පොල්ගහවෙල says:

    athatama පරිසර හානි welada ?

  2. "විල්පත්තුව" says:

    දියවන්නා සුදු ලෝගුව
    පන්සල් කහ ලෝගුව
    උසාවි කලු ලෝගුව
    ඉන්නතුරුම
    අපිව විනාශ වෙනවාමයි…!

  3. Love nature says:

    වැඩි පිරිසක් ඇමතිවරු වෙන්න පුලුවන්.

  4. Nawodhi says:

    Small three wheel garages operate in high resident areas are the main reason for increasing cancer. But under the full blessing of police, CEA, PHIs in Municipalities these garages are operating fully day and nights. Piliyandala police area more than 100 illegal garages are operating under the full blessing of corruptive PHIs of the Kesbewa Municipality and the police station.

Main News