පරිසර හිතකාමි නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගුවනින් කටුනායකට එයි.. කාබනිකද රසායනිකද නොකියයි..

October 19, 2021 at 6:48 pm | lanka C news
පරිසර හිතකාමි නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගුවනින් කටුනායකට එයි.. කාබනිකද රසායනිකද නොකියයි..

කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

——–

මෙවර මහ කන්නය සඳහා රැගෙන ඒමට නියමිත පරිසර හිතකාමි නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 න් පළමු තොගය අද (19) රාත්‍රියේ ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් UL 1156 ගුවන් යානයෙන් ඉන්දියාවේ සිට කටුනායක ගුවන්තොටුපොලට රැගෙන ඒමට නියමිතය.

මෙම සතිය තුලදී පමණක් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ පහක් ලංකාවට රැගෙන ඒමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සඳහන් කරයි.

අද (19) රාත්‍රියේ ඉන්දියාවේ සිට රැගෙන එන මෙම දියර පොහොර තොගය අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති දිස්ත්‍රික්කවල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබා දීමට කටයුතු කර ඇති බවද ලේකම්වරයා සඳහන් කෙළේය.

පරිසර හිතකාමි කෘෂිකර්මයක් සඳහා වූ ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙල යටතේ මෙවර මහ කන්නයේ වී ගොවිතැන හා අනෙකුත් බෝග සියල්ලට කාබනික පොහොර භාවිතා කීරිමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වේ.

ඉන්දියාවේ සිට අද (19) ශ්‍රී ලංකාවට රැගෙන එන මෙම විශේෂිත පොහොර ලෝකයේ දියුණුම නැනෝ තාක්ෂණය භාවිතා කොට නිෂ්පාදනය කර ඇති බවද මෙය පරිසර හිතකාමි ඉහළ සාර්ථකත්වයක් පෙන්වා ඇති පොහොරක් බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා අවධාරණය කරයි.

තවද ඉන්දියාවේ IFFCO ආයතනය මඟින් නිපදවන ලද මෙම පොහොර ලෝකයේ උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදනයක් ලෙස පිළිගෙන ඇති බවද පෙන්වා දෙන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකාවට මෙම පොහොර තොගය කඩිනමින් ලබා දීමට මැදිහත් වීම පිළිබඳව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට හා ඊට සම්බන්ධ වූ සියලු පාර්ශවයන්ට කෘතඥතාව පළ කරන බවද සඳහන් කළේය.

ජයසූරිය උඩුකුඹුර
අමාත්‍ය මාධ්‍ය ලේකම්

21,027 views

19 Comments to “පරිසර හිතකාමි නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගුවනින් කටුනායකට එයි.. කාබනිකද රසායනිකද නොකියයි..”

  1. Sanka says:

    Hà Hà Hà නයිට්‍රජන් දියර පෝර,…. ඇමෝනියම් නයිට්‍රජන් liquid 21%

    ඕක තමයි ඔය ගේන්නේ. අන්දන එක පුරැදද්ක් හින්දා නැනෝ කැල්ලක් එකතු කරලා. දැන් මේවා ෆලිට්වල ගේන්නේ අන්තිම වෙනකල් ඉඳලා ඇන ගත්ත හින්දද?

  2. kuma says:

    This is a real Joke,
    Now we spend much to import fertilizer by air freight. This is also Chemicals. This not a organic fertilizer.
    Ministers and the professors who are supporting to the government should know most of the Sri lankans has gone to school at least to grade 8.
    What we had to do is use the fertilizer in the correct formula. Excessive usage is the mistake.
    There is no adviser to the government. All the Viath maga professionals are working to get the positions in the government to engage in corruption. No genuine people

    • concerned says:

      කුමා කියන දේ සම්පූර්ණයෙන්ම නිවැරදි ය. පොහොර තහනම් කරන ලෙස රජයට උපදෙස් දීම සඳහා රතන, පාදෙනිය සහ සබරගමුවේ යාපා වැනි සාමාජිකයින් වගකිව යුතුය. මෙම තීරණය වෙනස් කරන ලෙස කෘෂිකාර්මික වෘත්තිකයින් 102 ක් ජනාධිපතිවරයාට පෙත්සමක් ලියූ නමුත් ඔහු දැඩි ස්ථාවරයක සිටියේය. මේ අය වියත්මගට සම්බන්ධ වූයේ තානාපති තනතුරු, උපකුලපති තනතුරු සහ වෙනත් රැකියා ලබා ගැනීමට මිස ඔවුන් රටට ආදරය නිසා නොවේ. ආචාර්ය පෙතියාගොඩ සිය බොරු හෙළි කිරීමෙන් පසු පාදෙණිය දැන් නිහdaය. එවිට රතන නිහdaව සිටියේ කාබනික කෘෂිකර්මාන්තය ප්රවර්ධනය කිරීම සඳහා ඔහු කලින් සිදු කළ සෙමා ව්යායාමයේදී රෑට යූරියා භාවිතා කරන ලෙස ගොවීන්ට උපදෙස් දුන් බැවිනි.
      නැනෝ යූරියා යනු කැල්සියම් සයනමිඩ් වැනි වෙනත් රසායනික ද්රව්ය සමඟ යූරියා ya. එය සමහර මෝඩ ඇමතිවරුන් සිතන තරම් කාබනික ද්රව්යයක් නොවේ. නැවතත්, මේ මෝඩ යාපා කියන්නේ එප්පවෙල පොස්පේට් පවා පසෙන් එන බැවින් එය කාබනික බවයි. ඔහු නැවත මූලික රසායන විද්යාව හැදෑරිය යුතුයි. සෝඩියම් ක්ලෝරයිඩ් මුහුdin එන බැවින් එය කාබනික යැයි ඔහු පැවසුවහොත් එය පුදුමයක් නොවේ

  3. ASK says:

    Good news!

  4. Sam says:

    Reality, I guess, no company is giving fertilizer for credit for SL. There is huge demand for fertilizer and not only Sri Lanks, but also some other countries find it difficult to secure fertilizer for their farmers. SL government is hiding the facts behind organic farming. This is total failure of all government from the day of freedom. Can somebody verify this fact true or false ?

  5. මැදමුලනෙ මුත්තා says:

    ඔය සෞභාග්‍යයේ දැක්ම කියන ප්‍රතිපත්ති ප්‍රකාශනය ලියල තියෙන්නෙ කෘෂිකර්මාන්තය ගැන කිසිම ප්‍රායෝගික දැනුමක් නැති වියත්මගේ හිටපු උගත්යැයි කියාගත් ගොබිබයො ටිකක්. මුළු ලෝකයේම මුළුමනින්ම කාබනික පොහොර භාවිතා කරන රටවල් නෑ. සංකල්පය හොඳයි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බෑ. අස්වැන්න අඩුයි. ගෙරිකටු පොහොර දැමිමෙ ඉස්සර. දැන් කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය යොදාගන්නවා. කෘෂි විශේෂඥයින් කියන්නෙ රසායනික පොහොර අවශ්‍යයි කියලා. ශ්‍රීලංකාවෙ කාබනික වගාව කරන්න කියන අතරේ, මුං ඉන්දියාවෙන් රසායනික පොහොර වගාකරල නිෂ්පාදනය කළ හාල් ගෙන්නනවා. එතකොට ගොවීන්ටද, මෙි පාලකයිටන්ද පිස්සු?. ගෝඨාභය කරන හැම වැඩක්ම අනාගන්නවා. ගැසටි ගහනවා නැවත අවලංගුකරනවා. රසායනික පොහොර නොලැබුනොත්, ලබන අවුරැද්ද වෙනකොට කෘෂි අස්වැන්න විශාල ලෙස අඩුවෙනවා. ගෝඨාභය බලයට ගේන්න ඡන්දෙ දුන්න බහුතරය ගොවීන් සහ කමිකරැවන්. දැන් මහින්දගෙ, ගෝඨාභයගෙ, මහිදානන්දගෙ පඹ⁣යින්ට පහරදෙනවා, ගිණිතියනවා. මෙිව ගොවීන්ගෙ හදවතෙන් මතුවන සැබෑ විරෝධතා. ඒකට JVP එකට හෝ සජිත්ට බැනල වැඩක්නෑ. මැති ඇමතිවරැන්ට ගමිවලට යන්න බෑ. උද්දචිචකම පැත්තක කියල ගොවීන් මුහුණදෙන මෙි ගැටළුවට විසඳුමි හොයපල්ලා. ගොවීන්ට පොහොරටික දීපල්ලා. පොහොර දුන්නත්, නැතත් ඉදිරි ඡන්දයකින් මෙි ආණ්ඩුව අන්ත පරාජයකට ලක්වීම ස්ථිරයි.

  6. Kalu Albot says:

    “Nano” kella ekathu karalaa thiyenne mewaa “Gnaanakkage upades” anuwa genwana hindaa wenna puluwani. “Nayit” kella ekathu karalaa thyenne raathri kaalaya wenuwen wennathi. Diyara pora kiyanne Supiri “Hujja” wennath Puluwani.Bara gaanak gewanna athi!!