පරීක්‍ෂණවලින් 0.3%ක් ආසාදිතයන්.. කොළඹ ලොක්ඩවුන් කරනවාද..?

October 14, 2020 at 10:02 pm | lanka C news
පරීක්‍ෂණවලින් 0.3%ක් ආසාදිතයන්.. කොළඹ ලොක්ඩවුන් කරනවාද..?

කොළඹ නගරය සම්පූර්ණයෙන් වසා දැමීමට කටයුතු කරන්නේද තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය, වසංගත රෝග විද්‍යා අංශය, කොරෝනා මර්දනය කිරීමේ කාර්යය සාධක බලකාය, කොළඹ නගර සභාව එක්ව සාකච්චා කිරීමකින් බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

නමුත් මේ මොහොතේ එවන් වසා දැමීමකට අවශ්‍යතාවක් නැති බව තම පෞද්ගලික අදහස බවද ඒ මහතා සඳහන් කළේය.

ඔක්තොම්බර් මස 4 වැනි දා සිට මේ දක්වා වූ කාලයේ දී කොළඹ නගර සීමාව තුළ කොරෝනා පරීක්ෂණ 2884 සිදුකර ඇති බවත් ඉන් 11 දෙනෙකු කොරෝනා ආසාදිතයන් හමු වූ බවත් ඒ මහතා පැවසීය.

මේ අගය ප්‍රතිශතයක් ලෙස 0.3% ක පමණ ප්‍රමාණයක් බවත් ඔහු කියා සිටියේය.

දෙරණ රූපවාහිනිය සමග සාකච්චාවකදී ඔහු මේ බව සඳහන් කලේය.

123,605 views

10 Comments to “පරීක්‍ෂණවලින් 0.3%ක් ආසාදිතයන්.. කොළඹ ලොක්ඩවුන් කරනවාද..?”

  1. Is this true or lie? says:

    මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව ඇති වී තිබුණ කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයන් ඇතුළු කොරෝනා ආසාදිතයන් එකසිය හැට දෙනකු කොළඹ දිස්ත්‍රික් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය.

  2. Wijebahu says:

    Only 2884? Pathetic number. No wonder number of cases reported were low before.

  3. Kalana says:

    30% ක් විතර වෙනකල් හිටපල්ලා ලෝක ඩවුන් කරන්න. දැන් චන්ද නැහැනේ.

    • opps says:

      එන්නා සේය්යදු මචන්, වහපුහාම වැලලෙන්ට හදනවා කන්ට නෑ අරක න මේක නෑ කියලා, පුතානොගේ උන් කඩවල් කඩන්ට හදනවා, ඇරලා තියනකොට වැලලෙන්ට හදනවා වහන්නේ නැත්තේ මොකද කියලා, එකක් කියපල්ලකෝ ඇරලද/වහලද

  4. ඩී says:

    Lock Down යන වචනේට නව අරුත Curfew නොවේද?

    රටම වැලදගෙන කොරෝනාවෙන් නමුත් සමාජෙට තාම ගිගිං නැද්ද?

    සමහර පැති වහලා, පාසල් රටේම වහලා, රෝහල් පැති වහලා, කඩ වැහෙමින් යනවා. රජයේ නිල නිවේදන අවශ්‍යද? තමන්ගේ සාමාන්‍ය දැනුම හොදටම ප්‍රමානවත්. මිනිස්සුන්ව තවත් නලවන්න අවශ්‍ය නැහැ.

  5. mcmo says:

    කොරෝනා මර්දනය කළා කිව්වට..ඕක නොදැනීම සමාජගත උනා..නෝටිස් උනේ නැත්තේ…මැරෙන ප්‍රතිශතය අඩු නිසාත්…සාමාන්‍ය උණ හෙම්බිරිස්සාව කැස්ස ලෙස මෙය වරදවා තේරුම් ගැනීමත් නිසා…කොරෝනා හැදුනා කියලා කවුන්ට් කලේ පිට රට ඉදල එන මිනිස්සු ටික විතරයි…

    කරන්න ඕනා දේ…කවුන්ට් එක අඩුවෙච්ච ගමන් පරණ විදියට office ..ඉස්කෝල විශ්ව විද්‍යාල අරින එක නෙමෙයි…පුළුවන් තරම් අන්තර්ජාලයෙන් අවශ්‍ය සේවා සපයා අනවශ්‍ය ඒක රාශිවීම් අඩු කිරීමයි.
    අනිවාර්යෙන් ගාමන්ට් ඉස්පිරිතාල හමුදා පොලිසි වැනි සමුහ එක රාශි වෙන ස්ථාන විශේෂ බෝවන රෝග පරික්ෂාවකට නිරතුරුව භාජනය කල යුතුයි.

  6. maheshika says:

    what a idiot donkey. mun balagena inne okkotama korona hadenakan. val buru harak.. getting all the faciilities and came to media and telling buru katha to protect their high position of their job. what a asahmed buruvo.

  7. maheshika says:

    me vage poona buruvanva please dont invite them to come to media.. even not having any common sense.

  8. ajith prasanna says:

    ඩෙන් ශෙපද ?