පරීක්‍ෂණ අවසන් අදියරේ… මාංචු දාගන්න ලෑස්ති වෙන්න…

October 5, 2016 at 12:00 pm | lanka C news
පරීක්‍ෂණ අවසන් අදියරේ… මාංචු දාගන්න ලෑස්ති වෙන්න…

පරීක්ෂණ වල අවසාන අදියරට ඇවිල්ලා තියෙන්නේ මාංචු දාගන්න ලෑස්ති වෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

මරික්කාර් මහතා මේ බව පැවසූවේ තම විමධ්‍යගත අරමුලින්  කොළොන්නාවේ ග්‍රාම සංවර්ධන සමිතී සදහා උත්සව භාණ්ඩ පරිත්‍යාග කිරීමේ උත්සවයකට එක් වෙමින්ය.

“තවමත් මහා පරිමාණ හොරකම් , චංචා දූෂණ, මිනිමැරුම්, ප්‍රචණ්ඩත්වය ගැන පරීක්ෂණ කරගෙන යන කොට අපේ ලංකාවේ මිනිස්සුන්ට හදිසි නිසා අහනවා කෝ දැන් මුකුත් වෙන්නේ නෑනේ කියලා කවුරුවත් අල්ලන්නේ නෑනේ කියලා. මේ ළගදී සමාජ ජාල වෙබ් අඩවි වලටත් ගියා මේ ආණ්ඩුව ආවට පස්සේ දෙන්නෙක් ගොඩ ආවා කියලා, කවුද තාජුඩීන් හා ලසන්ත වික්‍රමතුංග කියලයි. ඒ දෙන්නගේ මිනී ඉක්මනට ගොඩ ගත්තේ කරපු පරීක්ෂණ හංගලා තිබ්බා ඒවා අදින්න විතරයි අපිට තිබුණේ. අනිත් ඒවත් මුල ඉදලා අගට හොයා ගෙන යන්න තියෙනවා ඒවා නීතිමය රාමුවෙන් කෙරීගෙන ගිහින් ඉවරයි. ඔය කෑ ගහන අයට කියන්න තියෙන්නේ අවුරුදු එකහමාරකට වඩා නිකං හිටියේ නෑ ඒවායේ පරීක්ෂණ කෙරීගෙන ගියා දැන් පරීක්ෂණ වල අවසාන හරියට ඇවිල්ලා තියෙන්නේ ලෑස්ති වෙයල්ලා මංචු කුට්ටම දාගෙන , කලුපාට සූට් එකක් දාපු නීතීඥ මහත්මයෙක් එක්ක මොකද ස්ථිර වශයෙන්ම මේ අපරාධ කරපු අයට හිරේ යන්නම වෙනවා. මේ දේවල් වලින් ඒ ගොල්ලෝ හිරේට යන විට , ඒ කාලයට සාපෙක්ෂව ජනතාවට ආර්ථීක වශයෙන් ගොඩ එන්නත් පුළුවන් වෙයි. මේ ආණ්ඩුව නීතිය යුක්තිය සාධාරණව ක්‍රියාත්මක කරනවා අනවශ්‍ය අත පෙවීම් ඇගිලි ගැසීම් නෑ .ඒ නිසා හැම අතින්ම සාධාරණ තීන්දු තීරණ ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.”

– මිනුර රෂාන්ත

6 views
Main News