පරීක්‍ෂණ අවසන් වූ ගමන් ඇමතිකම බාර ගන්නවා..- බදියුදීන්

June 21, 2019 at 2:10 pm | lanka C news
පරීක්‍ෂණ අවසන් වූ ගමන් ඇමතිකම බාර ගන්නවා..- බදියුදීන්

තමන්ද ඇතුළු මුස්ලිම් දේශපාලනඥයින් කිහිප දෙනෙකුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන්වූ පසු ඇමති ධුර බාර ගැනීම සම්බන්ධයෙන් රැස්වී යළි තීරණය කරන බව හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරයි.

එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සියයට සීයක්ම තමන් නිවැරදි කරැ බවද ඔහු සඳහන් කරයි.

දේශපාලන වාසි තකා විරුද්ධවාදීන් විසින් නිරපරාදේ තමනට චෝදනා එල්ල කරන බවද ඔහු කියා සිටියේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ප‍්‍රධානියා ලෙස සැලකෙන සහ සහරාන් හෂීම් තමන් කිසිදු දිනෙක හමු වී නැති බවත් ඔහු හඳුනන්නේ නැති බවත් හිටපු ඇමැතිවරයා සඳහන් කළේය.

ස්වර්ණවාහිනී නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

7 views

6 Comments to “පරීක්‍ෂණ අවසන් වූ ගමන් ඇමතිකම බාර ගන්නවා..- බදියුදීන්”

  1. Siripina says:

    තෝ මොකුත් නොදන්න තොත්ත බබා.වරෙන් සූප්පුවක් දීලා නලවන්න.

  2. Justice of the Innocent says:

    කොතරම් හේදුවත් මොන ජාතියේ සබන් දැම්මත් ඔය කල වැරදි සුද්ද කරන්න බැහැ. මහ උලු ගෙදරදී කාලයක් හිටියොත් යන්තම් හරි පුලුවන් වේවි. ඉතින් දිවුරුම් දෙන්න හදිස්සි වෙන්න එපා. ඔනෙම වරදක් කරලා බේරෙන්න පුලුවන් කියල හිතන්න එපා. ඒ කාලේ පාස් උනා.

  3. Love nature says:

    තවත් වන විනාසයක්

  4. Dayani says:

    Tawa thawath Wilpattuwa kapa pitarata walin Muslim minissu genath me rate Islam Rajjayak karanna da???

  5. අංකූරා says:

    අනේ මන්ද , මේ ගොල්ලෝ කියන ඒවා අහපුවාම අපිට හිතන්නේ මේ ගොල්ලෝ සිංහල ද අපි මුස්ලිම් ද කියලා ?.

    • OBSERVER says:

      The people are of the opinion that may be you want to expedite the process of making our motherland an Arabic country ,from where you have stopped prior to your resignation.The people are damn against it.

Main News