පරීක්‍ෂණ කට්ටල හිගයක්.. කොරෝනා පරීක්‍ෂණ නතර වීමේ තත්වයක්..

October 27, 2020 at 6:28 am | lanka C news
පරීක්‍ෂණ කට්ටල හිගයක්.. කොරෝනා පරීක්‍ෂණ නතර වීමේ තත්වයක්..

කොරෝනා පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන පරීක්ෂණ කට්ටලවල හිගයක් ඇතැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

එනිසා කොරෝනා පරීක්ෂණ නතර වීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි උන්වහන්සේ සඳහන් කරති.

එවන් තත්ත්වයක් යටතේ ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබෙන ප්‍රතිචාරයන් ඉතා දුර්වල වීම හේතුවෙන් රෝගීන් වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය ද අනතුරුදායක පත්ව තත්ත්වයකට පත්ව ඇතැයි උන්වහන්සේ පෙන්වා දෙති.

ආනන්ද හිමියන් විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

වෛරසය ව්‍යාප්තිය පාලනයට සිදු කළ යුතු උපදෙස් ආදිය අඛණ්ඩව ලැබුණේ නම් මෙය බොහෝදුරට තුරන් කිරීමට හැකි වනු ඇතැයි ද උන්වහන්සේ පෙන්වා දෙයි.

අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයටත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටත් මේ සම්බන්ධයෙන් උපදෙස් දීමට නිසි බලධාරීන් සොයා ගැනීමට නොමැතිවීමෙන් බලවත් තර්ජනයක් වී ඇතැයි ද උන්වහන්සේ කියා සිටී.

31,241 views

17 Comments to “පරීක්‍ෂණ කට්ටල හිගයක්.. කොරෝනා පරීක්‍ෂණ නතර වීමේ තත්වයක්..”

  1. Gota says:

    Should bring criminal charges again health minister

  2. cineth says:

    It is true, government fail

    • opps says:

      let’s bring Sajith and anura

      • cineth says:

        වෙලාවකට එහෙමත් හිතෙනවා මොකද අපි සිංහයෙක් කියලා රැවටිලා තියෙන්නේ මී හරකෙකුට

  3. කොළඹ බයියා says:

    මෙච්චර හොඳට කොරා ගෙන ආපු එක අනාගත්තා වගේ පේන්නේ. රටේ ජනතාව මරනයට පත් නොකර කරුනාකර දැන්ම අවශ්‍ය පියවර ගන්න.

    හැමකෙනෙක්ම හිතනවා මටත් පුලුවන් උන්ට විතරක් නෙමෙයි, ඕවා මොන සිමපල් වැඩද කියලා. කොරාගන්ඩ ගියාම අනාගන්නව. ඊට පසේ සොරි කියනවා.

    අනේ දෙවියනෙ !

  4. Rasika says:

    තමන් ලොකු දේවල් බලාපොරොත්තු වෙලා ඒවා නොලැබෙන කොට විතරක් වැරදි කියන එක හරිද?
    අපේ රටේ හැමෝම පණ්ඩිතයි . හැමෝම experts

    • ස ස පෙරමුන දෙවන ඉනිම says:

      ඩුප්ලිකේට් සෝභිත කෙනෙක් අපිට එපා.

  5. sithmal says:

    අවුරුදු 72ක් මුන් කරපු මෙහෙය බලාගන්න හොදම කාලයක්.. උන් ලෙඩ උනාම බෙහෙත් ගන්න ගියේ සිOගප්පූරු. දැන් තේරෙනව ඇති හොද රෝහල් පද්ධතියක් නිර්මාණය නොකිරීමේ බරපතල කම හා ඒ රටවල නායකයො බලන්නෙ උන්ගෙ මිනිසු ගැන කියන එක. ඔය කියල තියෙන රටවල් අදික ජනගහනයක් ඉන්න රටවල්.. මේ පුOචිරටක අඩු මිනිස්සු ප්‍රමාණයකට පහසුක්ම් සලසන්න බැරි මේ වගේ පාලකයොන්ගෙන් තවදුරටත් ඇති ප්‍රයෝජනය, දියුණුව ගැන බලාපොරොත්තු විහිළු විතරයි..

    • නැතිව නැතිව. පේන්නේ නැද්ද ලොකු රටවල් මේක පාලනය කරන ලස්සන. අනේ පරයෝ (උඹට බල්ලා කීවත් පවු නෑ) රටෙඉන්න වුන්ට කියනදේ අහලා ප්‍රවේසම් වෙන්න බැරිනම් ආණ්ඩු කරන උන් මොනවා කරන්නද බෝල. තොගේ ගොන්කම ප්‍රදර්ශනය නොකර ගෙදරට වෙලා හිටු.

      • kalana says:

        ලොකු රටවල් කිව්වෙ චීනෙද බව්වො?

      • sithmal says:

        චීන අක්ක හොද උනාම දූපත් වාසීන් බහුතරයක් සංතර්පණය කරමින් රෝගය අවසන් බව දැවැන්ත මාධ්‍ය සංදර්ශණයක් පැවැත්වුවා.. රෝගය නැවත හිස ඔසවන්නේ නැති ලෙස ආණ්ඩුව හැසිරුණා.. නැවතත් විදේශිකයන්ගෙන්ම රෝගය බෝවුනා.. නාවික හමුදා පොකුර, කන්දකාඩු පොකුර නිර්මාණය වුනා.. ආණ්ඩුවේත්, සෞඛ්‍යය අංශ වලත් කැපවීමෙන් රෝගය යළි පාලනය කරන්න පුළුවන් උනා හෝ පාලනය කලා කියා අනුමාන කලා.. අහඹු පරීක්ශණ නැවතුනා.. නැවතත් දූපත් වාසීන් සන්තර්පණය කරමින් රෝගය අවසන් බව පවසමින් ජන්දයකට ගියා.. රෝගය නැවත හිස ඔසවන්නේ නැති ලෙස ආණ්ඩුව හැසිරුණා.. අවශ්‍ය අහඹු පරීක්ශණ කලේනෑ.. නැවතත් රෝගය අවදිවෙලා.. පැහැදිළි දේ තමයි පොකුරු අවසන් වුනාම රෝගය නැවත හිස ඔසවන්නෙ නෑ කියල ආණ්ඩුවත් දූපත් වාසීනුත් කටයුතු කිරීම. මාතර රුසියානු ගුවන් නියමුවන්, දැන් රෝග ව්‍යාප්ත කරා කියල සැක කරන තුර්කි ගුවන් නියමුවන් සමාන සිදුවීම්.. ඔය දෙකක් පමණයි.. බළධාරීන් රටට එන විදේශිකයන් නිසි ක්‍රමවේදයකට රට තුළට ගන්නෙ නෑ කියන් එක ඔය හැම සිදුවීමකින්ම පැහැදිලී.. මිනිස්සු විතරක් පරිස්සම් වෙලා මදි, රටකට නිසි ක්‍රම වේදයක් තියෙන්න ඕන මේ වගේ රෝගයකට මුහුණ දෙන්න. සිංගප්පූරුව, නවසීලන්තය හොදම උදාහරණ. ලොකු මිනිහට එකක්, පොඩි මිනිහට එකක් තියරියෙන් මේක හොද කරන්න බෑ කියන එක ආණ්ඩුවත් තේරුම් ගන්න ඕන.

  6. sithmal says:

    අවුරුදු 72ක් මුන් කරපු මෙහෙය බලාගන්න හොදම කාලයක්.. උන් ලෙඩ උනාම බෙහෙත් ගන්න ගියේ සිOගප්පූරු. දැන් තේරෙනව ඇති හොද රෝහල් පද්ධතියක් නිර්මාණය නොකිරීමේ බරපතල කම හා ඒ රටවල නායකයො බලන්නෙ උන්ගෙ මිනිසු ගැන කියන එක. මේ පුOචිරටක අඩු මිනිස්සු ප්‍රමාණයකට පහසුක්ම් සලසන්න බැරි මේ වගේ පාලකයොන්ගෙන් තවදුරටත් ඇති ප්‍රයෝජනය, දියුණුව ගැන බලාපොරොත්තු විහිළු විතරයි..

    • opps says:

      මචන් එගමන්ම කියපන් ලෝකේ වෙන කොහෙද නොමිලේ ප්‍රතිකාර කරන ඉස්පිරිතාල තියෙන්නේ ? නැතිනම් හබක් නේද

  7. නයා says:

    MCC ගිවිසුම අත්සන් කරනතරැ රට වහල තියා ගන්නනියි හදන්නේ

Main News