පරීක්‍ෂණ කල පමණින් කෑගල්ලේ ඖෂධය සාර්ථක යයි හැගෙන්නේ නෑ.. විද්වතුන් විද්‍යාත්මක පරීක්‍ෂණයකින් නිගමනය කරන්න අවශ්‍යයි..- වසංගත රෝග ප‍්‍රධානී

December 10, 2020 at 10:00 am | lanka C news
පරීක්‍ෂණ කල පමණින් කෑගල්ලේ ඖෂධය සාර්ථක යයි හැගෙන්නේ නෑ.. විද්වතුන් විද්‍යාත්මක පරීක්‍ෂණයකින් නිගමනය කරන්න අවශ්‍යයි..- වසංගත රෝග ප‍්‍රධානී

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හදුන්වා දී ඇති කොරෝනා මර්දන ඖෂධය භාවිතයෙන් කොරෝනා ආසාදනයන් සුව වීම හෝ ආසාදන වීම වැලැක්වීම යම් ආකාරයක දායකත්වයක් ඇත්තේද තවම ඇත්තේ පර්යේෂන මට්ටමේ බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ එම පර්යේෂණය මේ වන විට මහාචාර්යවරුන් විසින් සිදුකරන බවත් එසේ පර්යේෂණයක් කිරීමෙන් ම එම ඖෂධය සාර්ථක යැයි හැඟී නොයන බවයි.

ඒ සඳහා විද්‍යාත්මක පරීක්ෂණයක් කර නිගමනයකට පැමිණිය යුතු බවත් ඒ සඳහා විද්වතුන්ගේ තීරණය එනතුරු ඉවසීමට සිදුවන බවත් ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ තම කාර්යාලයේ දී මාධ්‍ය අමතමිනි.

27,036 views

25 Comments to “පරීක්‍ෂණ කල පමණින් කෑගල්ලේ ඖෂධය සාර්ථක යයි හැගෙන්නේ නෑ.. විද්වතුන් විද්‍යාත්මක පරීක්‍ෂණයකින් නිගමනය කරන්න අවශ්‍යයි..- වසංගත රෝග ප‍්‍රධානී”

  1. ratawasiya says:

    අනේ මෙහෙමත් බටහිරට වහල්වෙන්න සිදුවුනනේ.

    බුදුදහමේ ගොදක්දේ ඔප්පුකරන්න බැහැනේ විද්‍යාවෙන්.

    නමුත් තමන්කැමති ධර්මයක් අදහන්න පුළුවන් එකේ, අපිට කැමති ප්‍රතිකාර ක්‍රමයකට යන්න බැරිද.
    ඇයි ඔබතුමන්ලා රටේ නීතිය දල බදින්න හදන්නේ.
    උදාහරණයකට සෙන්ගමාලයට හෙලවෙදකමේ දෙන්නේ කැඳක්, ඔබතුමන් බෙහෙත් කරන්නේ එහෙමනොවයි නේද?

  2. කමල් says:

    අනේ දොස්තර බුරු පුතෝ පස්පංගුව බොන්න උඔලාගේ පරික්ෂණ අපට ඔින නැහැ. තෝ හිතුවද මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලා තොපේ වෛද්‍ය පරික්ෂණ එනකොට මේ රටේ මිනිස්සු භාගෙට භායක් මරිලා තියෙවි. මුන්ට මිනිස්සු මැරිනත් කමක් නැහැ වෘත්තිය රැකගන්න තමයි ඕන. කාල කණ්ණි හැත්ත

  3. sena says:

    නිකංදෙන අස්සයාගෙ දත්බලන්ඩ එපා බණ්ඩාර මහාත්මයා සද්භාවයෙන් කරන්නෙ මට ෂොට් 3 දන්න කම්මගොචිකාගො

  4. NAK says:

    ආයුර්‍ර්වෙිද දෙපාර්තමෙින්තුව අාහාර අතිරේකයක් ලෙස අනුමත වි නමි තව පරික්ෂන කුමකටද?

  5. ගමේ වෙදා says:

    ආයුර්වේද බෙහෙත් බොන්න බටහිර වෛද්‍ය වරුන්ගේ අණුමැතිය අවශ්‍යවන්නේ නම් බටහිර බෙහෙත් බොන්න ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අණුමැතිය ලබාගත යුතුයි

  6. Angoda Buva says:

    දේශීය ඖෂධයකට බටහිර වෛද්‍ය අනුමැතියක් බලාපොරොත්තු වීමම මොන තරම් විහිලුවක් ?

    මෙයාල මේක කොච්චර හරි දෙයක් වුණත්මේකඅනුමත කරන එකක් නැහැ. මොකද මුකුත් සාක්කුවට වැටෙන්නෙ නැහැනෙ.

    සුද්දගෙ දේම ඔලුවෙ පුරෝගෙන ඉන්න මේගොල්ලො තරම් තරම් කුහක ජාතියක් තව කොහෙද ?

  7. Sarath Bulathsinghala says:

    මේ මනුස්සයාට බැනලා වැඩක් නැහැ!

    කරුණාකරල කියන්න බටහිර විද්‍යාවට පරිදි බෙහෙතක් හොඳද නරකද කියල බැලීමට කරන විද්‍යාත්මක විභාග ක්‍රමය.

    මේවා නොයෙක් ආකාරයෙන් Double Blind Test, Randomized Tests ආදී වශයෙන් තියෙනවා. එතකොට සාමාන්‍ය ජනතාවට තේරෙනවා බෙහෙතක හොඳ හෝ නරකබව සොයන ක්‍රමය!

    එසේ කලොත් ඔය තරම් ප්‍රශ්න මතුවන්නේ නැහැ! එතකොට කාලිගෙන්ද ෆයිසර්ගෙන්ද Moderna ගෙන්ද කියල අහන්න අවශ්‍යය නැහැ!

Main News