‘පරීක්‍ෂණ වැඩි කලත් රෝගීන් අඩුයි.. දැන් තත්වය යහපත්..’- කොරෝනා සටනේ මහ මොලකරුවන් රටටම අස්වැසිල්ලක් දෙමින් කියයි..

April 8, 2020 at 10:13 pm | lanka C news
‘පරීක්‍ෂණ වැඩි කලත් රෝගීන් අඩුයි.. දැන් තත්වය යහපත්..’- කොරෝනා සටනේ මහ මොලකරුවන් රටටම අස්වැසිල්ලක් දෙමින් කියයි..

ඉතාලියෙන් පැමිණි පිරිස් නිසා මෙරට තුළ ඇතිවූ කොරෝනා අවදානම දැන් අවසන් භාගයට පැමිණ ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

මේ වන විට වාර්තා වන්නේ ඉන්දුනීසියාව, ඩුබායි සහ ඉන්දියාවේ සිට පැමිණි රෝගීන් බවද ඔහු පැවසුවේය.

අද වන විට මෙරට කොරෝනා රෝගීන් පරික්ෂා කිරීමේ ප්‍රමාණය වැඩි කර ඇතත් රෝගීන් ප්‍රමාණයේ වැඩිවීමක් සිදුව නැති බවත් එය හොඳ තත්ත්වයක් බවත් ඔහු සඳහන් කරයි.

දැනට පවතින තත්ත්වය නරක තත්වයක් නොවන නමුත් පවතින තත්ත්වයන් ලිහිල් වුවහොත් නැවතත් වක‍්‍රය උස් වීම් ඇති විය හැකි බව ද ඔහු බව අවධාරණය කලේය.

එනිසා සමාජ දුරස්ථභාවය තවදුරටත් පවත්වා ගැනීම සඳහා ජනතාව උනන්දු විය යුතු බවද ඔහු සඳහන් කළේය.

මේ අතර පසුගිය සතියේ දී ජාසිංහ මහතා පුරෝකතනය කරන ලද්දේ අප්‍රේල් 07 දා වන විට මෙරට කොරෝනා රෝගීන් 168ක් පමණ වාර්තා වනු ඇති බවයි. එය ඔහුගේ පුරෝකතනය වඩාත්ම නිවැරදිව පෙන්නුම් කරමින් ඊයේ දිනය වන විට මෙරට වාර්තා වූ රෝගීන් 180ක ප‍්‍රමාණයකි. එය ආසන්නම වශයෙන් නිවැරදිම පුරෝකථනය විය.

මේ අතර වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ අද වනවිට ශ්‍රී ලංකාව මේ තරම් හොඳ තත්වයක සිටින්නේ කොරෝනා පතුරුවන පිරිස් හඳුනාගෙන ඔවුන් මනා ලෙස කළමනාකරණය කර ඇති නිසා බවයි.

ඉතා සුළු පිරිසක් හැරුණු කොට මෙම රෝගය පරිසරයට මුදා හැරිය හැකි සියලු දෙනා මේ වන විටත් හඳුනාගෙන ඇති බවද ඔහු කියා සිටියේය. එම සුළු පිරිස නිසා යම් සැක සංකාවක් ඇති බව ද ඔහු පැවසුවේ උත්සව සභාවක් අමතමිනි.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මෙරට කොරෝනා වසංගතය මර්ධනය මෙහෙයුමේ ඉතා ඉහල සහ භාරදූර වගකීම් දරමින් සිටී.

ඔවුන් විසින් දෙදෙනා විසින් මෑතකාලීනව සිදු කරන ලද බොහෝ පුරා පුරෝකථනයන් ආසන්න ඉතා ආසන්න තත්වයකට සැසදුනේය.

මේ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නි ආරච්චි මහත්මිය සදහන් කරන ලද්දේ තවත් සති දෙකක් ඇතුලත මෙරට සිටින සියළු කොරෝනා ආසාදිතයන් හදුනාගත හැකි වනු ඇති බවයි.

ඔවුන් රෝහල්ගත කර සුවපත් කල පසු මෙරට කොරෝනා රෝගයෙන් නිදහස් කර ගැනීමට හැකි යයිද ඇය මාධ්‍ය අමතමින් කියා සිටියාය.

242 views

49 Comments to “‘පරීක්‍ෂණ වැඩි කලත් රෝගීන් අඩුයි.. දැන් තත්වය යහපත්..’- කොරෝනා සටනේ මහ මොලකරුවන් රටටම අස්වැසිල්ලක් දෙමින් කියයි..”

  1. steve osten says:

    thank you GMOA.

    99% OF DOCTORS ARE REPRESENTED BY YOU.

    no matter what happens thank you.

    please expect mud to increase as the jealous factions are now at their peak. no one thought such a time will come in life. it was you who forced to government o go for a lock down when others thought it was joke. even the DG and the other doctor are your gmoa members. thank you so much and the whole country in indebted to you. but remember you will never be able to eradicate ass holes completely.

    • Saman says:

      This is written by a GMOA current office bearer himself! scratching the back. Just because all Doctors belong to GMOA, It doesn’t necessarily mean the spokesperson tells the most accurate thing. Then how come Dr Jasinghe and other specialists who are also members saw this in a different way? Other than Dr Padeniya who is a knowledgeable great specialist, all other office bearers of the GMOA are fairly new OR ones who don’t have enough exposure.

  2. Siri says:

    GMOA please calm down. Please let EXPERTS to do their JOBS. You cannot handle this. This is a CRISIS.

  3. sumith says:

    There may be mistake of some statement of the advisers, but if their intention is to protect the people, they are patriotic people. everybody make mistake forgive them as a Buddhist

  4. mark says:

    It is refreshing to hear good news after all the negative sentiments we have heard. GMOA should take a back seat and its members should start helping, not have media conferences and spread negativity.

Main News