පරීක්‍ෂණ 121කින් 26කට කොරෝනා…

August 28, 2021 at 6:20 pm | lanka C news
පරීක්‍ෂණ 121කින් 26කට කොරෝනා…

නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේදි පෙර අසාදිතයන්ගේ ස්වයං නිරෝධානයට යොමු කර සිටි ළගම ආශ්‍රිතයන් 121 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට භාජනය කල බවත්, ඉන් නව අසාදිතයන් 26 දෙනෙකු හදුනාගත් බව පස්බාගේ කෝරළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ලලිත් කොලමුන්න මහතා පැවසිය.

අසාදිතයන් 26 දෙනා නාවලපිටිය වරකාව, රඹුක්පිටිය , වැවේගම , වෙස්ට්වොල් සහ සොයිසාකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, නව අසාදිතයන් 26 දෙනා නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කල බවත්, එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

අසාදිතයන් අතර අවු 4 ක කුඩා ළමයෙකු සහ සාමණේර හිමි නමක් සිටින බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

12,365 views

4 Comments to “පරීක්‍ෂණ 121කින් 26කට කොරෝනා…”

  1. රන්වල says:

    හරිම සරලයි පී සී ආර් නොකර ඉම්මු පොදු ජන කට්ටඩි සන්ගමේට වැඩේ බාර දෙමු උන් සාස්තර පේන ආදී හෙල ටෙස්ටින් සිදු කරල වැඩේ ගොඩ දාවි.ඒත් බෑනෙ දිලිතයිය එක ටෙස්ට් කිට් එකෙන් රුපියල් එක්දාස් පන්සීයක විතර ලාබෙ ගන්නෙ කෝමද

  2. Jude perera says:

    Dan nam testing wadakuth neha

  3. ගින්තොටගේ says:

    අසනීප වෙලා ඇඳේ වැටිලා ඉන්න නෑ. අල්ලපු වැටේ පන්සලේ කන පැලෙන්න පිරිත් දානවා… තක්කඩි රැලක් මහණවෙලා සාසනෙත් කාලා බුදු හාමුදුරුවොත් විකුණන සයිස් එකක් තියෙන්නේ.

  4. 3% ට බය බයියා. says:

    ගුරු උද්ඝෝෂණය ට එන්න ඇති .

Main News