පලමු දිනයේම මහින්ද බලවේගයට දශ ලක්ෂයක් බදවා ගැනීමට ඕනම වෙලාවක ලැහැස්තියි.. – බැසිල්

October 29, 2016 at 3:00 pm | lanka C news
පලමු දිනයේම මහින්ද බලවේගයට දශ ලක්ෂයක් බදවා ගැනීමට ඕනම වෙලාවක ලැහැස්තියි.. – බැසිල්

සම්මුති රජයේ ජනතා විරෝධීය වැඩපිළිවෙළ නිසා දිනෙන් දිනම ජනතා විරෝධය එයට විරුද්ධව නැගිටීමට පටන් ගෙන ඇති බවත් මෙම ජනතා බලවේගය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාගේ නායකත්වය යටතේ ඒකරාශී කොට විශාල ජනතා බලවේගය බවට පත්කොට ඉදිරියේදි එන ඕනැම මැතිවරණයකට මුහුණ දීමට අවශ්‍ය දේශපාලන ව්‍යපාරයක් බවට පත්කිරීමට අවශ්‍ය සියලු මූලික කටයුතු මේ වන විට සූදානම්ව ඇති බැව් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු ජාතික සංවිධයක බැසිල් රාජපක්ෂ පැවසීය.

ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය නායකයින් දැනුවත් කිරිමේ වැඩසටහන අමතමින් එම බලවේගය මෙහෙයවන බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේ දිවයිනේ ග්‍රාමසේවා කොට්ටාශ 12000ක් ආවරණය වන ආකරයට ශාඛා 15000 පිහිටුවීමටත් ඒ අනුව ජනතාව කියන ඕනම අවස්ථාවක පලමු දිනයේදිම සාමාජිකයන් දශලක්ෂයක් බදවා ගැනිමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම්ව පවතින බවත්ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල කජුදූව පුරාණ රජමහා විහාරයේ ශාලවක පැවති මෙම වැඩසටහනට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන රොමේෂ් පතිරණ හා මොහාන් සිල්වා මෙන්ම දිස්ත්‍රික්යේ පලාත් සභා මන්ත්‍රීවරුන් හිටපු ගාල්ල නගරාධිපති ඇතුලු ගාල්ල දිස්ත්‍රික් සියලුම පාලත් පාලන ආයතනයවල නීයෝජිතයින් මෙන්ම මහා සංඝරත්නය බද්දේගම සමිත ස්වාමින් වහන්සේ ප්‍රමුඛව විශාල ප්‍රමාණයක්ද මෙම අවස්ථාවට සඳහා සහභාගි විය.

6 views

5 Comments to “පලමු දිනයේම මහින්ද බලවේගයට දශ ලක්ෂයක් බදවා ගැනීමට ඕනම වෙලාවක ලැහැස්තියි.. – බැසිල්”

  1. බිබිලේ බන්ඩාර says:

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු රජය ඉතා දුර දක්නා නුවනින් අපේ රට දියුණුකලා, තිස් වසරක් අති බිහිසුණු යුද්ධය නිමාකොට මව්බිමට සැබෑ සාමය ගෙනත් දුනනා, අධිවේග මාර්ග හැදුවා වරාය හැදුවා විදුලිබලාගාර හැදුවා පොහොර සහනාධාර ගොවියාට ලබාදුන්නා, කරන්න පුලුවන් හැමදෙයක්ම පොදු මහ ජනතාව වෙනුවෙන් කලා, ඒත් මේ මහා පාපතරයෝ බොරු බේගල් ඇදබලා එතුමා පැරද්දුවා,
    ඇත්තටම එතුමා නෙවී පැරදුනේ , පැරදුනේ අපේ මව්බිමයි අහිංසක පොදු ජනතාවයි,
    මෛත්‍රීපාල සිරිසේන රනිල් ඇතුළු මේ හොර නඩය අපේ අනාගතය විනාශ කලා උන්ගේ පුද්ගලික උවමනාවන්වලට , මුන්ට සාප්වේවා,

    ජයවේවා අපේ නව බලවේගයට., අපි නැවතත් ප්‍රගතිශීලි අපේම රජයක් බිහිකරමු.

  2. ගම්ලත් says:

    බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමනි. ඔබ සැමවිටම මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ සෙවනැල්ලමෙන් ඉදගෙන එතුමා 1970 බෙලිඅත්ත මන්ත්‍රී වරයා ලෙස පත්වු දවසේ සිට ආරම්භ කරපු වැඩපිළිවෙළ 2005 වනවිට සාර්ථකව කල බව දන්නේ ඉතා කිහිපදෙනකු පමනයි,
    ඕනම් දෙයක සාර්ථකත්වයට හිමිකම් කියන්න පියවරු ඕන තරම් ඉදිවී, එත් පරාජය ඉදිරිපිට හෝ අසාර්ථකත්වය වෙනුවෙන් වගකීම ගන්නේ ඉතා සුලු කොටසකි, ඔබ පරාජය තනිව වගකීම භාරගත් නිසා සහ එයට කොන්දක් තිබූ නිසා සමහරු කරන චෝදනා ගැන මොහොතකටවත් කලකිරෙන්න එපා ඒ වෙනුවෙනුයි ඔබ අද හිරගෙවල්වල හිරකර තබන්නේ,
    මහින්ද ජනාධිපතිතුමාට සැමදා අයෝමය ශක්තියක් වූ ඔබ ඉදිරියේ ගනු ලබන උපායමාර්ග අනිවාර්යයෙන් සාර්ථකවී නැවතත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව අපේ පොදු ජනතාවගේ දෙශප්‍රෙමි රජයක් බිහිකිරීමට ඔබට තුනුරුවන්ගේ සරණ මෙන්ම සියලු දෙවියාගේ ආශිර්වාදය ලැබේනවා සිකුරුයි ,

  3. සිසිර says:

    ශ්‍රීපාද බූමිය මුස්ලිම්වරුන්ට බැසිල් දුන්නාද නැත්ද යන්න මත මේ පක්ශෙ ඉදිරි ගමන්මග තීරනය වනු ඇත

  4. සිරි says:

    ඒක අමුලික බොරුවක්. බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලාට මඩ ගැහිමේ තවත් කුමන්ත්‍රණයක්, ඔබ හිතනවාද ඔය හෝටල් කතාවට බැසිල් සම්බන්ධ නම් මේ ඊනියා හොර ආණ්ඩුව නිකම්ම ඉදියි කියලා, අර ජනාධිපති මෛත්‍රීයා උඩ පැන පැන ගහයි. ඒක නිසා අපේ ජාතිය රට බේරා ගැනිමට මේ දරන උත්සහය වෙන පැත්තකට යොමු කරන්න හදන කුමන්ත්‍රණකාරීන්ට අහු වෙන්න එපා.

  5. කිඹුල says:

    හොරැ හොරැ කියල හංවඩු ගැහුවට මොකද අයිබෝවන්ඩ, අපි තාමත් අපේ රට බෙිරා දුන් ඒ අභීත නායකයා සමගයි.. මහින්ද මැතිඳුනි ඔබට ජය…..!!!!!!

Main News