පලමු-දෙවන රැලි පාලනය කලත් තුන්වල රැල්ල පාලනය අභියෝගයක්…

May 1, 2021 at 8:02 am | lanka C news
පලමු-දෙවන රැලි පාලනය කලත් තුන්වල රැල්ල පාලනය අභියෝගයක්…

කොවිඩ් 19 තුන්වෙනි රැල්ල පාලනය කිරීම සදහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සෞඛ්‍ය අංශ හා අදාළ විශේෂඥයින්ගේ උපදෙස් මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ඒ අනුව කොවිඩ් පාලනය කිරීම සඳහා දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු යටතේ අදාළ පහසුකම් ලබා දීමට කටයුතු කරමින් සිටින බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ 30 දින වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වත්තල ආසනයේ කොවිඩ් පාලන සාකච්ජාවකට සහභාගී වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

කොවිඩ් 19 පළවෙනි හා දෙවැනි රැල්ලට වඩා තුන්වෙනි රැල්ල පාලනය වඩාත් අභියෝගාත්මක වී ඇති අතර එය පාලනය කිරීම සදහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වෙත අපගේ උපරිම සහයෝගය ලබා දීමට කටයුතු කළ යුතුයි. වසරකට අධික කාලයක් තිස්සේ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ දැඩි කැපවීමක හා වෙහෙසර කාර්යයක නිරත වන අතර ඔවුන් කරනු ලබන මෙම මහගු සේවාවට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි.

ලෝකයටම අර්බුදයක් වී ඇති මෙම වසංගතය පාලනය සඳහා එන්නත්කරණයට හා සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කිරීම සදහා ජනතාව පෙළඹවිය යුතුයි.

වත්තල ආසනය තුළ 25,355 ක් එන්නත්කරණ කටයුතු සිදු කර තිබේ. වත්තල ආසනය තුළ කොවිඩ් 19 පාලනය කිරීමේ කටයුතු සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අවශ්‍ය ප්‍රවාහන හා කාර්ය මණ්ඩල අවශ්‍යතා වත්තල ප්‍රාදේශීය සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබා දීමට මෙහිදී තීරණය කරනු ලැබීය. එමෙන්ම ආසාදිත හා නිරෝධායනය වන නිවෙස්වලට රජය විසින් ලබාදෙනු ලබන අත්‍යවශ්‍ය සේවා භාණ්ඩ ප්‍රමාදයකින් තොරව ලබාදීමට ද තීරණය විය. කොව්ඩ් පාලන කටයුතු මෙන්ම ඩෙංගු පාලනය හා අනෙකුත් සායනික කටයුතුද බාධාවකින් තොරව පවත්වාගෙන යාම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

සෞඛ්‍ය විශේෂඥයින් විසින් දෙනු ලබන උපදෙස් මත රට වසා දැමීම හෝ නොදැමීම රජය විසින් තීරණය කරනු ලබන අතර ඒ තීරණය කෙසේ වෙතත් කොවිඩ් 19 පාලනය සදහා සහාය දීමට ග්‍රාමීය කමිටු සක්‍රීය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

හිටපු පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගෝ, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න අල්විස්, උප සභාපති ජගත් ජයතුංග, වත්තල ප්‍රාදේශීය ලේකම් ටී.පී.ජී. රාජිකා, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී සදමාලි කුරේ ඇතුලු රජයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

– midea unit

19,249 views

14 Comments to “පලමු-දෙවන රැලි පාලනය කලත් තුන්වල රැල්ල පාලනය අභියෝගයක්…”

  1. බූරු පුතාණෝ සජියා says:

    එන්නත වෙනුවට කූඩු දීල බැලුවොත් නරකද?

  2. kush says:

    mona motta mee harakekda moo dakiddith appiriyay

  3. පිස්සු කෙලිනවා කාලකන්නි says:

    උබලා පවුල් පිටින් injection එක විදගෙන් ගොන් කතා කියා කියා පිස්සු කෙලිනවා කාලකන්නි. රටේ අහින්සක මිනිස්සු මැරෙනවා. මැරෙනවා නෙමෙයි තොපි මරනවා.

  4. මරතේනිස් අයියා says:

    තමුසෙලාට මේ වැ⁣ඩේ කරන්න බෑ තමුසෙලගෙ කයිවාරැව විතරයි.බොරැ බයිල නොගහ හිටපල්ලා මොඩ හරක් රැළ

  5. kawinda says:

    wenada apirisudu katin metha chandi part daanawa. wal bootha dodawanawa. ei..? 3 weni rella meda pawathwanna thatamalawath berida.? bayawela renda puke goowath nethiwa ethi. thuh…

  6. Sanka says:

    අප්පිරියයි මේ කලකණ්ණී බල්ලන්ගේ මුණ දකින්නත්…..

  7. මහේශ් says:

    නිරෝදායන මද්‍යස්තාන එපා කියලා උද්ඝෝෂණ කරපු මනුස්සයෙක් නේද මේ කොරොනා රැල්ල මඩලපු කතා කියන්නේ ලැජ්ජාවක් කොහෙන්ද මුන්ට

  8. On The Spot says:

    මේ හැම රැල්ලටම වඩා භයානකයි ගොන් රැල්ල​.ඔක්කොටම කලින් මේ ගොන් රැල්ල නවත්වන්න ඕන​.දන්න දේටයි නොදන්න දේටයි හැම එකටම හොම්බ දාන ගොන් හරක් නහ විදල දිගේලි කරන්න කියල අපි ඉල්ලා සිටිනව​.

  9. සෙරෙප්පු සුප් says:

    පලවෙනි රැල්ලයි දෙවෙනි රැල්ලයි ගලෝල වෙන තැනකින් ඉටෙව්ව වගේ තුන්වෙනි රැල්ල ගලෝල වෙන තැනකින් ඉටවන්න බැරිද​?ඒම කරන්න බැරි උන් වෙන තැනකින් ඉටවන්න බැරිද​?අරි විදියට වැඩ කරන්න ඔඳේ,නැත්නම් මම කවුද කිය්ල පෙන්නන්නම් අරිද​?

  10. kalana says:

    තොපි කරපු පාලනයක් නැහැ පරයෝ. පළමු රැල්ලේදී පරක්කු වෙලා හරි පටන් ගත්තු එක ඇත්ත, නමු දෙවන රැල්ලට කිසිම දෙයක් කලේ නැහැ, අඩුම ගානේ රෙගුලාසි වත් හරියට ක්‍රියාත්මක කලේ නැහැ.

Main News