පලමු පෙල ආශ‍්‍රිතයන් නිවාසවලම නිරෝධායනයට යොමු කල හේතුව හමුදාපති කියයි…

November 1, 2020 at 3:33 am | lanka C news
පලමු පෙල ආශ‍්‍රිතයන් නිවාසවලම නිරෝධායනයට යොමු කල හේතුව හමුදාපති කියයි…

කොරොනා රෝගින්ගේ පළමු පෙල ආශ්‍රවයන් නිවාස කුලම නිරෝධායන කිරීමට තීරණය කරන ලද්දේ නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩකඩ මදිකම නිසා නොවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

නිරෝධන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් අවශ්‍ය තරම් මෙරට තුළ පවතින බවද ඔහු පැවසීය.

කොතරම් පිරිසක් පැමිණියත් ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වල රඳවා ගැනීමට හැකියාව ඇතැයි ද ඔහු කියා සිටියේය.

පළමු පෙළ ඇතැම් ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන යාමේදී විවිධ ප්‍රායෝගික ප්‍රශ්න වලට මුහුණ නිසා ඊට පිළිතුරක් ලෙස ඔවුන් නිවෙස් තුළම නිරෝධායන කිරීමේ වැඩපිළිවෙළක් ජනාධිපතිගේ උපදෙස් මත හඳුන්වා දුන් බවත් හමුදාපති වරයා පැවසීය.

වයෝවෘද්ධ පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙන යාමයේ දී ගැටළුවලට මුහුණ දෙන බව පැවසූ ඔහු තවත් අය නිරෝධායන මධ්‍යස්ථාන වලට ගිය විට තම නිවාස බලා ගැනීමේ ප්‍රශ්නයක් මතුවන බවද කියා සිටියේය.

කෙසේ නමුත් නිවාසවල නිරෝධායනයට ලක් කරන පුද්ගලයන් එම කාර්යය අවභාවිතා කළ හොත් වහාම නිරෝධන මධ්‍යස්ථාන වලට යොමු කරන බවද ඔහු තවදුරටත් පැවසීය.

28,229 views

8 Comments to “පලමු පෙල ආශ‍්‍රිතයන් නිවාසවලම නිරෝධායනයට යොමු කල හේතුව හමුදාපති කියයි…”

  1. free says:

    Mugey supiri gnanaya gena 69 lakshetema adambarai. Well said shawwa🤑🤑🤑🤑🤑😝😝😝😝😝😝😝

  2. chula super model says:

    meyage gon chun ahala epa wela inne – mun seratama pissu

  3. yvonne de zoysa says:

    lankawata baila gena wally bastian – bila walin rata sanasu baila shavendra

  4. Lankaputha says:

    Redda ine thibba kawuda kadan gihin

  5. opps says:

    ජාන කලවම් වෙච්ච නැති මාතලේ වීර කොල්ලෙක් !!,කොන්ද කෙලින් තියෙන ධීර වීර නායකයෙක්..අපෙ හමුදා පති තුමා ..ජයවේවා ,දීර්ඝායුස වේවා .

  6. ඉතාලි සමන් says:

    අපි නොදන්න ලයිව් කිව්වාලු. ඔය කිසිම නිරෝධායන මධ්‍යතනයක නිසි ක්‍රමවේදය ක් නැහැ. පට්ටියේ හරක් වගේ පොලිම් ගහලා කන්න දීලා, අන්තිමට බස් වල පටවලා ගෙදර එවනවා. මේකට කියන්නේ isolation ( හුදකළකිරීම) නැතුව නිරෝධායනය නෙමේ. මේ දේ ගැලපෙන්නේ කුඩුකාරයින්ට.
    දාස් ගානක් මුදල් කනවා නිරපරාදේ නඩත්තු කරන්න. ඊට වඩා ගෙවල් වල නිසි අධීක්ෂණයක් යටතේ හුදකලා වීම හොඳයි.

    • Decoy says:

      ගෙවල් වල නිසි අධීක්ෂණය කරන්නේ උඹේ බාප්පද?

  7. Ruwan says:

    ලෝකයේ මුලින්ම නීරෝධායනේ හදුන්වල දුන්නෙ ලන්කාවේ කියලා අඩව් ඇල්ලුවා නෙද ? දැන් කියන්නෙ ඒ ක්‍රමේ අසාර්ථකයි කියලද? ඔයාගේ තියෙන්නෙ කයිවාරු නන්දෙගෙ වගේම කයියයි පඩ ගදයි විතරයි

Main News