පලමු වතාවට උතුරේ බොදු සමලුව වවුනියාවේදී උත්සවාකාරයෙන්…

March 29, 2019 at 5:30 pm | lanka C news
පලමු වතාවට උතුරේ බොදු සමලුව වවුනියාවේදී උත්සවාකාරයෙන්…

උතුරු පළාත් බොදු සමුළුව අද (29) දින වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේදී උතුරු පාලාතෙ ඇතුලු දිවයිනේ විවධ පලාත්හි විහාරාධිපති හිමියන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කෙරුණි.

බොදු සමළුව අද උදෑසන ආරම්භ කෙරුනේ පූජ්‍ය වැලිමිටියාවේ කුසලධම්ම නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.

උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක වවුනියාව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ  සභාපති පූජ්‍ය සියඹලාගස්වැව විමල සාරස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතාගේ හා උතුරු පළාත්ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම බොදු සමුළුව පැවත්වීමට පියවර ගෙන තිබුණි.

ඉතිහාසයේ පළමු වතාවට පවත්වනු ලබන උතුරු පළාත් බොදු සමුළුව උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ සංකල්පයක් මත සිදුකරනු ලබන අතර උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ මෙහෙයවීමෙන්, බුද්ධ ශාසනඅමාත්‍යාංශයේ, ප්‍රදේශයේ දේශපාලන නායකයින්ගේ, ත්‍රිවිධ හමුදාවේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය ඇතිව සිදුකරනු ලබයි.

වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේ දී අද උදෑසන 8.15ට ආගමික වතාවත් සිදුකිරිමෙන් අනතුරුව විවිධ සංස්කෘතික අංගයන් ගෙන් සමන් විත වන පෙරහැරකින් ස්වාමින් වහන්සේලා ප්‍රධාන ශාලාව වෙත වැඩම කරවා ආගමික වතාවත් සිදු කොට සර්ව ආගමික නායකයින්ගේද ආශිර්වාදය ලබාදී මෙම උතුරු පළාත්බොදු සමුළුව ආරම්භ කෙරුණි.

අද පස්වරුවේදී, උතුරු පළාතේ ආගමික සහජීවනය වර්ධනය කිරීම උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග, අදහස් හා යෝජනා සාකච්ඡා කරනු ලබන අතර උතුරු පළාතේ පවත්වන මෙම බොදු සමුළුව තුළින් ශ්‍රී ලංකාවාසී හා ලෝකවාසී සියලූ දෙනාට සුභවාදී පණිවිඩයක් ලබාදීම අපේක්ෂාව වෙයි.

බොදු සමළුව වෙනුවෙන් අටමස්තානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමයන් ඇතුලු භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක්ද නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ , පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා , ඇතුලු පිරිසක් සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

76 views

One Comment to “පලමු වතාවට උතුරේ බොදු සමලුව වවුනියාවේදී උත්සවාකාරයෙන්…”

  1. sinha le says:

    වවුනියාව සිටි සිංහල ජනතාව ඉන්දියන් හමුදාව උතුරට ආපු නිසා ප්‍රේමදාස රජය එහි සිටි සිංහල ජනතාව පිටකර ඒ පළාත පිරපාකරන්ට බාර දුන්නා උතුරේ ඉන්න ඉන්දියන් හමුදාව පන්නන්න තව වෙනතෙක් එම ජනතාව නැවත පදිංචි කර නැහැ

Main News