‘පලයාවු..’ එජාප කුරුදුපොලූ බලකාය සිරිකොත වටලයි..

March 24, 2018 at 11:20 am | lanka C news
‘පලයාවු..’ එජාප කුරුදුපොලූ බලකාය සිරිකොත වටලයි..

එක්සත් ජාතික පක්‍ෂයේ සන්නිවේදන බලකාය විසින් එළැඹෙන් 29 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව වැටලීමට සූදානම් කරමින් ඇති බව වාර්තා වෙයි.

රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම හමුව වැටලීමට සන්නිවේදන බලකාය සූදානම් වන්නේ කුරුදු පොලූද සමගින් බව දැනගන්නට ඇත.

රනිල් වික‍්‍රමසිංහ මහතාට සෘජුව උපදෙස් දෙමින් පක්‍ෂය විනාශය කරා ඇදගෙන යන්නේ යයි එක්සත් ජාතික පක්‍ෂයේ පංචි පුද්ගල කමිටුවට එරෙහිව මෙම ක‍්‍රියාමාර්ගය ගැනීමට නියමිත බවද සදහන්ය.

එක්සත් ජාතික පක්‍ෂයේ සන්නිවේදන බලකායේ ප‍්‍රධානී සුදත් චන්ද්‍රසේකර මහතාද ඉල්ලා අස්වූයේ මෙම කටිටුව සම්බන්ධයෙන් ඇති කර ගත් ආරවුලක් නිසා බවද සිරිකොත ආරංචි මාර්ග කියයි.

22 views

One Comment to “‘පලයාවු..’ එජාප කුරුදුපොලූ බලකාය සිරිකොත වටලයි..”

  1. මේක මහා ලැජ්ජාවක් බං. says:

    කාගේද me ඇගිල්ල – sb ගේ ඇගිල්ල. කව්ද ගැහුවේ ඇගිල්ල මං ගලාගේ ගැහිල්ල. මහදවල් me.
    බාර්ලිමේන්තුවේ. මේක මහා ලැජ්ජාවක් බං. බේසමේ පල්ල නෑ.

Main News