‘පලවෙනියා නම් අරයා… ඔබ දෙවැනියාම තමයි..’ එජාප ජනාධිපති අපේක්‍ෂකගේ කේන්දරේ බලා සුප‍්‍රකට ජ්‍යෙතිෂ හිමියන් කියයි..

March 23, 2019 at 10:29 pm | lanka C news
‘පලවෙනියා නම් අරයා… ඔබ දෙවැනියාම තමයි..’ එජාප ජනාධිපති අපේක්‍ෂකගේ කේන්දරේ බලා සුප‍්‍රකට ජ්‍යෙතිෂ හිමියන් කියයි..

එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටින ප‍්‍රබලයෙක් නක්‍ෂස්ත‍්‍ර කටයුතු කරන මෙරට නම් දැරූ ප‍්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් මුණ ගැසී තිබේ.

තම උපන් වේලාම අනුව ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදුනහොත් කුමන් ප‍්‍රථිපලයක් අත්වන්නේදැයි එජාප ප‍්‍රබලයා හිමියන්ගෙන් විමසා ඇත.

ටික වේලාවක් පරීක්‍ෂාවෙන් වේලපත්කඩය පරීක්‍ෂා කර ඇති හිමියන් සදහන් කර ඇත්තේ ‘ජනාධිපතිවරණයෙන් එක නම් වෙන්න බෑ.. දෙකම තමයි’ යනුවෙනි.

මෙම සිදුවීම පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාටද එජාප මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු පවසා ඇති අතර තම පාර්ශවය ඔ්නෑම මැතිවරණයකට සුදානම් බව පමණක් රාජපක්‍ෂ මහතා පිලිතුරු ලෙස කියා තිබේ.

– සරත් රණසිංහ

65,733 Viewers

18 Comments to “‘පලවෙනියා නම් අරයා… ඔබ දෙවැනියාම තමයි..’ එජාප ජනාධිපති අපේක්‍ෂකගේ කේන්දරේ බලා සුප‍්‍රකට ජ්‍යෙතිෂ හිමියන් කියයි..”

  1. මගේ පියා...... says:

    පේනවා නේද? රූපවාහිනී සංවාදයක දකින්න නැති, පර්සනැලිටි එකක් නැති, කකුල්වල ඇඟිලිතුඩුවලින් ඉස්සි ඉස්සි මගේ පියා අරක කළා… මගේ පියා මේක කළා…. කියලා කෑ ගහ ගහ ගියාට උඹලාගේ ගිණි පෙට්ටි හදන පුත්‍ර රත්නයටවත් මේ පාර චාන්ස් නැතෝ… මහින්ද මහත්තයා ප්‍රමුඛ අපේ පොහොට්ටුවෙන්… ගෝඨාභය මහත්තයා දිනන එක සිකුරුයි!

    • Tekashi 69 - ටෙකාෂි 69 says:

      ඒ විතරක් නෙවෙයි, ලවුදාසයා බොරු උපාධියක් පෙන්නලත් කුජීතම උනා.. අප්පටයි පුතාටයි දෙන්නටම හීනමානය.. LMAO!

    • බයියන්ට තාම ලැජ්ජා නෑ. අප්පොච්චි සුමනෙගෙ ලණුවක් ගිලලා කූජිත වුනා. තාම සාස්තරකාරයො කියන කතා ලොකුවට දානවා ඇත්ත වෙන දේවල් වගේ.

  2. john the baptice says:

    මොකා ආවත් මහජන කැමැත්තක් නම් මේ දෙන්නටම නැහැ

  3. හැකහැක says:

    මහ බැංකු බැඳුම්කර මහ හොරා සහ නිදන් හොරා.

    • Mahasona says:

      මුන් දෙන්නගෙන්ම වෙන්නේ රට විකුණන එක විතරයි

      • යහපාලන ආණ්ඩුවනම් තාම බිම් අඟලක් විකුණුවෙ නෑ. හැබැයි දේශප්‍රේමය දොර ගලන අප්පොච්චියි උගෙ සනුහරෙයි පෝට් සිටියයි ශ්‍රැන්ගිලා ඉඩමයි පැල්වත්ත ඇතුලු අක්කර 5800කුයි චීනෙටයි, ඇමරිකන් ඩෝල් සමාගමටයි විකූණුවෙ සින්නක්කරව.

  4. citizen says:

    Mekata kenthara balanna ona na.ara paalath paalana mathiwaranayedi wuna wage mahinda virodi chanda tika bedagathoth unp,jvp,Maithree kiyala ,punchhi chanda wagema unpta apath na,jvpta apath na, maithreeta apath na.gotata bandesiye thiyala janathipathikama dunna wage wenawa.

  5. Aurora says:

    UNP කියන්නේ DS, Sir. John, ඩඩ්ලි ආදී ප්‍රජාතන්ත්‍රවාදී දේශප්‍රේමීන්ගේ පක්ෂය විය. ඒ එදාය, අද එය රනිල් වික්‍රමසිංහ නම් දේශද්‍රෝහී බැංකු හොරාගේ අතට ගියාට පසු එහි රජවෙලා ඉන්නේ සරත් පොන්සේකා වැනි කැනහිල්ලු, රංජ වගේ ජෝකර්ලා, කිරිඇල්ල වගේ ගොන්නු, කොකේන් කාරයෝ, කුණු දතා වගේ හොරු, චම්පික වගේ බොරුකාර විකෘති මානසිකයන්, ජඩසුරිය වැනි ඔත්තුකාරයන්, සජිත් ප්‍රේමදාස වැනි බොරුකාර කොටළුවන්, කුඩු කාරයන්ගේ සහායකයන්ය. පැරණි UNP සාරධර්ම අද එහි නැත රණසිංහ ප්‍රේමදාස මේ රටේ ආර්ථිකය විනාශකිරීම තමාගේ ව්‍යාපෘතිය කරගත් අතර ඔහුගේ මන්දබුධික පුතාද ඒ මඟම යමින් සිටී. මූ ජනාධිපති වුනොත් අහංකාර, මන්දබුද්ධික ජනාධිපතිවරයකුගේ රඟ දැකගත හැකිය.

    • Kumari says:

      වාචලවංස ගෙන්ම හොඳට අසා දැනගන්නම් හොඳේ අපි නිදා ගෙන නෙමෙයි ඉන්නේ හොඳට අවදියෙන්. අන්දන්න නම් එන්න එපා. හොඳට වැහෙන්නම ඇඳගෙන තමයි ඉන්නේ හොඳද

  6. Kadiya says:

    සජිත් ප්‍රේමදාස මහා ඉහලින් කථාකරන ප්‍රේමදාසගේ ඇඟලුම් කම්හල් 200 ව්‍යාපෘතිය අමුම අමුවෙන් රටේ ආර්ථිකය කාබාසීනියා කරණ ලද ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය සඳහා තීරණය ගන්නාලද ඉහල රැස්වීමේ තීරණ රටේ සියලුම රාජ්‍ය ආයතන වෙත ෆැක්ස් මගින් (එම දිනවල email පහසුකම් ව්‍යාප්තවී නොතිබුණි.) දන්වා යවන ලදී. එම උපදෙස් අනුව AGA ඉඩම්ද, මහා මාර්ග අමාත්‍යාංශය පරවල්ද, CEB විදුලියද, Water board වතුරද, විදුලි සංදේශ දුරකතනද ආදී ලෙස ආයතන 24 හෝ 25 පමණ සියලුම පහසුකම් නොමිලේ ඇඟලුම් කම්හල් වෙත ලබාදිය යුතුව තිබුණි. ඒවා ලබාදීමට යම් ප්‍රමාදයක් සිදුවූ අවස්ථාවලදී ඇඟලුම් කම්හල් හිමියන්ගේ තර්ජනවලට අදාල ආයතන වල නිලධාරීන්ට මුහුණදීමට සිදුවිය. එම ඇඟලුම් කම්හල් හිමියන් වූවේ ප්‍රේමදාසගේ දේශපාලන හිතවතුන්ය. අවසාන වශයෙන් ඇඟලුම් කම්හල් 200 ව්‍යාපෘතිය අමුම අමු හොරකමකි, රාජ්‍ය දේපල අවභාවිතා කිරීමකි, තම දේශපාලන හිතවතුන්ට රාජ්‍ය දේපල සූරා කෑමට දීමකි. එවන් කැනහිලකු මඟ යන්නකුගේ සියලුම ලක්ෂණ සජිත් ප්‍රේමදාස සතුව තිබේ.

    • on says:

      ane wahala wahala

    • on says:

      wahal athal wahal athal ube nangi gamat yana gamanda mewa kiyanne

    • බයියන් හරකුන් කියන්නේ නිකමට නොවේ. අදටත් රටට විදේශ විනිමය ලැබෙන ක්‍රමය තමුන් දන්නවාද?පිරරටවල සිටින ශ්‍රමිකයන් ගෙන් පසුව වැඩිම ආදායම තවමත් රටට ලැබෙන්නේ ඔය ඇඟලුම් කර්මාන්තය හරහායි. තොප වැන්නන් එවන් ව්‍යාපෘතිවලට ගරහමින් පරිගණකය පාවිච්චිකරද්දී ඔය පරිගණකය රටට ගෙන එන්නට පිටරටට ගෙවූ මුදල් ලැබුනේ ඒ ප්‍රෙමදාස මහතා ඇතිකල ඇඟලුම් කර්මාන්තය මගින් බවවත් තමුන් දන්නවාද?

  7. GEWAL HADANNA AMATHI KENEK AWASYA NAHA LOAN DENA EKA HARIYATA KARANAM ATHI.

  8. මගේ පියානන්ගේ පියානන් අනුරාධපුරේ වන්දනාවේ යනවිටදී අක්‍කර පනහක ඉඩමක් දැක මිළටගත් බව මාගේ පියානන් විසින් මාහට පවසන ලදී.නමුත් තවත් වතාවකදී ඔහු පැවසුවේ තමා ඉතාමත් කුඩා තැනකින් පටන්ගත් බවත් මහජනතාව විසින් මුදල් එකතු කොට තමන්ට මොරිස් මයිනර් කාර් එකක් ඡනද කටයුතු කරගෙනයමට ලබා දුන් බවත්‍ මට මෙන්ම ජනතාවටද හොඳින් මතක තිබේ.මාගේ පියානන් මෙන්ම මමද කිසිදු දිනෙක රැකියාවක් කොට නොමැතිමුත් අද මම ලංකාවේ සිටින ධනවතෙකි.මාහට මුදල් ලැබුනේ කෙලෙසදැයි කිසිවෙකුටත් මා නොපවසමි.ලංකාවේ සිටින සැමදා රැවටිය හැකි ඡන්දදායක බවතුන්ගේ පිහිටෙන් මට චිරාත් කාලයක් මාගේ අර දුප්පත් එහෙත් උපතින්ම අක්‍කර පනහක ඉඩමක් හිමි මාගේ පියානන්ගේ නම විකුනමින් වැජඹීමට ලැබීම මා ලද භාග්‍යකි.

Main News