පලස්තීනය ගැන විදේශ ඇමති මංගලගේ මතයට රාජිත එරෙහි වේ..

December 1, 2016 at 7:06 am | lanka C news
පලස්තීනය ගැන විදේශ ඇමති මංගලගේ මතයට රාජිත එරෙහි වේ..

ශී‍්‍ර ලංකාෙවි ත‍්‍රස්තවාදය සාධාරණීය කිරීමට උත්සාහ කළ ලෝක බලවතුන් පලස්තීනයට සාධාරණය ඉටු නොකරන බවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න චෝදනා කරයි.

පලස්තීන ජනතා අන්තර්ජාතික සහයෝගිතා දින උත්සවය කොළඹ ක‍්‍රීඩා අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවැති අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.

‘පලස්තීන අර්බුදයට දීර්ඝ කාලීන ඉතිහාසයක් තිබෙනවා. ශ‍්‍රී ලංකාෙවි ශිෂ්ඨාචාරයට වඩා පලස්තීනයේ ශිෂ්ඨාචාරය දිගු ඉතිහාසයකට උරුමකම් කියනවා. 1867 දී පලස්තීනය තුල යුදෙවි රාජ්‍යයක් බිහි කිරීෙමි අඩිතාලම වැටෙනවා. ඉන් පසු පලස්තීනය තුල තිබෙන ඉඩම් යුදෙවිවන් විසින් අත්පත් කර ගන්නවා. ඇතැම්  ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගත්තා. පලස්තීන ජාතිකයින් එම දේශයෙන් පලවා හැරියා. 70 දශකයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය යුදෙවිවාදය ජාතිවාදයක් ලෙස ප‍්‍රකාශයට පත් කළා. එහිදී ඊජිප්තුව ද නිශ්ශබිද වුනා. නමුත් රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා පලස්තීනයට සහයෝගය ලබාදීමට එම අවස්ථාවෙත් තීරණය කළා.

අපේ රටේ සිටි සියළුම දේශපාලන පක්ෂ පලස්තීනය සමග සහයෝගීව කටයුතු කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් විශාල සේවාවක් ඉටු කළා. වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාත් පලස්තීන නිදහස් අරගලය වෙනුවෙන් සහයෝගය ලබාදීමට කටයුතු කරනවා. වෙන කිසිවෙකු සදහා සහයෝගය ලබාදීමට රජය තීරණය කර නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීන සයෝගීතාවය වෙනුවෙන් යෝජනා 120 ක් සම්මත කර ගත්තත් බලගතු රාජ්‍ය එම යෝජනා ක‍්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නේ නැහැ. වෙනත් රාජ්‍යයන් සිය ජාතික දින සැමරුවත් පලස්තීනුවන්ට සැමරීමට සිදුව ඇත්තේ අන්තර්ජාතික සහයෝගිතා දිනයක් පමණයි. ලෝක බලවතුන් සමග යුදෙවි වාදය ඉදිරියට යනවා. පලස්තීනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී රටවල් 136 ක් සහයෝගය ලබාදී තිබෙනවා. ලෝක නායකයින් ද පලස්තීනය වෙනුවෙන් සිය මතය ප‍්‍රකාශයට පත් කර ඇති අතර, ඊශ‍්‍රාලයේ සිටින යුධ නායකයන් ද සිය මතය ප‍්‍රකාශයට පත්කර තිිබෙනවා. එහෙත් ලෝක නායකයිට පලස්තීනයට සාධාරණත්වය ඉටු කිරීමට නොහැකි වීම කණගාටුවක්.

මම පසුගිය කාලයේ පලස්තීනයේ් කළ සංචාරයක දී දක්නට ලැබුනේ ඛෙිදවාචකයක්. මම තරුණ කාලයේ සිට පලස්තීන සහයෝගිතාව වෙනුවෙන් සහයෝගය ලබාදුන්නා. හිටපු ජනාධිපතිවරයා සමග ද පලස්තීනයේ නිදහස වෙනුවෙන් එකට වැඩ කළා. අපි පලස්තීනයට ගමන් කරන්නේ ඊශ‍්‍රාලය ලබාදෙන වීසා බලපත‍්‍ර මගින්. පලස්තීනයේ සංචාරක ව්‍යාපාරය ක‍්‍රියාත්මක කරන්නේ ද යුදෙවිවන් විසින්. පලස්තීන පාර්ලිෙමින්තුව ක‍්‍රියාත්මක වන්නේ නැහැ. ඊට හේතුව යුදෙවිවන් විසින් මන්ත‍්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමයි. ශ‍්‍රී ලංකාෙවි මානව හිමිකම් සහ ත‍්‍රස්තවාදය සාධාරණත්වයට පත් කිරීමට ලෝක බලවතුන් පසුගිය කාලයේ උත්සාහ කළා. නමුත් පලස්තීනයට එවැනි සාධාරණත්වයක් ඉටු කිරිමට ලෝක බලවතුන්ට නොහැකි වී තිබෙනවා. පලස්තීනයට තිබෙන එකම රැකවරණය ජාත්‍යන්තරයයි. ලෝක මතය හරහා පලස්තීනය ආරක්ෂා කරගත යුතුයි. ඒ සදහා ශ‍්‍රී ලංකා රාජ්‍යය ද කැප වෙනවා. පලස්තීන ජනතාවගේ විමුක්ති අරගලය වෙනුවෙන් දේශපාලන පක්ෂ නොතකා ලක් රජය කටයුතු කරනවා’

– නිපුන් ඒකනායක

3 views
Main News