පල්ලියේ වටිනා ඔරලෝසුවක් සොරකම් කල සැකකරු CCTV ඔස්සේ අල්ලයි..

August 10, 2020 at 2:10 am | lanka C news
පල්ලියේ වටිනා ඔරලෝසුවක් සොරකම් කල සැකකරු CCTV ඔස්සේ අල්ලයි..

හැටන් ඩන්බාර් ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියක යාඥා කරන ස්ථානයට ඉහලින් සවි කර තිබු ඩිජිටල් බිත්ති ඔරලෝසුවක් සොරකම් කල සැකකරු එම අවස්තාවේම අල්ලා ගැනිමට එම මුස්ලිම් පල්ලියේ පුජකවරයා සමත්විය.

මුස්ලිම් පල්ලියේ යාඥාවක් සදහා (08) දින සැකකරු පැමිණ යාඥා කරන ස්ථානයට ඉහලින් බිත්තියේ සවි කර තිබු ඩිජිටල් ඔරලෝසුව ගලවන අයුරු එම පල්ලියේ පුජකවරයා විසින් ඔහු රැදි සිටින කාමරයේ සවි කර ඇති ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ දැක ඇත.

කලබල නොවු පුජකවරයා එම පල්ලියේ ඉදිරිපිටට පැමිණ සැකකරු සමග සුහදව කතා බහ කරමින් පිරිසක් රැදි සිටින ස්ථානයට සැකකරු ඉතා සුක්ෂම ලෙස කැදවාගෙන ගොස් සොරකම් කරන ලද ඩිජිටල් ඔරලෝසුව පුජකවරයා භාරයට ගෙන සැකකරුට දැඩි ලෙස අවවාද කර මුදා හැර ඇත.

සැකකරු හැටන් ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත් , සැකකරු ඩිජිටල් ඔරලෝසුව ගලවන අයුරු එම පල්ලියේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්තවල සටහන් වි තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

5,057 views
Main News