පල්ලිය අසල සැකකටයුතු වාහනයේ බෝම්බ යයි කටකතා.. පොලීසියෙන් නිවේදනයක්..

October 16, 2019 at 11:20 am | lanka C news
පල්ලිය අසල සැකකටයුතු වාහනයේ බෝම්බ යයි කටකතා.. පොලීසියෙන් නිවේදනයක්..

අද කොළඹ මට්ටක්කුලියේ ක‍්‍රිස්තියානි පල්ලියක් ආසන්නයෙන් පිහිටි පාසලක් අසල සැකකටයුතු ලෙස නවතා තිබූ වාහනයක් බෝම්බ සහිත එකක් ඇයි පැතිර ගිය තොරතුරක් හේතුවෙන් සිසුන්, දෙමාපියන් ඇතුළු ප්‍රදේශවාසීන් කලබලයට පත්ව තිබේ.

කෙසේ නමුත් පොලිසිය විසින් නිවේදනය කරන්නේ එවන් කිසිදු කිසිදු තත්වයක් නැති බවත් වාහනය කාර්මික දෝෂයකට ලක්ව අයිතිකරු විසින් ඊයේ රාත්‍රියේ එම ස්ථානයේ නවත්වා ගොස් තිබූ එකක් බවත්ය.

මේ වන විට එම ස්ථානයට වාහනයේ හිමිකරු පැමිණ සිටින බවද පොලිසිය කියයි.

පැතිර යන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නැති බවද පොලිසිය කියා සිටි.

36,508 Viewers

5 Comments to “පල්ලිය අසල සැකකටයුතු වාහනයේ බෝම්බ යයි කටකතා.. පොලීසියෙන් නිවේදනයක්..”

  1. sirimal says:

    ශ‍්‍රී ලංකාව මේ වනවිට අත්පත් කරගෙන ඇති සියයට 03 ක පමණ ආර්ථික වර්ධන වේගය තවදුරටත් පැවතිය හොත්, මෙරට ආර්ථිකය දෙගුණයකින් වැඩිවීමට තවත් වසර 23 ක් ගතවනු ඇතැයි ලෝක බැංකුව අනුමාන කරනවා. ඒ කියන්නේ, ෆුට් සයිකලේ තියෙන මිනිහට මෝටර් සයිකල් එකක් ගන්න, බයිසිකල් එකක් තියෙන මිනිහට ත්‍රීවිල් එකක් ගන්න, ත්‍රී විල් එකක් තියෙන මිනිහට ඇල්ටෝ එකක් ගන්න , ඇල්ටෝ එකක් තියෙන මිනිහට විට්ස් එකක් ගන්න අවුරුදු 23 ඉන්න ඕන. ඉතින් ඕකට මොකටද අපිට ආණ්ඩුවක් තියෙන්නේ.

    • samantha says:

      1.5 ta bahala dan. 2015 wenakota 8% ta asannawa thibune. A wenakota aarthika wardana wegaya athin lankawa dewani une china walata withari. ada afghanisthanayatath pahalin. awurudu 4 ta puduma wenasak karala thiyenne.

    • හරීන්.... says:

      ඔන්න මම මෙදා ගමන රහසක් හැටියට හංගගෙන හිටියේ නැහැ!!

  2. Me3 says:

    නැවත බියෙන් හා සැකයෙන් පසුවන ජාතියක් බිහිකළ යහපාලනෙේ ගෙනාපු ගොං හරක්ට සතුටුයිද දැන්?

Main News