පලාත් අතර ධාවනය වන වාහන පොලිසිය දැඩි පරික්ෂාවකට….

August 15, 2021 at 2:06 am | lanka C news
පලාත් අතර ධාවනය වන වාහන පොලිසිය දැඩි පරික්ෂාවකට….

කොවිඩ් 19 වෛරසය තවදුරටත් පැතිර යාමේ අවධානම මත (13) දින රාත්‍රියේ සිට අන්තර් පලාත් අතර සංචරණ සිමා දැඩි කිරිමත් සමග පලාත් මායිම් ආසන්නයේ පොලිසිය විසින් මාර්ග බාධක යොදා දැඩි ආරක්ෂාවක් යෙදවා තිබේ.

අන්තර් පලාත් අතර අත්‍යවශ්‍ය රාජකාරි සදහා යන පුදගලයින්ට සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යන වාහන වලට පමණක් පලාත් මායිම් අතර වාහන ධාවනයට පොලිසිය විසින් අවසර ලබාදෙන ලදි.

පලාත අතර පෞද්ගලික සහ ලංගම බස් ධාවනය සමාන්‍ය පරිදි සිදු කරන අතර එම බස් රථ වල නිරෝධායන උපදෙස් වලට පටහැනිව මගින් රැගෙන යන බස් රථ පිලිබදව මාර්ග බාධක රාජකාරි කරන පොලිස් නිලධාරින් දැඩි පරික්ෂාවකට ලක් කරනු ලැබුහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

18,377 views

6 Comments to “පලාත් අතර ධාවනය වන වාහන පොලිසිය දැඩි පරික්ෂාවකට….”

  1. කැලණියේ නයා says:

    ඉස්සර තනි බස් එකේ කොළබ ආපු එකා දැන් බස් දෙක තුනකින් ගමන එනව සන්චරණ සීමාවේ වෙනස ඒකයි.කොටින්ට ගහන ස්ටැයිල් එකෙන් කොරෝනා මැඩලන්ට කම්පනා කරන උන්දැලා.ඩොක්ටර්ස්ල කලබල උනාට පිස්සො චුන් එකේ.

  2. හෙලයා says:

    මේක හිසරදෙට කොට්ට මාරුකරනවා වගේ වැඩක්.. හැම පලාතකම එක හා සමාන ලෙස කොරොනා රෝගීන් ඉන්නවා.. පලාත් වැහුව කියල වැඩක් නැහ හැම පලාතකම එක හා සමානව පැතිරෙනවා.. මේව කරල මිනිස්සු රැවටුනාට කොරොන නම් රවට්ටන්න බැහ.. මිනිස්සු දැන ග්න්න ඕනෙ අවදානම සහ එයින් වැලකීමට.. ඔය විකාර නවතල මාස්ක් එක හරියට දාන්නෙ නැති අය හොයල දැඩි දඩුවම් ඩෙන්න.. ආයතන වල.සොඋක්‍ය ක්‍රම මොනවද් බලන්න. බස් දුම්‍රිය වල කට කපල යන එක නවතන්න

  3. Saman says:

    වාහන පරික්ශා කරන්නේ.. කුඩු තියෙනවද කියල බලනව වගේ.. කොරෝනා තියෙනවද කියල වෙන්න ඕන.. දැන් ඕකෙන් වැඩක් නෑ.. හැම පලාතකම කොරෝන තියෙනවා.. අනික වැඩට ගිහින් එන්නෙත් පලාත් මාරුවෙලානම් ඔය මහන්සියෙන් වැඩක් නෑ.. මිනිස්සු කොච්චර ගෙදරට වෙලා හිටියත් වැඩට ගිහින් එන මනුස්සය කොරෝන අරන් ආවොත් කිසි දේකින් වැඩක් වෙන්නෙ නෑනේ…

  4. Siripala says:

    ඉංග්‍රිරිසියෙන් ලියපු ලවි ලෙටර් එකග් පෙන්නුවත් උන් යන්න දෙනවා… නිෂ්පාදනයට කිසිම දායකත්වයක් නැති අයත් ඔින තරමි එහා මාහා යනවා..

  5. Angora says:

    I know That some people take passes from politicians and powerful people for crossing borders … for their personal reasons ( not for essential work or reasons). So these cheaters and indisciplined people can’t be stopped from mono in on and out of provinces unfortunately.

  6. Angora says:

    I know That some people take passes from politicians and powerful people for crossing borders … for their personal reasons ( not for essential work or reasons). So these cheaters and indisciplined people can’t be stopped from mono in on and out of provinces unfortunately.

Main News