පලාත් පාලන මන්ත‍්‍රීන් දෙගුණ කිරිමෙන් ‘මහ නගර සභා ආඥා පනත’ අනුව රැස්වීම් පැවත්වීමට නොහැකියි.. පුංචි ආණ්ඩු පිහිටුවීම ජංජාලයක් වෙයි.. නීති පොත මෙන්න..

March 2, 2018 at 3:25 am | lanka C news
පලාත් පාලන මන්ත‍්‍රීන් දෙගුණ කිරිමෙන් ‘මහ නගර සභා ආඥා පනත’ අනුව රැස්වීම් පැවත්වීමට නොහැකියි.. පුංචි ආණ්ඩු පිහිටුවීම ජංජාලයක් වෙයි.. නීති පොත මෙන්න..

සමහර ප්‍රාදේශිය සභා සඳහා කුණු ඉවත් කිරිමට අත්‍යවශ්‍ය රුපියල් මිලියනයක් වටිනා ට්‍රැක්ටරයක් වත් දීමට අපොහොසත් වූ පාලකයන් උතුරු නැගෙනහිරට බලය බෙදීමේ ව්‍යායාමයක යෙදි සිටින අයුරින්ම පැරණි රජ දවස වූ පණ්ඩුකාභය රජතුමාගේ සමයේ සිට පැවත එන ගම් සභා ක්‍රමය ජනතාව හිස රදයක් කොට විනාශ කිරිමේ අභිමුවට පැමිණ ඇත. ඒ මේ වනවිටත් එම ආයතනයකන් අක්‍රර්මන්‍ය වී වසර 3 කට ආසන්න වීම නිසාය.

අද වනවිට පලාත් පාලන මැතිවරණ පවත්වා සති 3 ක් ගත වී ඇතත් පලාත් පාලන 340 න් එකකවත් වැඩ ආරම්භ කොට ජනතාවට සේවය සැපයීමට නොහැකිව ඇත්තේ ආණ්ඩුවේ දුර නොබලා වැඩ කිරීම මෙන්ම පලාත් පාලන අමාත්‍යවරයාගේ නොහැකියාව නිසා ය.

ඊට ප්‍රධාන හේතුවක් වනුයේ කෙසේ හෝ මෙම ආයතනයන් පිහිටු වූවත් මහා නගර සභා ආඥා පනත යටතේ රැස්විම් පැවත්මීමට නොහැකි වනුයේ සියලු මහා නගර සභාවල සභික සංඛ්‍යාව දෙගුණයකින් වැඩි කිරිම නිසා සභා රැස්වීම් තැබිමට සභාවේ ඉඩ පහසුකම් නොමැති වීමයි.

කොළඹ මහා නගර සභාවේ මංගල සැසිවාරය ආරම්භ කිරිමට නගර සභාවේ ඉඩ පහසුකම් මදි බැවින් එය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්වීමට කටයුතු යෙදුවත් මහා නගර සභා ආඥා පනත සංශෝධ නොකොට එසේ තැබිමට හැකියාවක් නොමැත. ඊට හේතුව ආඥා පනත වගන්ති 17 සහ 18 අනුව රැස්වීම් පැවත්වීම අනිවාර්යයෙන් නගර සභා ගොඩනැගිල්ලේ පමණක් තැබිය යුතුය.

එමෙන්ම ආණ්ඩුවේ සිටින නොයෙකුත් පාර්ශවයන් පිනවීම සඳහා දිවයිනේ පිහිටි කොට්ඨාස ප්‍රමාණයට මන්ත්‍රීවරු දෙගුණයකින් වැඩි කිරිමත් ඒ අනුව රටේ සමස්ථ ආර්ථිකයට ඔරොත්තු නොදෙන මට්ටමේ ගැටලු රාශියක් මේ අනුව නිර්මාණය වී ඇත.

පලාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් පසුගිය දා නිකුත් කර ඇති ගැසට් පත්‍රයට අනුව මන්ත්‍රීවරු සංඛ්‍යාව 8436 දක්වා දෙගුණයකින් වැඩි කෙරිනි. ඒ අනුව සඳහා සභික දීමනාවට පමණක් වසරකට රුපියල් මිලියන 1080 සිට රුපියල් මිලියන 2160 දක්වා වැඩි වනු ඇත. ඒ අනුව ඔහුනගේ ධූර කාලය වසර 4 ක් වන බැවින් ආණ්ඩුවට ඒ සඳහා වසර 4 කට අතිරේක රුපියල් මිලියන 4320 ක් වැය කිරිමට සිදු වේ.

මීට අමතරව පලමු වර්ෂයේ සිට පලාත් පාලන 341 සඳහා රැස්වීම් ශාලා පහසුකම් දෙගුණයකින් වැඩි කිරිමට සිදු වේ. කොළඹ මහ නගර සභාවේ පහසුකම් දෙගුණයකින් වැඩිකිරිමට අවම වශයෙන් රුපියල් මිලියන 100 ක් වත් අවශ්‍යය. එමෙන්ම අති දුෂ්කර ප්‍රදේශයක් වන වනාතවිල්ලුව වැනි ප්‍රාදේශිය සභාවක් ශාලා පහසුකම් වැඩිකිරිමට රුපියල් මිලියන 10 ක් වත් අවම තරමින් අවශ්‍යය. ඒ අනුව මිලියන 25 ගනනේ දල වශයෙන් ගනන් බැලුවත් ඒ සඳහා ද රුපියල් මිලියන මිලියන 8000 ක් පමණ අවශ්‍ය බවයි. ඒ අනුව වසර 4 ක ධූර කාලය සඳහා අමතර රුපියල් මිලියන 12000 ක් පමණ වැය කිරිමට ආණ්ඩුවට සිදු වේ.

ඉහත අතිරේක වියදම අනුව එක් පලාත් පාලන ආයතනයක් සඳහා මිලියන 40 ක් ලබාදීමට හැකියාවක් ඇත. එම මුදල් එම ප්‍රාදේශිය සභාවේ ජනතා සුභ සිද්ධියට විශාල සේවාවක් කිරිමට අවශ්‍ය මුදල් ය. ඒ අනුව ජනතාවට් අවශ්‍ය පානිය ජලය, පොදු වැසිකිලි, කොන්ක්‍රීට් ඇතිරූ කුඩා පාරවල් කැලිකසල ප්‍රතිචක්‍රිකරණය වැනි පොදු වැඩ කිරිමට හැකිය.

මහා නගර සභා ආඥා පනත වගන්ති 17 සහ 18 පහත පලවේ.

129 views

2 Comments to “පලාත් පාලන මන්ත‍්‍රීන් දෙගුණ කිරිමෙන් ‘මහ නගර සභා ආඥා පනත’ අනුව රැස්වීම් පැවත්වීමට නොහැකියි.. පුංචි ආණ්ඩු පිහිටුවීම ජංජාලයක් වෙයි.. නීති පොත මෙන්න..”

  1. Open mind says:

    දැක්මක් ඇති පාලකයන් කවදා බිහිවේද අප රටේ.

  2. Nuwan says:

    මේ සෙල්ලම එන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4ඉ ව්‍යවස්ථාවට පළාත් පාලන මැතිවරණය, පළාත් සභා මැතිවරණය ඇතුල් කර ගෙන පළාත් මැතිවරණ කොමසාරිස්වරැ මගින් ඡන්ද පවත්වා ගැනීමේ මෙහෙයුමයි.
    මේ වන විට මනෝහාර සහ සරත් නන්ද සිල්වා තර්ක ඉදිරිපත් කරන්නේ 4ඉ ව්‍යවස්ථාවේ ඇති මැතිවරණ 3 වෙනුවට 2000 ජී. ඇල්. පීරිස් ගෙනාපු පැකේජ් එකේ විදිහට පළාත් පාලන මැතිවරණය, පළාත් සභා මැතිවරණයත් 4ඉ වලට ඇතුල් කළ යුතු බවයි. මේ වන විට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසීම වෙලාවේ 2:1 බෙදුනු තීන්දුවෙන් පළාත් පාලන මැතිවරණයත් 4ඉ ව්‍යවස්ථාවට ඇතුළු කරගෙන තියෙනවා.
    මේ යහපාලන නඩයේ ඉන්නා NGO කුක්කන් සහ සිංහල බිල්ලන් එකතු වෙලා සිංහලයන් මෝඩයන් කර ගැනීම සදහා මේ ආකාරයට පළාත් පාලන මැතිවරණයේ ප්‍රශ්න ඇතිකර කොසේ හෝ 4ඉ ව්‍යවස්ථාවට පළාත් පාලන මැතිවරණය, පළාත් සභා මැතිවරණය ඇතුල් කර ගැනීම මගින් උතුරැ නැගෙනහිර පළාත් සභාවලට ජනමතවිචාරණයක් මගින් වෙන්වී යන්න පාර කපමින් සිටි.

Main News