පලාත් සංචරණ දීර්ඝ කිරීම හා දුම්රිය ප‍්‍රමාදයට හේතුව ඩීසල් හිගයක්..?

October 24, 2021 at 3:20 am | lanka C news
පලාත් සංචරණ දීර්ඝ කිරීම හා  දුම්රිය ප‍්‍රමාදයට හේතුව ඩීසල් හිගයක්..?

පළාත් අතර සංචාරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීමට සහ දුම්රිය ධාවනය ප්‍රමාද කිරීමට හේතු වී ඇත්තේ රට තුළ ඩීසල් හිගයක් පැවතීම තිබීම බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

එම ඩීසල් හිගය ජනතාවගෙන් වසන් කිරීම සඳහා දුම්රිය ධාවනය පමා කිරීමටත් සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීමටත් ආණ්ඩුව පියවර ගෙන තිබෙන බවද ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

21,798 views

7 Comments to “පලාත් සංචරණ දීර්ඝ කිරීම හා දුම්රිය ප‍්‍රමාදයට හේතුව ඩීසල් හිගයක්..?”

  1. Hi says:

    හිගයක් තිබුනත් නැතත් work from home පුලුවන් අයට දෙනවානම් හොදයි.
    මොකද work from home නිසා දෙමාපියන්ට දරුවන් හා සිටින්න පුලුවන්.
    ඒ වගේම වාහන තද බදය, කාර්යාල වල වියදම (electricity වගේ දේවල්) වගේ දේවල් අවම කරන්න පුලුවන්.
    මේක නුතන දියුණු ලෝකයට ඉතා හොදයි.පවුල් සංස්ථාව ට ඉතා හොදයි

    • Gunadasa says:

      Work from Home කියන්නේ තවත් වැඩ නොකර පඩි කෑමේ ක්‍රමයක්. මේකෙන් මාසයකට හරි සති 2 කට සැරයක් වැඩට ඇවිල්ලා කරන්න තියන වැඩ දාහක් නොකර, මේ වැඩේ මගේ නෙමෙයි කිය කියා මගහැරලා , ගෙදර ඉදලත් මෙලෝ වැඩක් නොකර මාසයටම හරියන්න අතිකාල දීමනා සියල්ල අරගෙන (පුළුවන් වුනොත් වැඩට එනවා කියල කොටුවකුත් පැනගෙන) වැඩ අල කරන පිං පඩි ක්‍රමයෙකි. උදාහරණ සෞඛ්‍ය අමත්‍යයංශය (රෝහල් නෙමෙයි)

      • Hi says:

        මම health department ගෑන දන්නෙ නැහැ. ඒ විදියට වෙනවානම් ඒක system එකේ වරදක්. බොහෝවිට work from home වලට කැමති නැත්තෙ හා කිරීමට අකමැති technology දන්නැති SLAS (පරිපාලන සේවය) අය.
        නැතිනම් technical වැඩ සිදුවන දෙපාර්තමේන්තුවල මෙය ඉතාමත් හොදින් වෙනවා. මොකද technical වැඩ කරන කොට ඒවා දෙන්න ඕන monthly progress විදියට. මම දන්න සමහර අය office වල 80% progress දීපු අයගෙන් work from home කරද්දී 150% ක් monthly progress දුන්නා.
        මේ අය අතින් වියදම් කරන් internet අරගෙන phone calls වලට වියදම් කරගෙන කරේ.
        work from home කරනවානම් හැම සේවකයකුටම account හදලා up-to-date technology එකත් එක්ක වැඩ කරන්න ආයතන ප්‍රධානියාගෙ ඉදලා පුලුවන් වෙන්න ඕන.
        නැතිනම් ඔබ කියන දේ වෙනවාමයි.අඩුම තරමේ ලංකාවෙ එහෙම කරන්න පුලුවන් ආයතන වලට ඒ දේ කරන්න ඉඩ දුන්නානම් හරි.

    • As says:

      උබ හිතුවේ මෙක ඇමරිකාව කියලද. මෝඩ යකෙක් මූ..

  2. Citizen says:

    Will the Government deny this ?

  3. Manoj says:

    මුජිබර් නුඹලා පහුගිය අවුරුදු පහ වැපිරූ අස්වැන්න දැන් නෙලන්නේ ගෝඨාභය..එදා යමිකිසි ස්ථාවර ආර්ථිකයක් තිබ්බනම් අද මේ තරම් දරුනු වෙන් නෑ..රට කාලා ආර්ථික වර්ධන වේගය බිංදුවට බස්සලා රට නැත්තටම නැති කළ නිසා තමයි එළවලා දැම්මේ ..”ඔබට මතක නෑ මට අමතක නෑ”

  4. Ravana parapura says:

    ඇයි මේ දුම්රි සෝලා වලට හරවන්න මුන්ට මොලයක් නැද්ද වසර පුරාම හිරු පායන රටක් ලැජ්ජයි.