පලාත් සංචරණ සීමා ඉවතට.. සදුදා සිට රටම විවෘතයි.. සියළු සේවකයන් වැඩට කැදවයි…

July 31, 2021 at 11:20 am | lanka C news
පලාත් සංචරණ සීමා ඉවතට.. සදුදා සිට රටම විවෘතයි.. සියළු සේවකයන් වැඩට කැදවයි…

කොරෝනා ව්‍යාප්තිය පැතිරීම පාලනය සඳහා දැනට මාස දෙකක පමණ කාලයක් තිස්සේ පනවා තිබූ පළාත් අතර සංචරණ සීමා තහනම එන සදුදා දින සිට ඉවත් කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

පසුගිය මැයි මස එකොළොස් වැනිදා මුළු දිවයින ම ආවරණය වන පරිදි පළාත් සංචරණ සීමා පනවනු ලැබීය.

එමෙන්ම සදුදා දිනයේ සිට සියලු රාජ්‍ය සේවකයන් පෙර පරිදිම සියලුම තම සේවා ස්ථානයන් වෙත කැඳවීමට රජය තීරණය කර තිබේ. ඒ සදහා වන චක‍්‍රලේඛයක්ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.

කෙසේ වෙතත් රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරන්නේ සදුදා දිනයේ රට විවෘත කරන තීරණය බොහෝ දුරට වෙනස් විය හැකි බවයි.

අද මේ මොහොතේ රට ඇත්තේ එම තීරණය ගන්නා විට තිබූ තත්ත්වය නොවන බවද පසුගිය සතියේ දී ආසාදිත ප්‍රමාණය වැඩිවී ඇති බවත් බවද ඇය සඳහන් කළාය.

වරර්ධන වන අවදානම හමුවේ කල්පනාකාරීව තීරණය ගැනීමට අවශ්‍ය බව ද ඇය තව දුරටත් පැවසීය.

35,022 views

8 Comments to “පලාත් සංචරණ සීමා ඉවතට.. සදුදා සිට රටම විවෘතයි.. සියළු සේවකයන් වැඩට කැදවයි…”

  1. Jagath Silva says:

    arinna ona katada

  2. රංගන says:

    කොරෝනාත් වැඩට කැඳවයි – මරේ මරු

  3. Banda says:

    Make or Break week for Sri Lankans…. Economic and Political necessities against medical opinion. ..

  4. Ayotallah says:

    The country has to be open to bring about economic prosperity. Traveling prohibition between the provinces is a negative act and encouraged by the Doctors to ensure their prosperity by the way of private practice. By having these limitations will not bring Covid down and ensuring vaccinations for all people will certainly help

  5. Sandun Dhammika says:

    Yes, So I could plan my holiday.

  6. පුටුවේ දුක ඔබේ says:

    තුන්වෙනි රැල්ල ට රිහසල් ..එළ එළ..ගන්න සැපක් මේ දවස් ටි කේ තමා..පනින කොටුවක්…ගහන ගේමක් දැන් තමා.

  7. කපටියා says:

    ඔන්ලයින් කරගන්න දැනුමක් නැතිව බොරු පෙලපාලි ගියපු හොර ගුරාලා රැලට හොඳ ආරංචියක්.

  8. යකා says:

    තැපැල් ඡන්ද වලින් 75% පොහොට්ටුවට දීපු කට්ටියට දැන් සතුටුයි ද

Main News