පලාත් සභාවලට ලබාදුන් බලයත් ද්‍රවිඩ සංධානය ආණ්ඩුවට එක්වෙලා නැති කරගෙන..- බැසිල් උතුරේදී දෙමල සන්ධානයේ කණට ගහයි..
October 2, 2017 at 8:40 am | lanka C news
ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ප්‍රවර්ධන වැඩසටහන් පසුගිය සති අන්තයේදි බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු ප්‍රදේශයේ පැවත් වු අතර ඉරිදා සවස උතුරේ මාධ්‍යවෙදීන් සමඟ සාකච්ඡාක් හෙතෙම විසින් පවත්වනු ලැබිය.
එහිදි මාධ්‍යවේදින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසුවේ නව රජයක් යටතේ උතුරට බලය බෙදාහැරීමක් සිදු කරන්නේ ද යන්න ය.
එහිදි ඔහු ප්‍රකාශ කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ උතුරට මෙන්ම නැගෙනහිර පලාත් සඳහා මැතිවරණ පවත්වමින් අවශ්‍ය බලතල එහි මහ ඇමතිවරුන්ට ලබා දුන් බවත් එහෙත් පසුගිය දා දෙමළ සංධානය ද මේ ආණ්ඩුව සමග එක් වී පනතක් සම්මත කරගෙන පලාත් සභා මැතිවරණ කල් දැමීමට පාර්ලිමේන්තුව නැවත ඒ බලය ලබා දුන් බවයි.
ඒ නිසා අද වනවිට නැගෙනහිර පලාත් සභාවේ බලය නැවත ආණ්ඩුකාරවරයකු යටතට දින නියමයක් නොමැතිව පත්ව ඇති බවයි.
වීඩියෝව මෙතනින්