පලාත් සභා අහෝසි කරනවාට විරුද්දයි.. ඔ්න නම් ‘පලාත් සභා’ කියන නම වෙනස් කරමු..

September 20, 2020 at 12:00 pm | lanka C news
පලාත් සභා අහෝසි කරනවාට විරුද්දයි.. ඔ්න නම් ‘පලාත් සභා’ කියන නම වෙනස් කරමු..

පලාත් සභා අහෝසි කිරීමට හිටපු මහ ඇමතිවරයෙකු ලෙස තමන් විරුද්ධ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පලාත් සභා ක්‍රමයේ කිසියම් ගැටළු ඇත්නම් ඒවා නිවැරදි කර පලාත් සභා ක්‍රමය රට තුල පවත්වාගෙන යා යුතු බවයි.

කොග්ගල අපනයන සැකසුම් කලාපයේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වූ ඇමතිවරයා උත්සව සභාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කලේය.

13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා රටට හඳුන්වා දුන් පලාත් සභා ක්‍රමය ඉන්දියාව බලහත්කාරයෙන් ඇටවූවක් බවත් උතුරු නැගෙනහිර පැවැති ප්‍රශ්නයට පිළියමක් ලෙස හඳුන්වා දුන් බවත් පිලිගත හැකි වුවද  පරිපාලන බලය බෙදීම සඳහා හඳුන්වා දුන් පලාත් සභා ක්‍රමය අහෝසි නොකල යුතුය යන්න සිය ස්ථාවරය බවද ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.

පලාත් සභාව සුදු අලියෙක් බවට චෝදනාව නැඟුනේ ඇතැම් කාලවල වැඩ නොකරන පුද්ගලයන් මුල් පුටුවල සිටීම නිසා බවත් වැඩ කල හැකි දක්ෂයෙකුට පලාත් සභාව හරහා රටට වැඩක් කල හැකි බවත් පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා පලාත් සභාවේ වැඩිම මුදලක් පෙන්වන්නේ පඩිනඩි ගෙවීම සඳහා බවයි. පලාත් සභා ක්‍රමය අහෝසි වුවද එම නිලධාරියා රාජ්‍ය සේවයට ඇතුලත් වන නිසා එම වියදම දැරීමට රජ්‍යට සිදුවන බවද පෙන්වා දෙයි.

මේ නිසා පලාත් සභා යන වචනයට කිසිවෙකු අකමැති නම් එය සංශෝධනය කිරිමේ ගැටළුවක් නැතැත් පලාත් සභා ක්‍රමය අහෝසි කරන්නේ නම් ඊට ගැලපෙන වෙනත් විකල්පයක් හඳන්වා දියයුතු බව සිය පෞද්ගලික මතය යැයිද ඇමතිවරයා කිවේය.

– ප්‍රදීප් අනුර කුමාර

10,525 views

19 Comments to “පලාත් සභා අහෝසි කරනවාට විරුද්දයි.. ඔ්න නම් ‘පලාත් සභා’ කියන නම වෙනස් කරමු..”

  1. සියනෑ කෝර⁣ළේ රාලහාමි says:

    සරත් වීරසේකරට කටිටිය වටකරලම ගහනව වගෙයි. දැනටමත් ප්‍රසන්න රණතුංග, SB දිසානායක, බැසිල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරචිචි, විමල් වීරවංශ පලාත්සභා නැති කරනවට විරැද්ධයි. සරත් වීරසේකර ගෝඨාගෙ Man. ඒ ජනාධිපතිගෙ හඬ. අනිත් සෙටිඑක මහින්දගෙ. ඒ අගමැතිගෙ හඬවල්. සරත් වීරසේකරට දේශපාලන අත්දැකීම් අඩුයි. ජාතිවාදය හැර වෙන පුළුල් දැක්මක් ඔහුට නෑ. විමල් වීරවංශට වඩා මනාප ගත්තම මිනිහ උඩගියා. වීරසේකරට දිලාමඩුල්ලෙන් උන වින්නැහියම ⁣කොළඹදිත් වෙයි වගේ.

    • ඩිංගිරි says:

      දැන් මේ රට ප්‍රසන්න රණතුංග, SB දිසානායක, බැසිල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරචිචි, විමල් වීරවංශ යන 5 දෙනාගේ විතරද? නැත්තන් මහින්දගේද? මුළු මහත් ජනතාවම පළාත් සභා එපා කියනවනං මුන්ට ඕනේ දේ කොරන්න මුන් මොක්කුද? ඉන්දියාව උතුරේ උන්ව සනස්සන්න බලෙන් අපේ පුපේ ඔබපු පළාත් සභා මුන්ට ඕනේ කියන්නේ මුන් ඉන්දියාවෙනුයී කොටින් ගෙනුයී ජරාව අරන් වගේ. අපි චන්දෙ දුන්නේ ජනාධිපති තුමා ඉදිරිපත් කොරපු ව්ප්‍රතිපත්ති වලට මිසක් මහින්දටයී කොටින්ටයී ඉන්දියාවටයී කඩේ යන පෞද්ගලික ගේමක් ගහන මුන් වගේ බොරුවට දේශප්‍රේමී අවජාතකයන්ට නෙමෙයී.

  2. mali says:

    He likes this system because he knows how it has helped him to thrive that much and influence every aspect of government officers not allowing them to work correctly.They as provincial ministers release beeshanaya through out the area but did nothing to the province. every thing they developed was low quality project but spent enormous money on the project facilitating to steal large amount for the MPS, Ministers etc.
    We struggled so far to bring Gota into power to dissolve these provincial councils and get a new constitution.

  3. MD says:

    ඇත්තටම ජනපති ගොඨාභය රාජපක්ෂ වගේ ඵක Phone call ඵකෙන් අවුරුදු 20-30 නොකරපු වැඩ,ඇදගෙන ගිය වැඩ පැය 24 ක් තුල කරනවානම් මොකටද මේ පලාත්සභා.නිකන් බඩගොස්තොර වාදී මන්ත්‍රීලාව පොහොසතුන් වෙනවා ඇරෙන්න වෙන මොකක්වත් නැහැ නේ ද?

  4. sinhale le says:

    “රුහුණු – පිහිටි – මායා නමින් රට තුනට බෙදා පාලනය කරමු” එකම පිළියම මෙයයි.

  5. Ruhdtug says:

    Sarath weerasekara… give one word… do not betray the trust we kept in you…

  6. අපේ රට says:

    මුළු මහත් ජනතාවම පළාත් සභා එපා කියනවනං,ගොඨාභය රාජපක්ෂ වගේ ඵක Phone call ඵකෙන් අවුරුදු 20-30 නොකරපු වැඩ,ඇදගෙන ගිය වැඩ පැය 24 ක් තුල කරනවානම් අපි චන්දෙ දුන්නේ ජනාධිපති තුමා ඉදිරිපත් කොරපු ව්ප්‍රතිපත්ති වලට නම් dissolve these provincial councils and get a new constitution.

  7. Saradiel says:

    It is time Sarath Weerasekara is made at least Prime Minister of this country, if not The President. He commands true nationalist and patriotic ideals which most others in govt do not have!