පලාත් සභා අහෝසි කරන්න කියන්නේ NGO කාරයෝ..- පොහොට්ටුව රට වටා ජනහමුවල..

September 20, 2020 at 3:50 pm | lanka C news
පලාත් සභා අහෝසි කරන්න කියන්නේ NGO කාරයෝ..- පොහොට්ටුව රට වටා ජනහමුවල..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පලාත් සභා සංසදය පළාත් සභා මැතිවරණය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් දීප ව්‍යාප්තව පවත්වාගෙන යනු ලබන රැස්වීම් මාලාවේ තවත් එක් මාධ්‍ය හමුවක් නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති ආර්,එම්,එස්,බී,රත්නායක මහතා – “අද පළාත් සභා පිළිබදව සමාජය තුල කථිකාවක් ගොඩ නැගී තිබෙනවා. මෙය පිටුපස ඉන්නේ රාජ්‍ය නොවන සංවිධානයි. උතුරු නැගෙනහිර ප්‍රශ්ණයට විසදුමක් ලෙස මෙරට පළාත් සභා ක්‍රමය ප්‍රචලිත වුනා. පළාත් සභා ගෙනෙන විට එදත් විවේචන එල්ල වුනා. වසර 30 ක පමණ කාලයක් පළාත් සභා ක්‍රමය තුල ජනතාවට සමීප නියෝජිතයින්ගෙන් සැදුම් ලත් ආයතනයක් ලෙස පළාත් සභා හැදින්විය හැකියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබෙන කල් මෙය වෙනස් වෙන්න බැහැ. වෙනස් කරනවා නම් 13 ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. එසේ වෙනස් කරන තෙක් පළාත් සභාව තිබිය යුතුයි. එය වෙනස් කළ නොහැකියි. වෙනස් කරනවා නම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා අළුතෙන් පනතක් ආ යුතුයි. නැතිනම් උතුරු නැගෙනහිර ගැටළුවට විසදුමක් දිය යුතුයි. එසේ නොකොට යම් කිසි පිරිසක් උත්සාහ ගන්නවා පළාත් සභා අහෝසි කිරිමට.

2018 පසුගිය යහපාලන ආණ්ඩුව මැතිවරණය තිබ්බේ නැහැ. අද එම නිසා රට තුල බරපතල ප්‍රශ්ණයක් ඇති වෙලා තිබෙනවා. අපි පළාත් සභා මැතිවරණයට ඉල්ලනවා ද නැද්ද යන්න තීරණය කරන්නේ ඒ ඒ පක්ෂ. අපි කෑදරකමේ ඉන්නවා නොවෙයි. අපි මැතිවරණයට ඉල්ලන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්”

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති ආර්,එම්,එස්,බී,රත්නායක මහතා, මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සත්තිවේල් මහතා, දිලීප් කුමාර් හිටපු මන්ත්‍රීතුමා (ලංකා කම්කරු කොංග්‍රසය), අඹගමුව ප්‍රාදේශීය සභා සභාපති ජයන්ත පෙරේරා මහතා, නුවරඑළිය තරුණ බල මණ්ඩලයේ සභාපති ඉන්දික රත්නායක යන මහත්වරුන් එක්ව සිටියහ.

– විරාජ් අබේසිංහ

15,863 views

20 Comments to “පලාත් සභා අහෝසි කරන්න කියන්නේ NGO කාරයෝ..- පොහොට්ටුව රට වටා ජනහමුවල..”

  1. ප්‍රභාකරන් says:

    පලාත් සභා අපට එපා. දේශපාලන හෙංචයියන් ඇති දැඩි කරන්න හදපු එකක්. ඉන්දියාවේ උගුලක්. ඊට හොඳයි දිස්තිරික්ක මට්ටමේ බලය බෙදාහැරීම පාර්ලිමේන්තුවට වග කියන ක්‍රමය කට

  2. Kalana says:

    අයින් කල යුතුය, රටට බරක්, අපි චන්දය දීමෙන් වලකිනවා.

  3. රත්න අප්පුහාමි says:

    අම්මට සිරි..
    යකෝ ගෝඨාභය මැතිතුමා, දිනවල එතුමට ගැලපෙන පාර්ලිමේන්තු මංත්‍රී වරු පත් කරන්න ඡන්දය දුන්න මම NGO කාරයෙක් එතකොට …

    අනේ මේ ඔය පළාත් සභා ලබ්බ හෙනාවෙ ඉන්දියාවේ ඕන කමට. ප්‍රභාකරන් නිරායුධ කරන්න ඕනෙ නම්. පළාත්සභා ගේන්න කියල ඉන්දු ලංකා ගිවිසුමකින් බලකලා
    ඒ මගුල බල කරපු රාජිව ගාන්ධි ලංකාවේ දි ගුටි කෑවා.
    ප්‍රභාකරන් ඉන්දියාවේ දීම ඌව මැරුවා.

    පළවෙනි පළාත්සභා ඡන්දයට විරෝධා පා ශ්‍රිලනිප ඡන්දය ෛල්ලුවෙ නෑ.
    ඒකෙන් වාසි අරන් චන්ද්‍රිකාලගෙ බනිස් ( බහුජන නිදහස් පෙරමුණ ) පෙරමුණ JR ට පුක දීල ඡන්ස්ජය ඉල්ලල පළාත් සභා විපක්ෂය වුණා. හැබැයි ඒ පළ්මු ඡන්දය උතුරේ තිබ්බෙ නෑ.. කිසි අවුලක් නැති අපේ. ප්‍රදේශවලට තමා තිබ්බෙ.
    JR ශ්‍රිලනිප කඩන්න බනිස් පෙරමුණට පජෙරෝ දීල උඩින් තියන්න ගත්ත.

    ප්‍රභාකරන් මරල යාපනය ඇතුලු උතුරු නැගෙන හිර හදල පළාත්සභා ඡන්දය තිබ්බෙත් මහින්ද ‍රාජපක්ෂ ජනාධිපති වෙලා.

    දේශපාලන වාසි තකා තොපි ඔය නොදන්න මගුල් කියවන්න එපා. පළාත්සභා ඉල්ලන තොපි තමා NGO එක්ක සම්බන්ධ.

    • නයා says:

      කන්න ඕනේ උනාම කබරයාත් තලහොයා වෙනවලු.දැන් අපියි එතකොට NGO කාරයෝ
      ඔව් අපි NG නම් තමයි තාම සංවිධානාත්මක නැති නිසා O නෙවෙයි.
      හැබැයි මෙහෙම ගියොත් අපිත් හොඳින් සංවිධානය වෙලා ඔරගනයිස්ඩ් තත්වයට ඒවි,

      පොහොට්ටුවේ පළා බබ්බු ටිකට සූදානම් වෙන්න වෙයි අපිට මුහුණ දෙන්න

  4. හෙලයා says:

    පලාත් සභා චන්දය දිමෙන් වැලකී සිටිමු.. එවිට පලාත් සභා නිකම්ම අහෝසි.. ජනතාව තමාටම හෙනයක් වෙලා තියෙන පලාත් සභා සදහා තම චන්දය පාවිච්චි කලයුතු නැහ..අලුතෙන් හිතමු. ක්‍රමය වෙනස් කරමු.

  5. සිරිසේන 2 says:

    අවශ්‍ය වන්නේ පලාත්සභා සුදු අලියා නෙවෙය් කොට්ටාසයේ සංවර්ධනය ට ජනතා ජන්දයෙන් පත්වන පාර්ලිමේන්තු මංත්‍රි වරයෙකුය්

  6. Tharaka says:

    පලාත්සභා එපා කියල මිමිනිසුත් කියනාව. මෙවෙනකන් අයතන පිහිටෙව්වා කියල වෙච්ච දෙයක් නෑ. ව්‍යාපෘතියක් කරන කොට යන පගව වැඩි වෙන එක විතරයි. පර්ලිමෙන්තුවෙත් 225ක් වැඩි ඒකත් අඩු කරන්න ඕනෙ. ප්‍රාදේශීය සභා ඕනෙත්නෑ රාජ්‍ය නිලධාරි හරහා වැඩ කරගන්න පුලුවන්. හරි නියාමන ක්‍රමයක් විතරයි ඕනෙ.

Main News