පලාත් සභා එපා යයි කිසිවෙකුට කියන්න බෑ.. සුළු පිරිසක් එපා කීවාට බහුතරය කැමතියි.. 13 අහෝසි කරන්න බෑ..

September 29, 2020 at 4:40 pm | lanka C news
පලාත් සභා එපා යයි කිසිවෙකුට කියන්න බෑ.. සුළු පිරිසක් එපා කීවාට බහුතරය කැමතියි.. 13 අහෝසි කරන්න බෑ..

13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව රටේ නායකයින් ජනතාව වෙත වැරදි අර්ථකථනයක් ලබාදී ඇති බවත් එම සංශෝධනයෙන් බලය බෙදීම සිදුවන්නේ යාපනය වව්නියාවට පමණක් නොව ගාල්ල හම්බන්තොට හා රටේ සියලූ පළාත් හා දිස්ති‍්‍රක් වලට බව ජනතාව තේරුම් ගත යුතු බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙරට බලය විමධ්‍යගත කිරීම වෙනුවෙන් පවතින වැදගත්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය වන්නේ 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවයි.
13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් කි‍්‍රයාත්මක කළ යුතු යැයි ඉන්දීය ආග‍්‍රමාත්‍යවරයා පසුගියදා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මනෝ ගනේෂන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සදහන් කළේය.

ත්‍ම් පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මන්තී‍්‍රවරයා මෙසේද කීය.

ශී‍්‍ර ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් තිබෙන වැදගත්ම සංශෝධනය වන්නේ 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. එම සංශෝධනය කවරෙකු හෝ සිතනවා නම් ක්ෂිණිකව ඉවත් කළ හැකි යැයි එය වැරදි උපකල්පනයක්.

මෙහිදි වැදගත්ම කාරණය වන්නේ බලය බෙදීමයි . බලය බෙදීම කියු සැනින් බොහෝ පිරිස් තේරුම් ගන්නේ සිංහල හා දෙමළ ජනතාව අතර බලය බෙදා හැරීමක් ලෙසයි. එවැනි බලය බෙදා හැරීමක් මෙතන සිදු වන්නේ නැහැ.

කොළඹට කෙන්ද්‍ර වි තිබෙන බලය සියලූ පළාත් වලට ගම් වලට බෙදා දිය යුතුයි. යාපනය මඩකළපුව කිළිනොච්චියට මෙන්ම ගාල්ල මාතර හම්බන්තොටත් බලය බෙදා හැරිය යුතුයි. එයයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ . 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වන්නේ එයයි. නමුත් සාමාජයට මෙම සංශෝධනය පිළිබද තිබෙන්නේ වැරදි අර්ථකථනයක්.

වර්තමානයේ බලයේ සිටින ජනාධිපතිවරයා අගමැතිවරයා පමණක් නොවෙයි කාලයක් තිස්සේ මේ රට ආණ්ඩු කළ නායකයෝ කොළඹට කේන්ද්‍රවී තිබෙන මේ බලතල පළාත් වලට ගම් වලට බෙදී යනවාට අකමැති වුණා. ඔවුන් කැමති නැහැ තමන් සතුව පවතින බලය යාපනව වව්නියාව වේවා හම්බන්තොට ගාල්ල වේවා එම දිස්ති‍්‍රක්ක වලට පළාත් වලට බෙදී යනවාට.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වුවත් අපට 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව කතා කිරීමේ හැකියාව තිබෙනවා. ඒ සදහා සාකච්ඡුාවක් අවශ්‍යයි.

ආණ්ඩුවේ වේවා විපක්ෂයේ වේවා හිතෙන හිතෙන අයට මේ 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ප‍්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නැහැ. පළාත් සභා එපා යැයි ප‍්‍රකාශ කරන්නත් බැහැ. කිහිප දෙනෙකු පළාත් සභා ප‍්‍රතික්ෂේප කළාට අතිබහුතරය පළාත් සභා අවශ්‍ය බවට පිළි ගන්නවා. මේ අවස්ථාවේ 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා එපා එපා කියනවා වෙනුවට ආණ්ඩුව කළ යුතුව ඇත්තේ ඒ සම්බන්ධයෙන් යම් ස්ථාවරයකට එමට කටයුතු කිරීමයි.

පසුගියදා අග‍්‍රමාත්‍ය මහින්ද රජාපක්ෂ මහතා හා ඉන්දීය ආග‍්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවැති ද්විපාර්ශවික සමුළුවේදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබුණේ 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් කි‍්‍රයාත්මක කිරීම හා දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට කටයුතු කළ යුතු බවයි.

– මාධ්‍ය අංශය

7,661 views

15 Comments to “පලාත් සභා එපා යයි කිසිවෙකුට කියන්න බෑ.. සුළු පිරිසක් එපා කීවාට බහුතරය කැමතියි.. 13 අහෝසි කරන්න බෑ..”

  1. Mohan says:

    දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට කටයුතු කළ ඉටුකල යුත්තේ දෙමලගේ තමිල්නාඩුව මිස සිංහලයාගේ ශ්‍රී ලංකාවනොවෙයි.

  2. JUDE says:

    ගෙදර බල්ලන් ස්වාමියා පාලනය කිරීමට දරන උත්සාහයක් වගේ ..ගනේෂන් ජාතිවාදී දෙමිළ ත්‍රස්තවාදියෙක් …අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීම සුළුජාතීන්ට අයිතියක් නැහැ .මේ සිංහල ජාතියේ එකම මව් බිමයි …මේ කාලකන්නින්ට අපේ රටේ පුරවැසි භාවය දීපු එකේ විපාක තමයි මේ

  3. හිටන්ගෙදර අප්පුහාමි says:

    අතීතයේදී රට කොටස් තුනකට බෙදල යුවරජවරැ තුන්දෙනෙක් යටතේ පාලනය කලබව අැත්ත. එ් යුවරජවරැ හැටියට පත්කලේ රජතුමාගේ පුතුන් නැතිනමි සහෝදරයො. එහෙම කරන්න වුනේ ගමනාගමන, සංනිවෙිදන අපහසුතාවයන් නිසා. දැන් එහෙම අවශ්‍යතාවයක් නැහැ. දෙවුන්දරතුඩුවෙ ඉදලා පේදුරැතුඩුවට පැය 6 නැත්නමි 8යි. රටෙි ඔිනෑම තැනක සිදුවන දෙයක් එ් මොහොතේම බලන්න පුලුවන්. මෙි පුංචි රට කෑලිවලට කඩල පාලනය කරන්න අවශ්‍ය නැහැ. ජනමතවිචාරනයක් තියල බලන්න මහජන මතය.

  4. Nawas says:

    කොහොමත් දකුනෙ ඉන්න මිනිස්සු බලය බෙදන්න ඉල්ලුවෙ නෑනෙ. මේ පුංචි රටේ මොනවටද ප්‍රාන්ත හදන්න යන්නෙ. මේකෙදි බලන්න ඕනැ තවදුරටත් අපි ත්‍රස්තවාදීන්ට ඕනැ විදිහට වඩකරනවද කියලයි. උතුරු නැගෙනහිරින් පාරලිමේන්තුවට කවුරුත් ඇවිත් නෑ ඒ ප්‍රදේශ වල මිනිස්සුන්ගෙ ඕනැ එපාකම් බලන අය.

  5. UNP-GALIBBA says:

    JR නානා රටට කොරපු කොඩීවිනේ තමා දෙමලුන්ට පුරවැසි බාවය 60000 දුන්න එක ඊටපසුව තමා දෙමලා අපිට කෙලවන්න හදන්නේ?????

Main News