පලාත් සභා ඡන්දය කල් දැමීමට ගත් වැරදි පිලිවතට විරුද්ධ නඩුව විභාගයට විනිසුරු මඩුල්ලක්…
November 17, 2017 at 12:40 pm | lanka C news
පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්මත කර ගත් ක්‍රියාමාර්ගය නිසා මැතිවරණයක් පැවැත්වීම සිදු නොවීමෙන් පුරවැසියන්ගේ පරමාධිපත්‍ය අයිතිය උල්ලංඝණය වන්නේ යයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක්ම පසුගිය දිනවල ගොනු කරනු ලැබිය.
ඒ දැනට මැතිවරණය නොපවත්වා පලාත් සභා අක්‍රීය වී ඇති උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර සඳහා ය.
එම පෙත්සම විභාග කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කලේ ය. ඒ 5 දෙනෙකුගෙන් යුක්ත ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ ය.
එම පෙත්සම නොවැම්බර් 27 වෙනිදා විභාග කිරිමට නියමිතය. Link
බඩුත් නඩුත් දෙකම හාමුදුරුවන්ගේ, අන්තිමේදී යහාපාලන නරියන්ගෙ නඩුව බරක් වෙයිද දන්නේ නැහැ.